රට තුළ කටුපොල් වගාව තහනම් කිරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව මේ වනවිට අධිකරණය වෙත නඩු හයක් ඉදිරිපත්ව තිබෙන බවත්, එම තහනම ඉවත් කිරීම පිළිබඳ තීරණය කැබිනට් මණ්ඩලය සහ අධිකරණය ලබා දෙන තීන්දු අනුව ඉදිරියේදී සිදු කරන බවත් වතු සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
“ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් සහ අභියාචනාධිකරණයේ නඩු හතරක් විදියට නඩු හයක් මේ වනවිට රජයට එරෙහිව සමාගම් විසින් පනවා තිබෙනවා. ඒත් 2019 සිදු කළ මේ තහනම පැනවීම කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව සිදු කිරීම නිසා නීතිමය ගැටලු‍වක් මතු වුණා. වත්මන් රජය ඊට පත් කරපු 13 දෙනකුගෙන් යුත් විද්වත් කමිටුවේ වාර්තාව දැන් ලැබිලා තිබෙනවා. ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඔවුන් දෙන තීරණය අනුව අධිකරණය ලබා දෙන තීන්දුව යටතේ මේ තහනම ඉවත් කිරීමේ තීන්දුව ගන්න පුළුවන් වෙන්නේ.”