(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලදී සහයෝගීත්වයෙන් කටයුතු කිරීම උදෙසා ‘ග්ලෝබල් කම්පැක්ට් නෙට්වර්ක් ශ්‍රී ලංකා (යු.එන්.ජී.සී) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.
මෙම ගිවිසුම යටතේ සංවිධාන දෙකම 2030 සංවර්ධන සැලැස්ම යටතේ තිරසර මූලධර්මවලට අනුව පෞද්ගලික අංශය සමඟ කටයුතු කරනු ඇත. ඒ යටතේ ශ්‍රී ලංකාව තිරසර මානව සංවර්ධනයක් අත්පත් කරගැනීම උදෙසා පෞද්ගලික අංශය සමඟ කටයුතු කිරීමට නියමිතය.
‘ග්ලෝබල් කම්පැක්ට් නෙට්වර්ක් ශ්‍රී ලංකා (යු.එන්.ජී.සී) වෙනුවෙන් එහි සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජෝන් සොරෙන්සන් යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.
ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලදී රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වවලට වැඩි අවස්ථාවක් දෙමින් කටයුතු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ‘ග්ලෝබල් කම්පැක්ට් නෙට්වර්ක් ශ්‍රී ලංකා (යු.එන්.ජී.සී) බලාපොරොත්තු වේ.
2025 දෙසැම්බර් මස 04
302
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග අවබෝධතා ගිවිසුමක්
lalith Thursday, 14 September 2017 01:44 AM
මේ තියෙන අවබෝධතා ගිවිසුමේ ප්‍රතිපල දැක්කම මෙව්වගෙ නම ඇහෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා.