IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


‘උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයන කතාව අසත්‍යයක්’


 
 
( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර නොමැති බවත් , එරටින් ශ්‍රී ලංකාව රෙදිපිළි ආනයනය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
 
2017 ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර ඇති බවට වාර්තා පළ වී තිබිණි. 
 
එම තොරතුරු සාවද්‍ය බවයි අදාළ වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දේ.
 
ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර නොමැති අතර රේගුවේ ස්වංක්‍රීය දත්ත ක්‍රියායන පද්ධතියයට රේගු කාර්යාල නියෝජිතයින් විසින් දත්ත ඇතුළත් කරන ක්‍රියාවලියේ දී වැරදීමක්  සිදුව ඇති බවද විදේශ කටයුතු අමාතයංශය කියා සිටී.
 
කොරියානු ජනරජය වෙනුවට කොරියානු  මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස වැරදීමකින් අවස්ථා කිහිපයකදී තෝරාගෙන ඇති අතර අදාළ අත්වැරදීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
 
යළි එවැනි වැරදි සිදුවීම වැළැක්වීම සඳහා වූ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා රේගුව ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර බැඳීම් අනුව කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත වල ප්‍රතිපාදන වලට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.
 
අදාළ යෝජනා සම්මත වලට පටහැනිව ශ්‍රී ලංකාව කටයුතු කර නොමැති අතර එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ගැසට් මගින් ද ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙයි.



අදහස් (2)

‘උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයන කතාව අසත්‍යයක්’

රවින් Thursday, 09 August 2018 02:26 PM

මෙහිදී ශ්‍රී ලංකා විරෝධී සංවිදාන හා පුද්ගලයන්ගේ සම්බන්දයක් ඇතිදැයි විමසා බැලුවොත් පොදු ශ්‍රී ලාංකීය සෞක්‍යට හොඳවගේ පෙනෙන්නේ.

:       0       4

Bamunuarachchi Friday, 10 August 2018 04:54 PM

ඇයි උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කිරීමේ වැරැද්ද මොකක්ද?

:       25       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site