(කාංචන කුමාර ආරියදාස)
ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද එළදෙනුන් පිළිබඳව සත්ව නිරෝධායන සාම්පල පරීක්ෂණ කිරීමේදී එම සතුන් රෝග රැසක් සමඟ පැමිණි සතුන් බවත් මෙම රෝගය නිසා මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායි සතුන්ගේ අක්මාව ආසාදනය වීමේ බරපතළ ප්‍රශ්නයක් පවතින බවත් පශු පර්යේෂණ අංශය පරීක්ෂණ වාර්තාව එළි දැක්වමින් රජයට දැනුම් දී තිබේ.
මෙම නිල වාර්තාව පශු සම්පත් අධ්‍යක්ෂ පශු පර්යේෂණ වෛද්‍ය එස්. එස්. පී. සිල්වා මහතා විසින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් වෙත මෙය පසුගිය පෙබරවාරි මස 14 වන දින බාර දෙනු ලැබීම විශේෂත්වයකි.
දේශීය කිරි කර්මාන්තයට සහනාධාර ලබාදීම යටතේ ඕස්ට්‍රේලියාවෙන් පසුගිය වසර කිහිපයේම එළදෙනුන් මෙරටට ආනයනය කර බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුවී තිබිණි. මෙම සතුන්ගේ සත්ව නිරෝධායන සාම්පල පරීක්ෂණ ප්‍රතිථිලය අවසාන වාර්තාව පසුගිය අප්‍රේල් මාසයේදී දෙවැනි වරට ලබා දී තිබේ.
ඒ වනවිටත් සතුන් විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වා අවසන්ව ඇති බව එහි සදහන් වෙයි .
පශු පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස් .එස්. පී. සිල්වා මහතා විසින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2018 පෙබරවාරි මස 14 වන දින ලිඛිතව ලබා දී ඇති පරීක්ෂණ ප්‍රතිඵලය මෙසේ සඳහන් කොට තිබේ.
ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද එළදෙනුන් පිළිබඳව සත්ව නිරෝධායන සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අවසන් වාර්තාව
2018 ජනවාරි 29 දින මා විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවට වැඩිමනත් වශයෙන් අවසාන වාර්තාවේ ප්‍රවේශම සහගත ලෙස සලකා බැලීම සඳහා මේ සමග අමුණා ඇත. රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව පහත සඳහන් නිරීක්ෂණ ඉදිරිපත් කරමි.
01. අතුරු වාර්තාවේ ඉස්මතු කර දක්වන ලද පරිදි සැපයුම්කරු විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාපටිපාටිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට පැහැදිලි ලෙසම සාක්ෂි සහිතව හෙළිදරව් වන අතර සුදුසු පියවර නොගන්නේ නම් මෙම තත්වය අනාගතයේදී ශ්‍රී ලංකාවේ පසු සම්පත් කර්මාන්තයට බරපතළ හානියක් සිදු කළ හැකිය.
02. .පරික්ෂා කරන ලද එළදෙනුන්ගෙන් ලබාගත් රුධිර සාම්පලවල Bovine viral diarrhea නම් පාචන රෝග ප්‍රතිදේහ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී .B V D යනු ගවයින් ආශ්‍රිත පවතින ආර්ථිකයට අහිතකර ලෙස බලපාන රෝගයක් බැවින් පහත සඳහන් කඩිනම් පියවර යෝජනා කරමි.
2.1 ආනයනය කරන ලද සියලු සතුන්ගේ එන්නත් කිරීම පිළිබඳ පූර්ව වාර්තාවක් කඩනමින් ලබාගැනීම,
2.2 .B V D පාචන රෝගය පවතී යැයි හඳුනාගෙන ඇති දෙනු සඳහා ගෙන ඇති පියවර සහ රෝග බෝ වූ සතුන් නැව්ගත කිරීමට පෙර වෙන් කරන ලද්දේ ද.
2.3 දැනට සතුන් රඳවාගෙන ඇති ගොවිපළවලින් ප්‍රවාහනය කිරීමට ප්‍රථම සියලුම සතුන් ඉහත පාචන රෝගීන් ආසාදිත වී ඇති ද යන්න සොයා බලා කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා රෝගය වැලඳී ඇති සතුන් විනාශ කළ යුතු වේ.
03 . fasciola heptica නම් රෝගය මනුෂ්‍යයන් ඇතුළු ක්ෂිරපායි සතුන්ගේ අක්මාව ආසාදනය කරයි. මෙම රෝගය දැනට ශ්‍රි ලංකාව තුල හඳුනාගෙන නොමැති බැවින් මහජන සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාමාර්ග තදින්ම පිළිපදින ලෙස නිර්දේශ කරනු ලැබේ.
අතුරු වාර්තා මඟින් අවධාරණය කරන පරිදි B V D වෛරසය ආසාදනය වූ සතුන් පවතින බව සොයා ගත් පසු ඒ පිළිබඳව ප්‍රමාදවී වාර්තා කිරීම ශ්‍රී ලංකාවේ පශු සම්පත් කර්මාන්තය ද පිරිමැසිය නොහැකි හානියක් සිදුවිය හැකි තරමේ බරපතළ අතපසුවීමකි .
එබැවින් පසු සම්පත් කර්මාන්තයට සහ මහජන සෞඛ්‍යයට විය හැකි හානිය අවම කිරීම සඳහා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පශු පර්යේෂණ සත්ව සෞඛ්‍ය පශු වෛද්‍ය නියාමන සැලසුම් සහ ආර්ථික සහ පශු පර්යේෂණ අධ්‍යක්ෂකවරුන් සහ අදාළ රසායනාගාර විශේෂඥයන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිමි.
සුදුසු පියවර ගැනීම සඳහා මෙම දෙනුන් ආනයනය කළ ආනයනකරු වන ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශ ලේකම් දැනුවත් කළ යුතුවේ .
( වෛද්‍ය එස්. එස්. පී .සිල්වා අධ්‍යක්ෂ පශු පර්යේෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ හැමපාරකම වෙනවනේ. හොඳ ගානක් ගහ ගන්න පුළුවන් නිසා හැමපාරකම කිරි දෙනුන් ගෙන්වන්නේ ඔස්ට්‍රේලියාවෙනුයි නවසීලන්තෙනුයි. කිරිසප්පයගේ ඉදන් දන්නවා අපිට පිටිකිරි එවන රටක් කවදාවත් අපේ රටේ කිරි කර්මාන්තය නගාසිටුවන්න උදව් නොකරන බව. ඒ දන දැනත් තවමත් ඒ වැඩේම වෙන්න මොනතරම් ගසා කෑමක් කනවා ඇත්ද. මේ රටේ ගොඩක් ඉන්නේ ඔය කිරි දෙනුන්ටත් වඩා අන්ත පිරිසක්. මේ තරම් දුෂිත රාජ්‍යයක් තවත් ඇතිද??
සතික ඇත්ත.......ඔය හදන්නේ හැම පාරකම කළා වගේ ඔය කිරි එල දෙනුන් පිට පාරෙන් පුද්ගලික ගොවිපොලවලට දෙන්න ඇමති වරුන්ගේ
පශු සම්පත් මණ්ඩලේ උසස් නිලධාරීන්ට වැඩ කරන්න දෙන්නේ නැත, නීතයට අනුව, දේශපාලකයන්ට ඕන විදිහට ට තමයි කටයුුතු කරන්න වෙන්නේ........ පස්සේ ඔක්කොම විනාශ කරලා, නිලධාරීන්ට වරද පටවනවා.
අනේ අපේ රටට ගිය කලක්. මේ හොරු ටික එලවනකම් රටට සෙතක් නැහැ.
ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ සහ රාජ්‍ය නිලධාරීන් අන්තිම දුෂිතයි ............. ලංකාවේ මිනිස්සු හරිම අසරණයි ... ලොකු මිනිස්සුන්ගේ මේ වගේ ජාවාරම් කොච්චර තියනවද ?ලංකාව කොහාටද මේ අරගෙන යන්නේ ..කෘෂිකර්මය බේත් සහ පොහොර වලින් විනාශ කල...ලෝකේ තියෙන හැම ජහ හා ජරා කමක්ම ලංකවට ගේනවා ඊට පස්සේ ඒවාට බේත් ටික ගේනවා ...මේ ලොකු මිනිස්සුන්ට ලංකාවට හෙන ගැහැව්වත් කමක් නැහැ උන් දැනටම වෙන රටවල පදිංචිය තහවුරු කරගෙන ඉන්නේ ...
කාරණාව පැහැදිලියි...ඔස්ට්‍රලියාවෙන් ලෙඩ තියෙන සත්තු පිට කිරීම එක අරමුණක්. අනිත් එක උන් ලංකාවට ආවම අපේ සත්තුන්ටත් ලෙඩ බෝ වෙලා අපේ කිරි කර්මාන්තය අඩපන වෙනවා..නියම ආධාර ක්‍රම. අපි අනේ මන්ද තාමත් මේවට අහු වෙනවනේ
දියවන්නාවට දැක්කුවානම් නරකද ? එතන ඉන්නවා ඒවගේම කට්ටියක්
මමත් ඉන්නේ මේ රටේ තමා. මේ රටට කිසිම දෙයක් පරීක්ෂාවකින් තොරව ගෙනෙන්න දෙන්නේ නැහැ . අයි අපේ ලංකාවේ අදාල අංශ වලට මෙක කරන්න බැරි. කරුණාකරලා මේ සතුන් පරීෂණ වාර්තා සමග ආපසු යවන්න . රට ගැන හිතන්න , රට ගැන හිතන්න .
මෙය අපේ රටේ ඉතිරිවෙලා ඉන්න දේශිය කිරි එල දෙනුන් ටික විනාස කරන්න ඕනෑකමින්ම එවෙනවා වෙන්ට පුළුවන්.
එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් මොකද ඒක ඔස්ට්‍රේලියාවට දන්වලා හේතු අහන්නේ නැත්තේ?
ව්‍යාපෘතියේ අඩුපාඩු තියෙනවා. හැබැයි විසඳගන්න පුලුවන් ඒවා. මේ රෝග ගැන වෙනම කමිටුවක් පත් කරල ඒ අයගෙ උපදෙස් ඇතුව තමයි කරන්නෙ. ඔය කියන කමිටුවේ මේ මහත්වරුනුත් ඉන්නවා. හැබැයි අපිට පේන්නෙ නැති දේ තමයි ලංකාවෙ ලොකුම කිරිපිටි ආනයන කරු මුල ඉඳලම මේක නවත්වන්න හැදුව කියන එක. මෙයාලත් ඒ අයගෙම ඉත්තො තමයි.
ඔස්ට්‍රේලියාව අපේ ඇපල් වගාවත් විනාස කෙරුවා
දැන් ඉතින් අස්වයා පැනල ගිහිල්ල ඉවරයි ඉස්තාලේ වහගන්න
අද ප්‍රවෘත්ති වල තිබුනා නවසීලන්තයේ රෝග සහිත හරකුන් 150000 මරන්න නියම කරලා