භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ලෙස සිය නම වෙනස් කරන බව ප්‍රකාශ කර සිටියි. ඒ අනුව මැයි 09 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නම් වෙනස් කිරීම සිදු කර තිබේ.
මෙහිදී 2007 අංක 07 දරණ සමාගම් පනතේ අටවැනි වගන්තියේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙලෙස සමාගමේ නාමය වෙනස් කළ බව ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.
ජනශක්ති සමූහයෙහි පරිපාලිත සමාගමක් වන ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 93,644,438ක් එනම් සියයට 44.36ක් හිමිව ඇත්තේ ජනශක්ති ලිමිටඞ් සමාගමටයි. එසේම තවත් කොටස් 90,000,000ක් එනම් සියයට 42.63ක් සෙලාන් බැංකුව/ජනශක්ති ලිමිටඩ් (සමපාර්ශ්වික) ගිණුමට හිමිව තිබේ.
1981 වසරේදී ආරම්භ කෙරුණු ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මේ වනවිට කල්බදු, ස්ථාවර තැන්පතු, රන් ණය, මෙන්ම ඉස්ලාමිය මූල්‍ය යනාදී සේවා ලබාදෙයි. පසුගිය වසර වන විට එම සමාගම සතුව ලංකාව පුරා ශාඛා 35ක සංඛ්‍යාවක් පැවතුණි.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔරියන්ට් ෆිනෑන්ස් ජනශක්ති ෆිනෑන්ස් වෙයි