(අජිත්ලාල් ශාන්තඋදය)
ඕසෝන් ස්ථරයට දැඩි හානි ගෙනෙන හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් (HCFC) වායුව සහිත උපකරණ 2018 ජනවාරි සිට ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් බව මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකර සහ ජාතික ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ජී.එම්.ජේ.කේ. ගුණවර්ධන මහතා පවසයි.
ශීතකරණ සහ වායු සමීකරණ යන්ත‍්‍ර සඳහා හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් වායුව භාවිතා කරනු ලබයි. ලෝකයේ දියුණු රටවල් මෙම වායුව සහිත ශිතකරණ සහ වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතය 2018 වසරේ දී 40%කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
ඒ රටවලින් ඉවත් කරන හයිඩ්‍රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් වායුව සහිත උපකරණ තුන්වන ලෝකයේ ශ‍්‍රී ලංකාව වැනි රටවලට එවිමට බොහෝ සෙයින් ඉඩ ඇති බව කී වායු සම්පත් කළමනාකාර සහ ජාතික ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ජී.එම්.ජේ.කේ. ගුණවර්ධන මහතා මෙවැනි තීරණයක් ගනු ලැබුවේ ඒ උපකරණ රටට ඇතුළුවීම වැළැක්වීමට බව ද කීවේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි තවම තහනම් කරලා නැද්ද? දැන්වත් ඉතින් මේක නොවරදවාම හරියට ක්‍රියාත්මක කරන්න. වෙන රටවල් අපිට වඩා හුඟක් ඉදිරියෙන්. අපි මෙච්චරකල් කතා කළා විතරද?
මට නම් පුලුවන් ඔය තහනමත් ඉවත් කරල දෙන්න..........
කුරුමිණියාට ජයවෙවා! කුරුමිණි මැතිතුමනි ඔබට රට බාරයි.
රුසියාවට ලංකාවෙන් ඇරපු තේ වලට හොරෙන් රිංගපු කුරුමිණියා ඔයා නේද...?
අපොයි. දැන් තව කවුරු හරි කෙනෙක් රිංගයි ඕවා ගෙන්වන රටට අපනයනය කරන කෑම වලටත්, ඊට පස්සේ ඒවා ඒ රටවලින් තහනම් කරාම, මේ වායු තහනමත් මේ ගමන්ම ඉවත් කරයි ෂේප් එකෙන්.