(තිළිණි ද සිල්වා)
රෙදිපිළි හා ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් වෙන වෙනම නව ආයෝජන කලාප දෙකක් මේ වසරේදී ආරම්භ කරන බව ගුවන් තොටුපොළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.
ඒ අනුව රෙදිපිළි නිෂ්පාදනය සඳහා පමණක් වෙන්වූ නව ආයෝජන කලාපය එරාවූර්හිදීත්, ඖෂධ නිෂ්පාදන කලාපය හම්බන්තොටදීත් ආරම්භ වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත මෙම නව අපනයන කලාප වසර 40කට වැඩි ආයෝජන මණ්ඩල ඉතිහාසයේ අලුත් අත්දැකීමක් සේම, රටේ ආර්ථික ශක්තියට විශාල සවියක් වෙමින් මෙතෙක් පැමිණි ගමන් මග නව දිශාවකට හරවන වසර බවට 2021 පත් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නව වසරේ තම අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එසේම දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරමින් මෙරට තුල නිෂ්පාදනය හා අපනයනය ක්‍රියාවලිය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ගුවන් තොටුපොළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.
නව ගෝලීය අවශ්‍යතාවයන් හදුනා ගනිමින්, අපනයනයන් විවිධාංගීකරණය වීම කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තොරතුරු තාක්ෂණය හා බැදුණු ඉහල වැටුප් සහිත රැකියා ලබා දෙන ව්‍යාපෘතින් මෙරටට ගෙන ආ යුතු බවය.
ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දැනටමත්, නිසි දැක්මක් අනුව කටයුතු කරන බවත්, එමගින් අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවද, ඊට ජනාධිපතිවරයාගේ පහළ අගමැතිවරයාගේ මගපෙන්වීම හා සහයෝගය නොඅඩුව ලැබෙන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2021 වසර ගුවන්තොටුපළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට වැඩි වගකීමක්, කාර්යභාරයක් පැවරෙන වසරක් බවත්, ගුවන් තොටුපළ විවෘත කරමින් සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව ආරම්භ කිරීම සෞඛ්‍ය නිර්දේශ අනුව සිදු කළ යුතු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එරාවුර්-හම්බන්තොට නව ආයෝජන කලාප දෙකක්