පළාත් පාලන ඡන්දය හේතුවෙන් අද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පස්වරු 12.30 තෙක් පමණක් සීමා කෙරෙනු ඇත. මැතිවරණ පූර්ව මිල දී ගැනීම් ඊයේ (මැයි 05) නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ වෙළෙඳ පොළ හැසිරෙන ආකාරය අනුව ඇතැම්විට සියලු කොටස් මිල දර්ශකය ඉකුත් මාර්තු මාසයේ මැද තිබුණ වාර්තාගත ස්ථානය කරා ළඟාවීමට ඉඩ තිබේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,916.69 ක් වූ අතර එය දර්ශක 64.95 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,664.82 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 26.53 ක පිරිහීමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 15,268 ක් වාර්තා වූ අතර සමාගම් 139 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 87 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 1,982.99 කි.
ජෝන් කීල්ස් රු. මිලියන 281 ක්, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 98 ක්, පෑන් ඒෂියා රු. මිලියන 78 ක්, වැලිබල් වන් රු. මිලියන 67 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 66 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 63 ක්, ජැට් හෝල්ඩිං රු. මිලියන 56 ක්, පැරක්වෙට් රු. මිලියන 52 ක් සන්ෂයින් හෝලිඩිං රු. මිලියන 47 ක් සහ ඩී.එෆ්.සී.සී. කේබල් රු. මිලියන 47 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd