(තිළිණි ද සිල්වා)
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ නැගෙනහිර ආසියාව, පැසිෆික් කලාපය සහ දකුණු ආසියාව සඳහා වන කොමිෂන් සභාවේ 32 වන ඒකාබද්ධ රැස්වීම ලබන ජුනි මස අග කොළඹ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව එම රැස්වීම ජුනි 29 සිට ජූලි 1 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විට සමුළුව සංවිධානය කිරීමේ කටයුතු කරමින් සිටී.
මෙවර සමුළුවේ තේමාව වන්නේ සමකාලීන අභියෝග සහ සංචාරක පුනර්ජීවනයයි. එහි අරමුණ වන්නේ අර්බුදකාරී කාලයන්ට ප්‍රතිචාර වශයෙන් සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කරන්නේ කෙසේද යන්න සහ සංචාරක අංශයට සහ එහි කර්මාන්ත සඳහා ඵලදායී අර්බුද කළමනාකරණ මෙවලම් සහ උදාහරණ පිළිබඳ දැනුම හුවමාරු කර ගෑනීමයි.
මෙම සමුළුවට සාමාජික රටවල් නියෝජනය කරන විදේශීය නියෝජිතයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර ආරාධිතයින් අතර සාමාජික රටවල සංචාරක අමාත්‍යවරුන්, රජයේ ඉහළ නිලධාරීන් සහ ගෝලීය සංචාරක කර්මාන්තයේ නියෝජිතයින් ඇතුළත් වන බවද එම අධිකාරිය කියා සිටී.
පසුගිය වසරේ භූතානයේ තිම්පු හි පැවති 31 වන ඒකාබද්ධ රැස්වීමේ දී, 32 වන ඒකාබද්ධ රැස්වීම පැවැත්වීමට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව ඉල්ලා සිටි අතර ලෝක සංචාරක සංවිධානයේ මහලේකම් සූරාබ් පොලොලිකෂ්විලිගේ සහාය ඇතිව 32 වන ඒකාබද්ධ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සාමාජික රටවල් ඒකමතිකව එකඟ විය.
“මෙම සමුළුවේදී රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිළිගැනීමටත් අපගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙමු” යනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සභාපති කිමාර්ලි ප්‍රනාන්දු පැවසුවාය.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එ.ජා.ලෝක සංචාරක සංවිධානයේ කලාපීය රැස්වීමක් කොළඹ දී
jagat Tuesday, 03 March 2020 08:58 AM
ගුවන් තොටුපලේදී සියලු දෙනාම සහ ඔවුන්ගේ ගමන් මලු කොරෝනා වෛරස් පරිෂනවලට බාජනය කලයුතුයි.