ඔක්තෝබර් මාසයේ මුල් දින 25 තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 136,093ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දෛනික සංචාරක පැමිණීම්හි සාමාන්‍යය සංචාරකයන් 5,444 කි. පැමිණි සංචාරකයන් අතරින් 51,424ක් එනම් සියයට 38ක් ඉන්දියානු සංචාරකයන්ය. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 10,117ක් සහ චීනයෙන් 9,411ක් ලෙස සංචාරක පැමිණීම් සටහන්ව ඇත.
මේ අතර වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 25 වැනිදා දක්වා ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,829,772ක් ලෙස සටහන්ව තිබේ. මෙම සංචාරකයන් අතරින් 488,838ක් ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන්ය. එසේම එක්සත් රාජධානියෙන් 170,844ක් සහ චීනයෙන් 121,961ක් ලෙස සංචාරකයන පැමිණීම් සටහන්ව ඇත. මිට අමතරව ජර්මනියෙන් 103,547ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 93,833ක් පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd