IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උත්සව සමය ප්‍රීතියෙන් ගත කරන්නට සම්පත්කාඩ්ස් වෙතින් සියයට 60 දක්වා වට්ටම්

උදා වන උත්සව සමය තව තවත් කළඑළි කරමින් සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කිරීම සඳහා මෙවරත් SampathCards, තම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය දීමනා රැසක් පිරිනැමීමට සූදානම් වේ. ඒ අනුව දෙසැම්බරයේ උත්සව සමය සඳහා සම්පත් බැංකුව, 2025 නොවැම්බර් 20 දා සිට දෙසැම්බර් 31 දා තෙක් තෝරා ගත් වෙළෙඳසල් වෙතින් සියයට 60 දක්වා සුවිශේෂී වට්ටම් ලබා දීමට කටයුතු යොදා තිබේ. 
මෙම ප්‍රවර්ධන වැඩසටහනෙන් පාරිභෝගිකයන්ගේ ජීවන රටාවට වැඩි වටිනාකමක් එකතු කරන පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් ලෙස සම්පත් බැංකුවේ ස්ථාවරත්වය වැඩිදුරටත් කැපී පෙනේ. එමෙන්ම බෙදාහදා ගැනීම් සහ සාමුහික අවස්ථාවලින් හැඩ වන මෙම උත්සව සමයේ දී සාප්පු සවාරි, ආහාරපාන සහ නිවාඩු අත්දැකීම් පහසුවෙන් විඳගැනීමට ඇති වඩාත් ප්‍රියතම ගෙවීම් තේරීම වශයෙන් SampathCards පාරිභෝගිකයන්ගේ නොමඳ විශ්වාසය දිනාගනු ඇත. 
මේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - දත්ත විශ්ලේෂණ, දර්ශින් පතිනායක මහතා මෙසේ පැවසීය. ‘‘මිහිරිතම මතකයන් සදා මතකයේ රැක්‍ෂෙන්නට යන තේමාව පාදක කරගනිමින් මෙම උත්සව සමයේදී අපගේ ගනුදෙනුකරුවන්ට අමතක නොවන අත්දැකීමක් ළඟා කර දීම සම්බන්ධයෙන් අප සතුටට පත් වෙනවා. උත්සව සමය අවසන් වූ පසුවද බොහෝ කාලයක් මතකයේ රැක්‍ෂෙන ප්‍රීතිමත් අවස්ථා බෙදා හදා ගැනීමට සහ ගොඩනගා ගැනීමට හැකි වන බව අප විශ්වාස කරනවා. සෑමවිටම අප මෙවැනි උත්සව දීමනා ලබා දීමට මුල පුරන්නේ අපගේ විශ්වසනීය ගනුදෙනුකරුවන්ගේ සුවපහසුව පෙරදැරි කරගෙනය. එබැවින් මෙම උත්සව සමයේ දී සිදු කරනු ලබන සෑම මිලදී ගැනීමක්ම වඩාත් ප්‍රතිලාභදායක කරමින් ඊට ප්‍රීතිමත් වටිනාකමක් එකතු කිරීමට හැකිවීමෙන් සම්පත්කාඩ්ස් ගනුදෙනුකරුවන්ගේ විශ්වසනීය සහකරුවකු වශයෙන් අඛණ්ඩව මතකයේ රැඳී තිබේවි’’ 
සීතල දෙසැම්බරයේ උදාවන උත්සව සමයේදී ජීවිතයේ සුවිශේෂී අවස්ථා, තම ආදරණීයයන් සමග බෙදා හදා ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් විලාසිතා, රසවත් ආහාරපාන, සංචාරක සහ දෛනික අවශ්‍යතා ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් තෝරාගත් වෙළෙඳසල් ඔස්සේ දීමනා රැසක් ඇතුළත් කර තිබේ. විලාසිතා සහ ආභරණවල සිට සුපිරි වෙළෙඳසල්, ඉලෙක්ට්‍රොනික් උපකරණ විවේකීය ක්‍රියාකාරකම් දක්වා මෙම උත්සව සමය සැබවින්ම සුවිශේෂී කිරීම සඳහා සම්පත් බැංකුව සිය දීමනා පිරිනැමීමට කටයුතු කරයි. 



අදහස් (0)

උත්සව සමය ප්‍රීතියෙන් ගත කරන්නට සම්පත්කාඩ්ස් වෙතින් සියයට 60 දක්වා වට්ටම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site