IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කුකුළු මස් - ආශ්‍රිත නිෂ්පාදන අපනයනයට දොර විවර වෙයි

 

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්


කුකුළු මස් ඇතුළු ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම වෙනත් අනුමත මාංශ වර්ග සකස් කර අපනයන කිරීමෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් මෙරටට ලබා ගැනීමේ හැකියාව පවතී. 
ශ්‍රී ලංකාව තුළ ගෘහ කර්මාන්තයක් ලෙස මෙන්ම මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරයක්, කර්මාන්තයක් ලෙසද කුකුළු පාලනය බොහෝ කාලයක සිට සිදු කරනු ලබයි. කුකුළු මස් මෙන්ම බිත්තර මිලත් සමග කලින් කලට ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වන කුකුළු මස් ඇතුළු අනෙකුත් අනුමත මස් මාංශ සහ ආශ්‍රිත නිෂ්පාදනය අපනයන කර විදේශ විනිමය ලබා ගැනීමට අපේක්ෂා කරන ව්‍යවසායකයන් සඳහා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නව මගක් විවෘත කර දී තිබේ.
සත්ව නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරව පිළිගත් තත්ව සහතික ලබා දීම සඳහා වන ISO  17025/2017  තත්වය සහතිකය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතු රසායනාගාරය වෙත පිරිනමා තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය මගින් ලබා දී ඇති මෙම සහතිකය නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා පේරාදෙණිය ගන්නෝරුවේ පැවැති සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ අධ්‍යයන ආයතනයේදී සිදු විය. 
මෙම හඳුන්වා දීමේ අවස්ථාවට එක්වූ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය මෙසේ සඳහන් කළාය.
“සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශාල ඉදිරි පියවර මේ වන විට තබල තියෙනවා. සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රසායනාගාරයක් ප්‍රමිති සහතිකය ලබා ගත්තා. මින් ඉදිරියට ඒ අනුව අපට කටයුතු කරන්න පුළුවන්. සත්ව නිෂ්පාදන සඳහා රසායනාගාර පහසුකම් ලබා දෙන එකම රාජ්‍ය ආයතනය අපියි. මෙම රසායානාගර පහසුකම් ලබා දීමේදී සම්මත තත්වය පවත්වාගෙන යාම සඳහා පිළිගැනීම ලබා ගැනීම ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. වර්තමාන රජයේ ප්‍රතිපත්තිය අනුව කුකුළු මස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන්න සූදානම් වෙනවා මේ වෙලාවේ. මේ අපනයන සඳහා අත්‍යාවශ්‍ය තත්වයක් තමයි මේ පිළිගැනීම. මෙම පිළිගැනීම ලබා ගැනීම සඳහා එංගලන්තයෙන් අපට ආධාර ලැබුණා. ඒ වගේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යා පීඨය එකතු වෙලා තමයි මේ ව්‍යාපෘතිය දියත් කළේ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තවත් රසායානාගාර හතරක් සඳහා මෙම පිළිගැනීම ලබා ගන්න. එහෙම වුණාම අපේ තත්ව සහතික සඳහා ලෝකයේ ඕනම රටක් පිළිගන්න තත්වයට පත් වෙනවා. ඒක ඉතාම ඉදිරි පියවරක්. අපි යම් ආහාර ද්‍රව්‍යයක් අපනයනය කරන කොට ඒ ආනයනය කරන රට බලාපොරොත්තු වෙනවා ඒ නිෂ්පාදනවල රෝග කාරක නෑ කියන සහතිකය. අපේ පරික්ෂණාගාරය තුළ පරීක්ෂා කරල ලබා දෙන සහතිකය සම්මත සහතිකයක් වීම තුළ ඉතා වටිනා අගයක් ගන්නවා.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිකා ප්‍රනාන්දු මහත්මිය මෙසේ සඳහන් කළාය.
‘මේක අපි 2020 ව්‍යාපෘතියක් හැටියට ආරම්භ කළා. ඒ අවස්ථාවේදී අපට අවස්ථාවක් ලැබුණා පශු වෛද්‍ය පීඨය සමග ඒකාබද්ධව තමයි පටන් ගත්තේ. මේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළ එංගලන්තයේ රෝයල් වෙට්නරි කොලේජ් (Royal Veterinary  collage ) මේකට රටවල් කිහිපයක සහායත් ලැබුණා. පශු වෛද්‍ය පීඨය සහ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ එක් වීම තුළ තමයි ශ්‍රී ලංකාවේ නියෝජනය ලැබුණේ. මේක කුකුළු කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කරන්න ලැබුණු අවස්ථාවක්. මේකේ විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වුණා. කුකුළු කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රතිපත්ති සකස් කිරීම, කුකුළු කර්මාන්තයට අහිතකර ලෙස බලපාන ක්ෂුද්‍රජීවින් විශ්ලේෂණය කර ගැනීම සහ තවත් අංශ ගණනාවක්. කුකුළු මස් ඇතුළු නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයට යන කොට බොහෝ රටවල් ඉල්ලනව ප්‍රමිතිගත රසායනාගාරයක වාර්තාවක්. ප්‍රමිතිකරණ වාර්තාවක් කියන්නේ ජාත්‍යන්තරව ඒක ප්‍රමිතිකරණයට ලක් විය යුතුයි. අයි.එස්.ඕ. කියන්නේ ඒක. ඒකේදී රසායානාගාරවලට විශේෂිත වූ අංකනයක් තියෙනවා. ඒ 17025 දෙන්නේ රසායනාගාරවලට විතරයි. මේක ජාත්‍යන්තර සහතිකරණයක්. මේකෙන් තමයි මුළු ලෝකයම පිළිගන්න සහතිකරණයක් ලැබෙන්නේ. මේක ඉතාම අත්‍යාවශ්‍යයි අපනයන ක්ෂේත්‍රයට යන විට. මොකද සියලු‍ රටවල් මේ සහතිකය ප්‍රමිතිගත රසායනාගාරයකින් ලැබුණු සහතිකයක්ද කියන එක සහතික කර ගැනීමක් කරනවා. මේ අඩුපාඩුව දීර්ඝ වශයෙන් පසුගිය කාලයේ තිබුණා. ඒ නිසා අපි එක්සත් රාජධානියේ ව්‍යාපෘතියකට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරල මුල්‍ය දායකත්වය ලබා ගත්තා”
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය රුවනි කළුපහන මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ කීවාය.
“පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා පීඨය එංගලන්තයේ රාජකීය පශු වෛද්‍ය විද්‍යාලය සමග එකතු වෙලයි මේකට සම්බන්ධ වුණේ. රාජකීය පශු වෛද්‍ය විද්‍යාලයෙන් පර්‌යේෂණ සඳහා මුදල් වෙන් කරන අවස්ථාවකදී ඉල්ලු‍ම් කරලයි ලබා ගත්තේ. මේකට අපි විතරක් නෙවෙයි ලංකාව සමග ඉන්දියාව,බංගලාදේශය සහ වියට්නාම යන රටවලු‍ත් ඉල්ලු‍ම් කළා. ලංකාවේ වැඩසටහන අපි ක්‍රියාත්මක කළේ පශු විද්‍යා පීඨය සහ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවත් එකතු වෙලා. කුකුළු කර්මාන්තය කියන්නේ අපේ රටේ හොඳට සංවර්ධිත කර්මාන්තයක්. ඒ නිසා ඒකෙන් සමහර විට මිනිස්සුන්ට අහිතකර තත්වයනුත් ඇති වෙන්න පුළුවන්. මේ ව්‍යාපෘතියේ අරමුණ වුණේ ඒ වගේ තත්ව නැති කර ගෙන කොහොමද කුකුළු කර්මාන්තය දියුණු කරන්නේ කියන එකයි. මේ සඳහා ක්‍රම කිහිපයක්ම යෝජනා වුණා. අපි මුලින්ම අපේ රටේ වර්තමානයේ පවතින කුකුළු කර්මාන්තය පිළිබඳව විශාල අධ්‍යයනයක් කළා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා වන විදිහට කොහොමද මේ නිෂ්පාදන සිදු කරන්නේ කියන එක ගැනත් බැලු‍වා. එතැනදි අපට දැනුණා ප්‍රමිතිකරණය කරන ලද රසායනාගාරයක අවශ්‍යතාව. 
පශු වෛද්‍ය පර්‌‌‌යේෂණ ආයතනයේ ශාඛාණු විද්‍යා සහ ව්‍යාධි විද්‍යා අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය රොෂාන් ප්‍රියන්ත මෙසේ පැවසීය. 
‘මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීමේ අපේ අරමුණ මේ වන විටත් සිදු කරන තත්ව පරීක්ෂණ විධිමත්ව සිදු කිරීමයි. අපනයනය සිදු කරන ව්‍යවසායකයන්ට ඉතාමත් කාර්යක්ෂමව සහ විධිමත්ව රසායානාගර පරීක්ෂණ කර දීම මෙහි අරමුණයි. අපනයනය මගින් විදේශ විනිමය ලබා ගන්නේ ශ්‍රී ලංකාවටයි ඒ නිසා ඒ කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ප්‍රමාදයකින් තොරව ප්‍රමිතියානුකූලව ලබා දීම අපේ අරමුණයි.”
කුකුළු මස් ඇතුළු ආශ්‍රිත නිෂ්පාදන, සහ අනෙකුත් අනුමත මස් මාංශ වර්ග අපනයනය කර විදේශ විනිමය ගෙන එන ව්‍යාපාරිකයන්ට සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය පර්‌යේෂණ ආයතනය වෙත ලබා දී ඇති මෙම අයි.එස්.ඕ. 17025- 2017 සහතිකය මාහැඟි දායාදයක් වෙයි.

 



අදහස් (0)

කුකුළු මස් - ආශ්‍රිත නිෂ්පාදන අපනයනයට දොර විවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16919 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site