
ගාලු දිසාවේ ඉහළම තේ අලෙවි කරන්නා ලෙස එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය තේරී පත්ව ඇතැයි එහි සභාපති අරුණ ද සිල්වා මහතා කියයි.
සිය තේ කර්මාන්ත ශාලාවේ තේ කිලෝග්‍රෑමයක අගය රුපියල් 1,453.55 ක් ලෙස සටහන්ව ඇති බවද අරුණ මහතා කීය.
එමෙන්ම මේ වනවිට ගාලු දිසාවේ තේ දලු කිලෝග්‍රෑම් එකකට ඉහළම මිලක් ගෙවනුයේද සිය කර්මාන්ත ශාලා සමූහයට අයත් රෑකඩහේන තේ කර්මාන්ත ශාලාව බවද අරුණ මහතා පැවසීය.
කුඩා තේ වතු හිමියන් 2,000ක් පමණ තම කර්මාන්ත ශාලාවට දලු සපයන බවත් කර්මාන්ත ශාලාවට අනුබද්ධ රජයේ අනුමත තේ පැළ තවාන්ද ක්‍රියාත්මක කරමින් ගුණාත්මක තේ පැළ වාර්ෂිකව 6,50,000ක් පමණ තේ වගාකරුවන්ට නිකුත් කරන්නේ සිය තේ කර්මාන්ත ශාලා සමූහයෙන් බවද අරුණ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd