තවමත් බොහෝ දෙනකු වෙත සාවද්‍ය තොරතුරු ලැබෙන ‘Vape’ පිළිබඳ කාලීන සංවාදයක් පසුගියදා පැවැති ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය කමිටු රැස්වීමේදී ඉදිරිපත් විය. කෙසේ වෙතත් මෙම නිෂ්පාදනවල නීත්‍යානුකූලභාවය සහ නියාමනය සම්බන්ධයෙන් ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ තිබෙන ව්‍යාකූලත්වය මෙහිදී වාර්තා වූ සමහර කරුණු මගින් ඉස්මතු කෙරිණි.
මෙම සැසිය අතරතුරදී රාජ්‍ය මූල්‍ය කමිටු සාමාජිකයන් විසින් vape සම්බන්ධයෙන් වන වර්තමාන නෛතික තත්වය සහ එමගින් රජයට වැඩි බදු ආදායමක් රැස් කර ගැනීමට ඇති අවස්ථාව මගහැරීම පිළිබඳව ප්‍රශ්න කරන ලදී. ‘Vape’ පිළිබඳ ශ්‍රී ලංකාව තුළ යම් ජනප්‍රියතාවක් වර්ධනය වෙමින් පැවතුණද, ඒ පිළිබඳ මෙරට පවතින නෛතික රාමුව තරමක් සංකීර්ණය. තවද රජයට ආදායම් උත්පාදනය කළ හැකි මෙම මූලාශ්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව නිසි ප්‍රයෝජන ලබාගෙන නොමැති බව පැහැදිලි වේ.
Q: Vape ළඟ තබාගෙන හසු වුවහොත් සිදුවන්නේ කුමක්ද?
නිදහස පිළිබඳ පූර්ව නිගමනය
නිෂ්පාදන එහි නීත්‍යානුකූලභාවය සහ එය රජයේ අධීක්ෂණයට ලක් කළ යුතු ප්‍රමාණය ආදී සාධක ඔස්සේ වර්ගීකරණය කළ හැකිය. ඉහත වෙන් රූප සටහනේ සමස්ත දත්ත මගින් ‘සියලුම නිෂ්පාදන’ නියෝජනය කරයි. එම නිෂ්පාදන අතරින් ඇතැම් නිෂ්පාදන එකිනෙකට වෙනස් කාණ්ඩ ද්විත්වයකට අයත් වේ. එනම් කොළ පැහැති දත්ත මගින් ‘නියාමනය කරන ලද නිෂ්පාදන’ සහ කහ පැහැති දත්ත මගින් ‘නීති විරෝධී නිෂ්පාදන’ නිරූපණය වේ. මෙම කාණ්ඩ දෙකටම අයත් නොවන නිෂ්පාදන සඳහා පැහැදිලි කාණ්ඩයක් නොමැති අතර, එම අවිනිශ්චිත නිෂ්පාදන මෙම විග්‍රහ කිරීම වෙනුවෙන් ‘නියාමනය නොකළ නිෂ්පාදන’ ලෙස නිල් පැහැයෙන් දක්වා තිබේ.
නියාමනය නොකළ භාණ්ඩ සඳහා වන ප්‍රවේශය එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආකල්ප ද්විත්වයකින් පැන නැගිය හැකිය. එනම්, පුද්ගල නිදහසේ වැදගත්කම අගයමින් පැහැදිලි නෛතික තහනමක් නොමැති නිෂ්පාදන සියල්ලටම අවසර තිබෙන බව එක් අයකු විශ්වාස කරන විට, තවකකු නීතියෙන් පැහැදිලිවම අවසර ලබා දී නොමැති නම් කිසිවකට ඒ සඳහා අවසර නොමැත යන මතය දරයි.
ඒ අනුව යම් නිෂ්පාදනයක් කෙරෙහි පැහැදිලි නියාමනයක් කර නොමැති විට හෝ නීති විරෝධී බව සඳහන් කර නොමැති විට අප සිදුකළ යුත්තේ කුමක්ද යන ගැටලුව මෙහිදී මතු වේ. වත්මනේදී Vape යනු නියාමනවලට අයත් නොවූ බාහිර නිෂ්පාදනයකි.
ජාත්‍යන්තර භාවිතය
එක් එක් රටවල vape සම්බන්ධයෙන් වන නෛතික වර්ගීකරණය විවිධාකාර වන අතර, විවිධ දාර්ශනික මතවාද සහ මහජන සෞඛ්‍ය යන දෘෂ්ටිකෝණ ඔස්සේ බලපෑමට ලක්වූ නියාමන ප්‍රවේශ ඉන් පිළිඹිබු කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් ස්වීඩනය සතුව පුළුල් නියාමන රාමුවක් තිබෙන අතර, එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට අපේක්ෂා කරන රටවලටද එය මනා සැලසුමක් වනු ඇත. ස්වීඩනය තුළ vape නිෂ්පාදනය නීත්‍යානුකූල වුවද එය දැඩි නීති රාමුවකට යටත් වේ. එහි නීති රාමුවට අනුව මෙම නිෂ්පාදනයේ උපරිම නිකොටින් සාන්ද්‍රණය මිලිග්‍රෑම් හෝ මිලි ලීටර් 20 විය යුතු අතර, එය ළමා පරිභෝජනය සඳහා නිකුත් නොකරන බවට හා විකෘතිතා ඇති නොකරන බවට තහවුරු කළ යුතුය. එමෙන්ම නැවත එම නිෂ්පාදන පිරවීමේදී මිලි ලීටර් 10 නොඉක්මවිය යුතු අතර, එම නිෂ්පාදන බහාලුම් (cartridges) මිලි ලීටර් 2 ට සීමා කර ඇත. එමෙන්ම ඇසුරුම් කිරීමේදී ලේබලයේ ඉදිරිපස මෙන්ම පසුපස ද සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සඳහන් කළ යුතු අතර, එය අන්තර්ගතය පිළිබඳ ස්වීඩන් භාෂාවෙන් ලියවුණු ප්‍රකාශයක් සහ තොරතුරු පත්‍රිකාවකින් ද සමන්විත විය යුතුය.
ශ්‍රී ලාංකික පසුබිම
Vape පිළිබඳ ශ්‍රී ලංකාව තුළ පැහැදිලි පසුබිමක් නිර්මාණය වී නොතිබීම කෙරෙහි හේතු වී ඇත්තේ නෛතික රාමුවේ අපැහැදිලි බව නොව, vape නිෂ්පාදන පිළිබඳව පවතින අවම අවබෝධය වේ. මෙම නිෂ්පාදන සඳහා තාවකාලික මර්දනයක් කිරීමට මෙම ව්‍යාකූලත්වය හේතු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් අවස්ථාවලදී නිලධාරීන්ට රිසි සේ සහ වාර්තා කිරීම්වලින් තොරව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, දඩ මුදල් පැනවීම් ආදී පදනමක් නොමැති ක්‍රියා ද සිදුවේ.
නියාමනය සම්බන්ධයෙන් අපේ රටේ පවතින මෙම අඩුලුහුඬුකම් හේතුවෙන් නීතිමය අවිනිශ්චිතතාව සහ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන නොගැළපීම් පමණක් නොව එම නියාමනය නොකළ නිෂ්පාදන මගින් පාරිභෝගිකයන්ට බරපතළ සෞඛ්‍ය අවදානම් ඇති කිරීම වැනි සංකීර්ණ ගැටලු ද ඇති වේ.
ඒ වගේම බදු ඔස්සේ රජයට අයවිය යුතු රජයේ ආදායම් කෙරෙහි මේ තුළින් බලපෑමක් එල්ල කරයි. සමාජ විද්‍යාත්මකව සහ ඓතිහාසිකව ගත් කල තහනම් කිරීමේ ක්‍රියාවලි හරහා අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර දී ඇති අවස්ථා සීමිතය. එනම්, 1920 දශකයේ දී ක්‍රියාත්මක වූ ‘මහා තහනම’ යහපත් චේතනා මුල් කරගනිමින් ක්‍රියාත්මක වුවද එය සංවිධානාත්මක අපරාධ බහුලවම සිදුවූ කාලවකවානුවක් ලෙස බොහෝ දෙනා හඳුන්වති. මෙම කාල වකවානුවේදී මේ හරහා අහෝසි කිරීමට අරමුණු කරගත් නිෂ්පාදනවලටත් වඩා ඉතා අඩු ගුණාත්මකභාවයකින් යුතු හානිදායක ව්‍යාජ නිෂ්පාදන (‘moonshine’) රාශියක් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සිදු වී තිබේ. තහනම් කිරීම සහ කළු වෙළෙඳපොළේ නැග්ම අතර ඇති සහසම්බන්ධය මේ සම්බන්ධයෙන් වන වාර්තා තුළ සඳහන් වී ඇත. නිෂ්පාදන ලබා ගැනීම සඳහා ඇති නීතිමය මාර්ග සීමා කර ඇතිවිට, පාරිභෝගික ඉල්ලුම බොහෝ විට නොවෙනස්ව පවතින අතර, ඒ තුළින් නියාමනය නොකළ හා වඩාත් හානිකර විකල්ප ව්‍යාප්ත වීමට ඉඩ ප්‍රස්ථාව ඇති වේ. නිදර්ශන ලෙස බ්‍රසීලයේ vape සඳහා පූර්ණ තහනමක් පනවා ඇති පසුබිමක වුවද, එම නෛතික තහනම් නියෝග ද නොතකමින් vapes පිළිබඳ කළු වෙළෙඳපොළ දියුණු වන බව වාර්තා වේ. 2025 වසර වන විට නීති විරෝධී Vape වෙළෙඳපොළ හරහා බ්‍රසීලයට රියාස් බිලියන 7.7 ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක්) පමණ බදු ආදායමක් අහිමිවිය හැකි බව සාඕ පවුලෝ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා ආයතනයේ අධ්‍යයනයක් හරහා පෙන්වා දී තිබේ.
ඒ අනුව මේ සඳහා ඇති වඩාත් ප්‍රායෝගික විසඳුම ලෙස Vape වැනි දුම් රහිත නිකොටින් නිෂ්පාදන, දුම්වැටිවලට පරිබාහිර කාණ්ඩයක් ලෙස හඳුනාගනිමින් එහි අවදානම් තත්වයට අනුකූලව නිෂ්පාදන නියාමනය කිරීම දැක්විය හැකිය. ඒ අනුව නීතිමය නිශ්චිතභාවය ඉදිරියට ගෙන යාම සහ පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රාථමික අඩංගු ද්‍රව්‍ය ලෙස නිකොටින් පමණක් අඩංගු vape නිෂ්පාදන සහ මුඛ නිෂ්පාදන (oral products) පමණක් ආවරණය කරන්නා වූ පැහැදිලි නියාමන රාමුවක් අවශ්‍ය වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉලෙක්ට්‍රොනික් දුම්වැටි දේශීය ප්‍රතිපත්ති සාකච්ඡා කළ යුත්තේ ඇයි?