අද දිනයේ තෝරාගත් කොටස් සඳහා ඉල්ලුමක් ඇති විය හැකිය. පසුගිය සතියේ දර්ශක පහත වැටුණු අතර එය ආවරණයවීමට බොහෝ දුරට ඉඩ තිබේ. සියලු කොටස් මිල ඉකුත් ගනුදෙනු දිනහතර තුළ සියයට 0.4 කින් හා එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය සියයට 1.2 කින් පහත වැටීමක් වාර්තා කළේය. දෛනික පිරිවැටුම සාමාන්‍ය රුපියල් බිලියන 3.89 ක් වූ අතර එය පසුගිය මාසයේ සාමාන්‍ය පිරිවැටුම රු. බිලියන 6.8 ට වඩා අඩුවීමකි. වෙළෙඳපොළ උණුසුම තරමක් අඩුවීම මෙම ස්වභාවය සඳහා බලපා තිබේ. මේ අතර විදේශ මිල දී ගැනීම් සඳහා උනන්දුවක් ඇති වෙමින් පවතින බව ඉකුත් සතියේ අවසන් ගනුදෙනු දිනයේ ශුද්ධ මිලදී ගැනීම් රු. මිලියන 27 ක් වශයෙන් සනිටුහන් කිරීමෙන් නිරීක්ෂණය කළ හැකිය.
සියළු කොටස් මිල දර්ශකය (අගෝ. 07) ඒකක 19,826.57 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 21.77 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,825.39 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 2.46 ක සුළු පහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 3.26 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 29,759 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 115.08 ක් විය. සමාගම් 139 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 105 කි.
දිනයේ ආරම්භයේ දී වර්ධනයක තිබුණ වෙළෙඳපොළ පසුව වඩා ඉල්ලුමක් රහිත සාමාන්‍ය උච්ඡාවචනයක පැවැති අතර ඉසුරුමත් සමාගම්වල කොටස් ඉල්ලුම අඩු වී ඇත. සමාගම් ගණනාවක කොටස් මිල පසුගිය කාලයේ ඉහළගිය අතර උපරිම අගයකට පැමිණ තිබේ.
ජෝන් කීල්ස් රු. මිලියන 179 ක්, ප්‍රයිම් ලෑන්ඞ් රෙසිඩන්ට් රු. මිලියන 134 ක්, ගෝල් ෆේස් කැපිටල් රු. මිලියන 116 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 111 ක්, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 102 ක්, ෂෝ වොලස් රු. මිලියන 98 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටස් මිලට ඉල්ලුමක් ඇති විය හැකි පසුබිමක්