IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


එල්.ටී.එල්. ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට ලෝක සම්මානයක්

සුජිත් හේවාජුලිගේ

එල්.ටී.එල්. ට්‍රාන්ස්ෆෝමර්ස් (LTL Transformers) පෞද්ගලික සමාගම ලෝක මට්ටමේ (World-Class Category) කාණ්ඩය යටතේ ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මානය හිමි කර ගත්තේය.

මෙම සම්මානය හිමිවුණේ චීනයේ බීජිං ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවති ආසියා පැසිෆික් තත්ව සංවිධානයේ 30 වැනි APQO ජාත්‍යන්තර සමුළුවේදීය.

මෙම සමුළුවට ආසියා - පැසිෆික් කලාපයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක නියෝජිතයෝ සහභාගි වූහ.

කාර්යසාධන විශිෂ්ටතා සම්මානය (GPEA) යනු කාර්යසාධන විශිෂ්ටත්වය සඳහා වන කලාපයේ ඇති එකම විධිමත් ජාත්‍යන්තර සම්මානයයි.

බීජිං හි පැවති 30 වැනි APQO ජාත්‍යන්තර සමුළුවේදී LTL ට්‍රාන්ස්ෆෝමර්ස් පෞද්ගලික සමාගමේ නියෝජිතයන් එම සම්මානය ලබා ගත් අවස්ථාව.

(වම සිට දකුණට) සචිරු කන්නන්ගර මහතා (තත්ත්ව සහතික කිරීම් සහකාර), තරිඳු රසාංජන මහතා (විදුලි ඉංජිනේරු), මංගලිකා ද සිල්වා මහත්මිය (APQO ප්‍රධාන ලේකම්), රුක්ෂික පත්බේරිය මහතා (LTL ට්‍රාන්ස්ෆෝමර්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි) මෙහි සිටිති.

 



අදහස් (0)

එල්.ටී.එල්. ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට ලෝක සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site