IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උතුරු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට සහාය වන “GRIT Accelerator”‍ හි පළමු කණ්ඩායම සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගියදා කොළඹ HatchWorks හිදී Demo Day නමින් වැඩසටහනක් පැවැත්වීය. 
උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබීය. ඒ අනුව ආයෝජකයන්, ව්‍යාපාර පද්ධති ගොඩනගන්නන් සහ වෙළෙඳපොළ සම්බන්ධතා ආධාරකරුවන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් හමුවේ ඔවුන්ගේ නිෂ්පාදන සහ ව්‍යාපාර එහිදී ප්‍රදර්ශනය කළහ.
මෙම වැඩසටහන උතුරු පළාතේ තිරසාර, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට ප්‍රතිචාර දක්වන ව්‍යවසායකත්ව පරිසර පද්ධතියක් ගොඩනැගීම සඳහා වූ වැදගත් පියවරකි. වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව, ආයෝජනය සහ පුහුණුව නමින් විධිමත් ලෙස හඳුන්වනු ලබන GRIT නම් මෙම ව්‍යපෘතිය වසර 06ක Global Affairs Canada (GAC) සහ උදරකා World University Service of Canada (WUSC) අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. එසේම එය Hatch සහ අනෙකුත් දේශීය හවුල්කරුවන් විසින් ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි. මෙමගින් කාන්තා ව්‍යවසායිකාවන් අතර ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ ආර්ථික සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබයි.
ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ ව්‍යාපාර ඔස්සේ, ලංකාවේ උතුරු පළාතේ ඇති වෙලළඳපොළ පරතරය ආමන්ත්‍රණය කරන කාන්තා ප්‍රමුඛ ව්‍යාපාරවල ඇති වැදගත්කම සහ බලපෑම පෙන්නුම් කරන ලදී. ව්‍යාපාරික කුසලතා , වෙළෙඳපොළ ප්‍රවේශය සහ විභව ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීමෙන් Hatch විසින් මෙම වේදිකාව හරහා කාන්තාවන් සඳහා ව්‍යවසායකත්වය ප්‍රවේශය විවර කරදීමට කැප වී ඇත.
GRIT ව්‍යාපෘතියේ අරමුණු පිළිබඳව අදහස් දක්වමින් Hatch Innovation හි ප්‍රධාන විධායක නිලධාරී මෙවාන් පීරිස් මහතා මෙසේ පැවසීය. “සැබෑ ප්‍රජා අවශ්‍යතා තුළ නව්‍යකරණය කරන දක්ෂ හා අධිෂ්ඨානශීලී කාන්තා ව්‍යවසායිකාවන්ට සහය වීමෙන්, GRIT ව්‍යාපෘතිය වඩාත් වැදගත් වන අවස්ථා නිර්මාණය කිරීමට ඉදිරියේදීත් අපේක්ෂා කරනවා. ඓතිහාසිකව ප්‍රමාණවත් සේවාවක් නොලැබුණු උතුරු කලාපයේ දිගුකාලීන ආර්ථික වර්ධනයට ඔවුන්ට තිරසාර ලෙස දියුණු වීමට උපකාර කිරීම අපගේ ඉලක්කයයි. ලංකාවේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් කාන්තාවන්ට නායකත්වය ගැනීමට ඉඩ සලසමින් ඉහළ විභවයක් ඇති ව්‍යවසායකයන්ට සහය වීමට Hatch කැපවී ඉන්නවා.”‍
ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාරිණී රුවනාරා තිලකරත්න මහත්මිය තවදුරටත් සඳහන් කළේ, ”‍මෙම පළමු කණ්ඩායමේ සාර්ථකත්වයෙන් පෙන්නුම් කරන්නේ කාන්තාවන්ට නිසි සම්පත් සහ උපදේශකයන් ලබා දුන් විට සිදුවිය හැකි දේයි. GRIT ව්‍යාපෘතියෙන්, ව්‍යාපාර පමණක් නොව දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව සහ කලාපීය ආර්ථික සංවර්ධනය ද මේ තුළින් වර්ධනය වෙනවා.”‍ යනුවෙනි.
වැඩසටහනේ ඇති සුවිශේෂී ප්‍රතිලාභ විදහා දක්වමින්, Vonderly හි නිර්මාතෘ, කිරුෂන්ති ශෝබේතන් මහත්මිය ඇගේ අත්දැකීම ද මෙහිදී බෙදා ගත්තාය. ”‍වැඩසටහන ආරම්භ වූයේ අපගේ සමාගමේ නිශ්චිත අවශ්‍යතා සහ යථාර්ථවාදී අරමුණු පිළිබඳ සම්පූර්ණ තක්සේරුවකින්. පසුව, කර්මාන්ත විශේෂඥයන් විසින් මුදල්, මානව සම්පත්, විකුණුම් සහ සන්නාමකරණය ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල සම්පත් සහ ප්‍රායෝගික මග පෙන්වීම් ලබා දුන්නා. අනතුරුව එකින් එක සිදු වූ තත්කාලීන ව්‍යාපාරික උදාහරණ සමගින්, අත්දැකීම සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ ප්‍රායෝගික අවබෝධයක් ලබා දුන්නා.”‍
Demo Dayවැඩසටහන මඟින් කාන්තා ප්‍රමුඛ ආරම්භක ව්‍යාපාරවලට නිවැරදි සහයෝගය සහිතව සාර්ථකත්වය කරා ළඟා විය හැකි බව මෙහිදී පෙන්වා දෙනු ලැබුවේය. තවද, උතුරු පළාතේ සිටින කාන්තා ව්‍යවසායිකාවන් ඉදිරි වැඩසටහන් කණ්ඩායම් සඳහා සහභාගි කරවාගැනීමට ද දිරිමත් කරන ලදී. Hatch Innovation හි ව්‍යාපාර පුහුණු හා සේවා, මූල්‍ය අවස්ථා, ගෝලීය නිරාවරණය, උපදේශනය බලාපොරොත්තු වන නව්‍ය අපේක්ෂකයන්ට සහාය වීමට නිරතුරුව විවෘතව පවතිනු ලබයි.



අදහස් (0)

උතුරු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට සහාය වන “GRIT Accelerator”‍ හි පළමු කණ්ඩායම සාර්ථකව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 581 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site