ඊයේ (මාර්තු 27) ගනුදෙනු අවසන් වන විට ගනුදෙනු එපමණ තියුණු උන්නදුවක් නොදක්වන ලද අතර සුළු උච්ඡාවචන අවසානයේ දී තරමක වර්ධනයක් සහිතව අවසන් විය. කෙසේ වෙතත් එම ප්‍රගතියෙන් අපේක්ෂිත ලාබ උපයා ගන්නට සුළු ආයෝජකයන්ට ඉඩක් දුන්නේ නැත. සැලකිය යුතු පිරිසක් කොටස් විකිණීමට සූදානම් බව කැපී පෙනිණි.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,847.80 තෙක් පහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 60.43 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,741.90 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 15.91 ක පසුබැසීමක් සේ දැක්විය හැකිය. මෙදින විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 143 කි. විකිණීම් රු.මිලියන 6 කට සීමා විය. සමාගම් හතරක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත අඩුම මිලට පත්ව තිබුණ අතර තවත් සමාගම් තුනක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත ඉහළම තැනට පත්වීම ද වාර්තා විය.
සම්පත් රු. මිලියන 112 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 93 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 69ක්, හැටන් නැෂනල් බැංකුව නිෂ්ඡන්ද රු. මිලියන 63 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 38 ක්, සොෆ්ට්ලොජික් රු. මිලියන 34 ක්, පෑන් ඒෂියා රු. මිලියන 22 ක්, එන්. ඩී. බී. රු. මිලියන 22 ක්, සහ ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 19 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර තිබුණි. පසුගිය දින කිහිපය හා සමානව බැංකු හා මුල්‍ය අංශයේ කොටස් සඳහා ඉල්ලුමක් තිබුණ බව නිරීක්ෂණය කළ හැකිය.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 9,000 ක් වූ අතර එය උන්නදුව අඩු බව දක්වයි. මිලියන හතළිස් හතක කොටස් හුවමාරු වීම මෙයට ඇතුලත්ය. ලැයිස්තුගත සමාගම් 137 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 93 ක් විය. දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන 2.14 ක් දක්වා සිමාවී තිබුණි.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උනන්දුවක් නොදක්වන අවසානයේ තරමක වර්ධනයක්