- නව උපදේශන සභාව සාමාජිකයන් 25 දෙනකුගෙන් සමන්විතයි
- කර්මාන්තය අද වනවිට රු. බිලියන 60ක වටිනාකමක්
- ඍජු සහ වක්‍ර රැකියා 110,000ක් පමණ බිහි කර ඇති කර්මාන්තයක්
භානුක අමරසිංහ
ශ්‍රී ලකාවේ ඉසව් කළමනාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට උපදේශන සභාවක් පත්කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
එම අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මූලිකත්වයෙන් මෙම උපදේශන සභාව පත් කර තිබේ. ඒ අනුව සේවා අංශය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය උපදේශන සභාවක් පත්කළ පළමු අවස්ථාව මෙය ලෙසත් සඳහන් වෙයි.
රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි කමිටු සාමාජිකයන් 25 දෙනෙක්ගෙන් මෙම උපදේශන සභාව සමන්විත වන අතර එහි සභාපතිවරයා ලෙස ඉසව් කළමනාකරණ සංගමයේ සභාපති සාලිය වීරසේකර මහතා පත්විය.
විශේෂයෙන්ම වසර 30 කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන එන මෙම ඉසව් කළමනාකරණ කර්මාන්තය 2025 වසරේදී රුපියල් බිලියන 60 ක වටිනාමක් හිමි කර ගෙන තිබේ.
ඒ හරහා ඍජු රැකියා අවස්ථා 30 000 ක්, වක්‍ර රැකියා අවස්ථා 80 000 ක් ලබාදී ඇති අතර, අද වනවිට පවුල් ලක්ෂ 4 කට අධික සංඛ්‍යාවක් මෙම කර්මාන්තය හරහා යැපෙන බව හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd