IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


එමිරේට්ස් සමූහයට 2025-26 අර්ධ වසරට වාර්තාගත ලාබයක්

වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා ඩිරාම් බිලියන 12.2 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3) පෙර බදු ලාබයක් වාර්තා කරමින් එමිරේට්ස් සමූහය අඛණ්ඩව හතරවැනි වසරටත් වාර්තාගත අර්ධ වාර්ෂික කාර්ය සාධනයක් ප්‍රකාශයට පත් කර ඇත.
ආදායම් බදු ගාස්තු ගණනය කිරීමෙන් පසුව සමූහයේ ශුද්ධ ලාබය ඩිරාම් බිලියන 10.6 (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9) ක් වන අතර එය පසුගිය වසරට වඩා සියයට 13ක වැඩි වීමකි.
2025-26 මුල් මාස හය සඳහා සමූහයේ මුළු ආදායම ඩිරාම් බිලියන 75.4 (ඇමෙරිකානු ඩොලර් බිලියන 20.6) ක් වූ අතර එය පසුගිය වසරේ ඩිරාම් බිලියන 70.8 (ඇමෙරිකානු ඩොලර් බිලියන 19.3) අර්ධ වාර්ෂික ආදායමට වඩා සියයට 4ක වර්ධනයකි.
එමිරේට්ස් ගුවන් සේවයේ සහ සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය:
“පසුගිය වසරේ අපගේ අර්ධ වාර්ෂික ප්‍රතිඵල ද අභිබවා යමින් 2025-26 පළමු අර්ධය සඳහා නව වාර්තාගත ලාබයක් අත්කර ගත් සමූහය, නැවත වරක් කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්වා ඇත. මෙම අර්ධ වාර්ෂික වාර්තාකරණ කාලය තුළදී ද ලොව වඩාත්ම ලාභදායී ගුවන් සේවය ලෙස එමිරේට්ස් සිය ස්ථානය පවත්වා ගෙන යන බව මම සතුටින් සඳහන් කරමි.”
“මෙම කාර්ය සාධනය සඳහා මූලික වූයේ අපගේ නිෂ්පාදන සහ සේවා සඳහා අඩුවක් නොමැති ඉල්ලුම සහ වර්ධනය වන පාරිභෝගික මනාපය හේතුවෙන් ආදායම් වැඩි වීම හා ලාබදායී බව ඉහළ යාමයි.”
එමිරේට්ස් ගුවන් සේවය
2025 අප්‍රේල් 1 වන දා සිට සැප්තැම්බර් 30 දින දක්වා කාලය තුළදී එමිරේට්ස් ගුවන් සේවය ගුවන් මගීන් මිලියන 27.8 ක් ප්‍රවාහනය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 4ක වැඩි වීමකි. අර්ධ වාර්ෂික වාර්තාකරණ කාලය සඳහා ලොව වඩාත්ම ලාබදායී ගුවන් සේවය ලෙස තම ස්ථානය තහවුරු කර ගනිමින් 2025-26 පළමු භාගය සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ බදු ගෙවීමට පෙර ලාබය ඩිරාම් බිලියන 11.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.1) ක් ලෙස නව වාර්තාවක් තැබීය. පසුගිය වසරේ පළමු භාගයේදී එය ඩිරාම් බිලියන 9.7 (ඇමරිකානු ඩොලර් බිලියන 2.6) විය. එමිරේට්ස් හි බදු ගෙවීමෙන් පසු ලාබය ඩිරාම් බිලියන 9.9 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.7) ක් වන අතර එය පසුගිය වසරට වඩා සියයට 13ක වැඩි වීමකි.
අනෙකුත් මෙහෙයුම් අදායම් ඇතුළුව එමිරේට්ස් ගුවන් සමාගමේ ආදායම ඩිරාම් බිලියන 65.6 ක (ඇමරිකානු ඩොලර් බිලියන 17.9) ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලය සඳහා වූ ඩිරාම් බිලියන 62.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 16.9) ආදායමට සාපේක්ෂව සියයට 6 ක වර්ධනයකි. විය. වෙළෙඳපොළ පුරා සංචාරක රුචිය සහ එමිරේට්ස් නිෂ්පාදන හා සේවා සඳහා, විශේෂයෙන් ම එහි උසස් තත්වයේ කැබින් සඳහා, ඇති පාරිභෝගික කැමැත්ත, ගුවන් සමාගමේ නව වාර්තාගත ආදායමට හේතු වී ඇත. 
එමිරේට්ස් හි SkyCargo සේවය මගින් වසරේ මුල් මාස හය තුළ ගුවන් භාණ්ඩ ටොන් මිලියන 1.25 ක් ප්‍රවාහනය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 4ක වර්ධනයකි. 

 



අදහස් (0)

එමිරේට්ස් සමූහයට 2025-26 අර්ධ වසරට වාර්තාගත ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 130 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site