(අජිත්ලාල් ශාන්තඋදය සහ අප්සරා යෝසිත් )
ජනතාවගේ දිළිඳුකම පිටුදැකීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මගින් ගම්මානවල නිෂ්පාදිත ද්‍රව්‍ය අලෙවිය සඳහා කෑගල්ලේ රුපියල් මිලියන 65කින් නොනිදන වෙළඳ උද්‍යානයක් ඉදිකිරීමටත් , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් දෙකේ හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 840ක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) රත්නපුරේදී පැවසීය.
දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩසටහන වූ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමු පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
රත්නපුර නව නගරයේ සබරගමු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී මෙම කමිටු රැස්වීම පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
‘‘ජනතාවගේ දිළිදුකම පිටුදැකීමේ අරමුණු ඇතිව ක්‍රියාත්මක කරන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සබරගමු පළාතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ දරිද්‍රතා මට්ටම් ලංකාවේ සමස්ත දරිද්‍රතා මට්ටම් වලට වඩා ඉහළ බව දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දුන්නා.
දුප්පත්කම තුරන් කිරීම සඳහා ග්‍රාමසේවා වසම් තෝරා ගැනීමේ දී දේශපාලන සම්බන්ධතා සැලකිල්ලට ගත්තේ නෑ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු මත දිළිඳුකම වැඩිම වසම් තමයි තෝරා ගෙන තියෙන්නේ.
ඔබ සැමගේ දායකත්වය සහ කැපවීම ඉතාමත්ම අගය කරනවා. රජය විදියට සැලසුම් සහ ප්‍රතිපත්ති ඉහළින් පටන් ගත්තත්, ප්‍රධාන වශයෙන් ම ඒ කටයුතුවල සාර්ථකත්වය තියෙන්නේ ක්‍ෂේත්‍රය තුල ක්‍රියාකාරිත්වය මතයි.
දිසාලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු ඒ සියලු දෙනාගේ ක්‍රියාරීත්වය මම අගය කරනවා. සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් මේ සඳහා දක්වන සහයෝගය ඉතාම වැදගත්. මේ කාර්යයේ කඩිනම් කිරීමේ වැදගත්කම අපි සෑම කෙනෙක් ම පිළිගන්නවා.
ප්‍රජාවගේ අවශ්‍යතා මත ඔවුන් විසින්ම තීන්දු තීරණ ගැනීමෙන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි මෙහි මූලික පසුබිම් වූ කරුණු විදියට ඔබ අප කවුරුත් දකින්නේ.
දිස්ත්‍රික්ක දෙකෙන්ම ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගැනීමේ දී, කලින් ලබාදුන් මුදල් වගේම දිස්ත්‍රික්ක දෙකටම අදත් මුදල් ලබාදෙනවා . එ වගේම මහජනතාවගේ ස්වේච්ඡා සංවිධාන හා පෞද්ගලික ආයතන කිහිපයක් සමග අපි අද ගිවිසුම් අත්සන් කරනවා.
නොනිදන වෙළඳ උද්‍යානයක් ඉදිකිරීම සම්බන්‍ධව කෑගල්ල දිසාපතිවරයා යෝජනාවක් ගෙනාවා. ඒ සඳහා වැයවන රුපියල් මිලියන 65 මුලු මුදලම ලබාදීමට මම තීරණය කරනවා. ඉන් මිලියන 25ක් මේ සතියේ ම නිදහස් කරන්නම්. ඒ මිලියන විසිපහේ ප්‍රගතිය පෙන්නුවට පස්සේ ඉතිරිය එවන්න පුලුවන්.
ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතිවලට මුදල් ලබාදෙනවා. තව විශේෂිත ව්‍යාපෘති තියනවනම් කියන්න මුදල් ලබාදෙන්නම්. මේ ගැන හැමෝ ම කැපවීමකින් හා අවබෝධයකින් යුතුව ක්‍රියාකරනු ඇතැයි මා විශ්වාස කරනවා‘‘. යැයිද ජනාධිපතිවරයා කීවේ ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොනිදන වෙළඳ උද්‍යානයක් කීවේ පැය 24ම විවෘත්ත වෙළඳ පොලක්ද. එහෙමනම් බලාගෙන ඉන්න රෑ එකට දෙකට මිනිස්සු බඩු ගන්න අහල පහල ගම් වලින් කාර් වලින් එ්වි !!! නැතිනම් කරත්තවලින් ඒවී. කොළඹත් කරගන්න බැරි එක කෑගල්ලේ කොරාවියැ...
මේ රටේ දිළිඳුකම පිටුදකින්න බැහැ හලෝ...
බමුණුආරච්චි වැඩකරන්නේ මේකේ වෙන්න ඕනේ... එ්කයි මෙතරම් රජයට ගොරවන්නේ