අම්බලන්තොට සනත් ගමගේ
මලී පින්ක් සහ ලංකා රෙඩ් යන දෙමුහුන් දෙළුම් වර්ග දෙක හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට බෝලාන ප්‍රදේශයේ සාර්ථකව වගා කර අස්වනු නෙළිම ආරම්භ කර ඇත.
මෙරටට ආවේණික සාමාන්‍ය දෙළුම් ගෙඩියක පැහැය හා ප්‍රමාණයට වඩා වෙනස් කමක් ඇති මෙම දෙළුම් වර්ග දෙක කුඩා කල සිටම රතු පැහැයෙන් දිස්වන අතර එහි බරද වැඩි අගයක් ගනී. දෙළුම් ගෙඩියේ මදුළුද ඉතාම තද රතු පැහැයෙන් පිරුණු ස්වභායක් පෙන්නුම් කරයි.
දේශීය වෙළෙඳපොළේ රතු පාටට හුරු දෙළුම් ගෙඩියක් මිලදී ගැනීමේ දී රට දෙළුම් යැයි ව්‍යවහාර කරන පසුබිමක රට දෙළුම්වලටම සමාන කමක් ඇති මෙම දෙමුහුන් දෙළුම ප්‍රහේද දෙක වියළි කලාපයේ සාර්ථකව වගාකිරීමට හැකිය. ඉහළ ආදායමක් ලැබීමටත්, ආනයනික දෙළුම්වලට වැයකරන ඩොලර් ප්‍රමාණය යම් තරමකින් හෝ අඩු කරගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පර්‌යේෂණ පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ අංශය කියයි.
අම්බලන්තොට නගරයේ සිට රිදියගම මාර්ගයේ වලවේ ගඟට සමීපව රුහුණු පැළ තවාන පවත්වාගෙන යනු ලබන ඩී. සමරනායක කෘෂිකාර්මික ව්‍යවසායකයාගේ ගෙවත්තේ මෙම දෙළුම් වගාව ආරම්භ කර තිබේ.
දෙළුම් වගාවේ පළමු අස්වනු නෙළීම ඉකුත්දා සිදු කරනු ලැබීය. අස්වනු නෙළිමට පෙර මෙම සාර්ථක දෙළුම් වගාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වියළි දේශගුණයක් සහිත ප්‍රදේශයක සාර්ථකව සිදුකර ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි බව සමාජගත කිරීම සඳහා දෙළුම් වගාව මහජනතාවට දැක බලා ගැනීමට සමරනායක මහතා අවස්ථාව ලබා දී තිබුණි.
ඒ අනුව එහි ගිය අපට රතු පැහැයෙන් බබළන ඇපැල් වත්තකට ගියා මෙන් දෙළුම් වගාව දිස්විය. ඉතාම පිරුණු ගෙඩි දෙළුම් ගස්වල බරවි තිබිණි. සමරනායක මහතා දෙළුම් ගෙඩියක් කඩා හතර අතට විහිදුවා පෙන්වා සිටියේ ඇතුළත දිප්තිමත් රතු පැහැයෙන් එහි මදුළු ඉතාම පිරුණු ලෙස පිහිටා ඇති ආකාරයයි. මෙම දෙළුම් වර්ග දෙක වගා කිරීමට පෙලඹීම සහ වගාවෙන් ලබාගත හැකි ආදායම් සම්බන්ධයෙන් සමරනායක මහතාගෙන්ම විමසා සිටියෙමු.
ඩී. සමරනායක | නාලිකා රූබසිංහ |
ඩී. සමරනායක මහතා,
මගේ පැළ තවානේ විවිධ පැළ වර්ග තියනවා. වගාව සාර්ථකව කරනවා. දෙළුම් වගාව සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් දැනගත් තොරතුරු අනුව මවු ශාඛ අවශ්‍ය නිසා මීට වසර දෙකකට කලින් හඳුන්වා දී තිබූ ලංකා රෙඩ් සහ මලී පින්ක් යන දෙමුහුන් දෙළුම් වර්ගයේ පැළ 600 ක් ගත්තා. මවු ශාඛ ලෙස මෙම වර්ග දෙක මගේ ගෙවත්තේ අවශ්‍ය විදියට ස්ථාන දෙකක වගා කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාම සාර්ථක ලෙස මෙම දෙළුම් වර්ග දෙක වගා කිරීමට මට හැකි වුණා. දැන් මේ වගාවේ අස්වනු නෙළන අවස්ථාවට ඇවිත් තියෙන්නේ.
මේ දෙළුම් වර්ග දෙකේ තිබෙන විශේෂ ලක්ෂණය වෙනත් රටකින් මෙරටට ගෙන්වන දෙළුම් වර්ගවලම තිබෙන සමාන ලක්ෂණ මේ වර්ග දෙකේම තිබීම. පැහැය, මදුළුවල තිබෙන ප්‍රමාණය, අති සාර්ථක අස්වැන්නක් මෙම වර්ග දෙකෙන් ලබාගැනීමට හැකි වී තිබෙනවා.
මම ඉල්ලීමක් කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නොව වියළි කලාපයේ සිටින තරුණ ව්‍යවසායකයන් එන්න මේ දෙළුම් වර්ග දෙක බලන්න. ඇවිත් මේ වගාවට යොමු වෙන්න. හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඒ වගේම පිටරටින් මෙරටට දෙළුම් ආනයනය කිරීමට වැය කරන ඩොලර්වලින් යම් ප්‍රමාණයක් හෝ රටට ඉතිරි කරදීමට හැකි වෙනවා.
පැළ සිටුවා වසරකින් පසුව පළමු අස්වැන්න ලබාගැනීමට හැකිවෙනවා. ඊට පසු දෙවැනි හා තෙවැනි අස්වනු නෙළා ගැනීමට හැකිවෙනවා. මම වගා කර ඇති දෙළුම් පැළ 600 න් පළමු අස්වැන්නෙන් රුපියල් ලක්ෂ 35 ක පමණ ආදායමක් ලබාගැනීමට හැකි වෙතැයි සිතනවා. දෙවැනි, තෙවැනි අවස්ථාවලදී එහි අඩු වැඩිවීම් මත ආදායම ගන්න පුළුවන්. මම නැවත ඉල්ලීමක් කරන්නේ එන්න වගාව බලන්න. අවශ්‍ය උපදෙස් අවශ්‍ය පැළ ලබාදීමට හැකියාවක් තියනවා. මේ වගාව ආරම්භ කරල හොඳ ව්‍යවසායකයෙක් වෙන්න කියල ආරාධනා කරනවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පර්‌යේෂණ පැළෑටි හා වයිරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එල්.ජී.අයි. සමන්මලී මහත්මිය මෙසේ පැවසුවාය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලතුරු පර්‌යේෂණ හා සංවර්ධන ආයතනයේ ශාඛාවක් ලෙස පළැටි වයිරස් හඳුනා ගැනීමේ පර්‌යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රතිඵලයක් ලෙස මෙම දෙළුම් වර්ග දෙක හඳුන්වාදීම සිදුකළා. 2016 වසරේ දී ඉන්දියාවේ හද්‍රාබාද් වෙත අධ්‍යයන කටයුතු සඳහා මට ලැබුණු ශිෂ්‍යත්වයකින් එහි අධ්‍යයන කටයුතුවලදී සොයාගත් පරිදි දෙළුම් ප්‍රභේද දෙකක් 2023 වසරේ දී හඳුන්වාදීමට කටයුතු කළා. ඒ අනුව මලී පින්ක් සහ ලංකා රෙඩ් යනුවෙන් මෙම දෙළුම් ප්‍රභේද දෙක හඳුන්වාදීමට හැකි වුණා. ඒ අනුව මුලින්ම පුත්තලම දිස්ත්‍රික්කයේ සාර්ථකව මෙම වගාව සිදු කළා. සෙසු වියළි කලාපීය දිස්ත්‍රික්කවලත් වගාව ආරම්භ කරන්න කියල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබුණා.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට බෝලාන ගොවි මහතාගේ වගාවේ මලී පින්ක් කියන ප්‍රභේදයේ ඉතාම සාර්ථක අස්වැන්නක් තිබෙනවා. ලංකා රෙඩ් වර්ගයත් වෙනම තියනවා. එහිත් හොඳ අස්වනු ලැබෙමින් පවතිනවා. දේශීය වෙළෙඳපොළේ ඇති විදෙස් රටවලින් ගෙන්වන ලද දෙළුම්වලට බොහෝම සමානයි. පැහැය, ඇතුලත ඇට මිදුළු රසය කිසිම වෙනසක් නැහැ.
අඩු ජල සම්පාදනය යටතේ වගා කරන්න පුළුවන්. මෙම දෙළුම් වර්ග දෙකෙන් හොඳ ආදායමක් ලබාගැනීමට හැකි අස්වැන්නක් ලැබෙනවා. පාරිභෝගික රුචිකත්වය හොඳටම තියනවා.
මේ වගාව හොඳින් කරන්න. වගාවට විලෝපිකයන්ගේ හානිත් නැතුවා නොවෙයි. ඒ සඳහා ගොවි මහත්වරු පරණ දැල් ආවරණ යොදා ගැනීම කරනවා. යම් යම් වයිරස් පළිබෝධ හානි තියනවා. ඒවාට අවශ්‍ය උපදෙස් දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට පුළුවන්.
හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ නාලිකා රූබසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට බෝලාන සමරනායක රුහුණු පැළ තවාන් වගාවේ ඉතාම සාර්ථකව මෙම දෙළුම් වර්ග දෙක වගා කර අස්වනු නෙළිම සිදු කරනවා. වියළි කලාපයේ වගා කළ හැකි හොඳ ආදායමක් ගත හැකි වගාවක් නිසා තරුණ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා මෙම දෙළුම් වගාවට යොමු වෙන්න කියලා.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉහළ ආදායමකට වියළි කලාපයේ දෙළුම් වගාව
AD sanjeewa Saturday, 11 October 2025 12:22 PM
මට පැල ටිකක් ගන්න පුලුවන්ද?