ලොව වැඩිම වාණිජ වටිනාකමකින් සමන්විත බව කියන නිල් ආරුනූල් මාණික්‍යය මහනුවර, පේරාදෙණිය පාරේ අංක 676 පිහිටි ස්ථානයේ මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇත.
‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ යනුවෙන් හඳුන්වන මෙම මැණික ප්‍රදර්ශනයට තබා ඇත්තේ මෙරට විශාලතම ආභරණ ප්‍රදර්ශනාගාරය වන මහනුවර, පේරාදෙණිය පාරේ පිහිටි ‘ටියේෂ්’ ප්‍රදර්ශනාගාරයේ ය.කැරට් 332කින් බරින් යුතු ශ්‍රී ලංකාවේ නිල ආරුනූල් මැණිකක් වන මෙම ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මාණික්‍යයේ වත්මන් හිමිකරුවන් වන්නේ ‘ටියේෂ්’ ආයතනයේ හිමිකරුවන් වන ‘ද ෆොන්සේකා’ පවුලයි.
මෙම මැණික අවුරුදු මිලියන 800ක ඉතිහාසයකට හිමිකම් කියන බව දැනට ගණනය කර තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ගම්මානයේ පතලකින් ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මාණික්‍යයේ මවු පාෂාණය සොයාගෙන ඇත්තේ 1980 දශකයේ මුල් භාගයේදීය. එහි බර කැරට් 201,500ක් එනම් කිලෝග්‍රෑම් 40.03ක් ලෙස ගණනය කර තිබිණි.
කැරට් 18ක කහ සහ සුදු රත්තරංවලින් නිමවා ඇති මෙරට තවත් වටිනා මැණික් ගල් ඔබ්බවනු ලැබූ කිරුළක ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මැණික රඳවා ඇත. මැණික තබා ඇති ගොඩනැගිල්ලට පැය 24 මුළුල්ලේ ක්‍රියාත්මක විශේෂ ආරක්ෂාවක් ද ලබා දී තිබේ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය හොරුන්ගෙන් නෙමේ ආරක්ෂා කරන්නේ. රට බාරගන්න එන නායකයින්ගෙන් වැඩි අරක්ෂාවට කියලා ඔහුගේ බිරිඳට දෙන්න ඉඩ තියෙන නිසා කොයිතරම් රටේ සම්පත් තම බලය පාවිච්චි කරමින් ඔහු බාරයට ගත්තද?
සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බය වෙන්න දෙයක් නැහැ.. රටේ ඉන්න ඉහල පෙලේ ලොකු අයගෙන් ඕක පරිස්සම් කර ගන්න...