IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


එච්සීඑෆ්සී වායුව සහිත උපකරණ ගෙන්වීම ජනවාරියේ සිට තහනම්

(අජිත්ලාල් ශාන්තඋදය)

ඕසෝන් ස්ථරයට දැඩි හානි ගෙනෙන හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් (HCFC) වායුව සහිත උපකරණ 2018 ජනවාරි සිට ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් බව මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකර සහ ජාතික  ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ජී.එම්.ජේ.කේ. ගුණවර්ධන මහතා පවසයි.

ශීතකරණ සහ වායු සමීකරණ යන්ත‍්‍ර සඳහා හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් වායුව භාවිතා කරනු ලබයි. ලෝකයේ දියුණු රටවල් මෙම වායුව සහිත ශිතකරණ සහ වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතය 2018 වසරේ දී 40%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ඒ රටවලින් ඉවත් කරන හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් වායුව සහිත උපකරණ තුන්වන ලෝකයේ ශ‍්‍රී ලංකාව වැනි රටවලට එවිමට බොහෝ සෙයින් ඉඩ ඇති බව කී වායු සම්පත් කළමනාකාර සහ ජාතික  ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ජී.එම්.ජේ.කේ. ගුණවර්ධන මහතා මෙවැනි තීරණයක් ගනු ලැබුවේ ඒ උපකරණ රටට ඇතුළුවීම වැළැක්වීමට බව ද කීවේ ය.



අදහස් (5)

එච්සීඑෆ්සී වායුව සහිත උපකරණ ගෙන්වීම ජනවාරියේ සිට තහනම්

Perakum Tuesday, 19 December 2017 04:13 PM

අපොයි තවම තහනම් කරලා නැද්ද? දැන්වත් ඉතින් මේක නොවරදවාම හරියට ක්‍රියාත්මක කරන්න. වෙන රටවල් අපිට වඩා හුඟක් ඉදිරියෙන්. අපි මෙච්චරකල් කතා කළා විතරද?

:       0       57

කුරුමිනියා Friday, 22 December 2017 04:17 AM

මට නම් පුලුවන් ඔය තහනමත් ඉවත් කරල දෙන්න..........

:       0       1

රාජුන් Friday, 22 December 2017 11:09 AM

කුරුමිණියාට ජයවෙවා! කුරුමිණි මැතිතුමනි ඔබට රට බාරයි.

:       2       0

Perakum Friday, 22 December 2017 11:54 AM

රුසියාවට ලංකාවෙන් ඇරපු තේ වලට හොරෙන් රිංගපු කුරුමිණියා ඔයා නේද...?

:       0       1

අචලා Tuesday, 26 December 2017 01:06 PM

අපොයි. දැන් තව කවුරු හරි කෙනෙක් රිංගයි ඕවා ගෙන්වන රටට අපනයනය කරන කෑම වලටත්, ඊට පස්සේ ඒවා ඒ රටවලින් තහනම් කරාම, මේ වායු තහනමත් මේ ගමන්ම ඉවත් කරයි ෂේප් එකෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site