(කාංචන කුමාර ආරියදාස)
අර්තාපල් අල සඳහා ආනයනික බද්ද අඩු කිරීමත් සමඟ විශාල වශයෙන් ඉන්දියාවෙන් අර්තාපල් අල දඹුල්ල වෙළෙඳ පොළට රැගෙන ඒමත් සමඟ දේශීය අර්තාපල් අල සහ විදේශීය අර්තාපල් අල මිල අතර අර්බුදකාරී තත්ත්වයක් පැවතීම නිසා ව්‍යාපාරිකයෝ හා පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
ඉන්දියාවෙන් කොටියා ලකුණ සහිත අර්තාපල් අල විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් ඇති බවත් එම අල කිලෝ එකක තොග මිල රුපියල් 35ක් බවත් වෙළෙන්දෝ පවසති. දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 65 සිට 85 දක්වා මිලක් පවතී. එහෙත් තමන්ගේ අස්වනු වෙළෙන්දන් ලබා නොගෙන රුපියල් 35කට ඉන්දියාවේ අර්තාපල් අල මිලදී ගන්නා බව ගොවීහු පවසති.
අර්තාපල් අල ගෙන්වන වෙළෙන්දන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් කියා සිටියේ රජය විසින් පනවා තිබූ බදු මුදල ඉවත් කිරීමත් සමඟ විශාල වශයෙන් අර්තාපල් අල ලංකාවට ගෙන්වීම සිදුවන බවත් එම තරගකාරී තත්වය නිසා මිල පහත වැටී ඇති බවත්ය. ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ ලංකාවට අර්තාපල් ගෙන්වීමේදී රුපියල් 40ක පමණ පිරිවැයක් දැරීමට සිදුවුවද රුපියල් 35 ට අඩු කරගන්නේ වියදම පියවා ගැනීමට බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ දේශපාලකයෝ... රටේ මිනිස්සුන්ට සලකන විදිහ. හැමදාම අස්වනු නෙලන කාලෙට කොමිස් කුට්ටිය ගන්න කොහෙන් හරි ඒවා ගෙනල්ලා වෙළඳපොලට දානවා. අහිංසක ගොවියෝ හැමදාම අන්ත දුප්පත් වෙලා දේශපාලකයින් පස්සේ පිහිටක් ගන්න දුවනවා. මේක ඉතින් හැමදාම කැරකෙන රෝදේනේ...
අඩු මිලට අර්තාපල් ආවම ගොවියාට අසීරුයි... ඒක හරි, ඒත් පාරිභෝගිකයාට තියෙන ගැටළුවක් සඳහන් කරලා නෑනේ.
රජයක් හැටියට එහෙම තමයි ඉන්න ඕනෑ.. ඡන්දෙ දුන්නු ජනතාවටම තමයි වැඩේ දෙන්න ඕන. ගොවියාව අතරමන් කරන්න ඕන, ආනයන වැඩි කරලා අපනයන අඩු කරලා, රටේ සල්ලි පිටරටවලටම තමයි යවන්න ඕනෑ. බොහොම හොඳයි.
මෙන්න යහපාලන රජයේ හාස්කම්. මෙයාලා හදන්නේ ගොවියට බියර් එකක් පොවලා, බ්‍රේස්ලට් එකක් බැඳලා, ලැප්ටොප් එකක් තියාගෙන, වොක්ස්වැගන් කාර් වලින් ගිහිල්ලා පිටරටින් ගෙනෙන අලගෙඩියක් කාලා දවස ගෙවන්න.
මෙයට නිෂ්පාදන වියදම්, නැව් ගාස්තු, ගුදම් ගාස්තු, ආනයනික බද්ද සහ ප්‍රවාහන ගාස්තු ඇතුලත්. ඇයි අපේ රටේ හදන දේශීය අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 65 / 85 වෙන්නේ? මේකට උත්තර හොයන්න නැතුව හැමදාම බදු ගහල එකෙන් ගොවියන්ට සහනාධාර දෙන එක වැඩක් නැහැ. එතකොට හැමදාම ගොවියෝ දුප්පත්. දේශපාලකයින්ට වාසි.
දිගටම මෙහෙම්ම යමු............
ඉන්දියාවේ ගෙන්වා රු.35ට අල දෙන්න පුලුවනම් අපේ රටේම නිපදවා ගන්නා අල ඔපමණ ගණන් මොකද? පරිබෝගිකයාට දොස් කියන්න එපා. අපට ලැබෙන වැටුප කීයකට වියදම් කරන්න තිබෙනවාද? අල වලට පමණක් නොවෙයි පොල් ගෙඩියකට රු. 100 අයින් කරන්න ඕනේ. හාල් කිලෝ එකකට 100 අයින් කරන්න ඕනේ. ඉන්දියාවෙන් හාල් ගෙනාවත් මිල බොහොම අඩුයි.
මිල වැඩි වුණාම රජයට බනින මිනිස්සු භාණ්ඩයක මිල අඩු වුණාමත් රජයට බනිනවා. අපේ රටේ ආණ්ඩු වල නෙමේ ප්‍රශ්නය තිබෙන්නේ, මේ රටේ මිනිසුන්ගෙයි ප්‍රශ්නය තිබෙන්නේ. පාරිභෝගිකයින්ව ගසා කාලා රොකට් වේගයෙන් ධනපති වෙන්නනේ හැමෝම හිතන්නේ. භාණ්ඩ පමණක් නොවෙයි කම්කරුවන් පවා මේ රටට ගෙන්වන වැඩ පිළිවෙලකට යන්න ඕනෑ. වැඩ කරන්නේ නැතිව මුදල් පමණක් කොල්ල කන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සුන්ට ගන්න මුදල වගතුවක් වෙයිද? හැමෝම පහසුවට දේශපාලකයින්ට දොස් නගන්න පමණක් හුරුවී සිටිනවා. නමුත් රටේ බහුතර ජනතාවගේ ක්‍රියාකාරකම් වලට ගැලපෙන හා ඉතාම සුදුසු නායකයින් මේ ප්‍රබුද්ධ ජනතාවට හිමිවී ඇති බව වැටහෙන්නේ මේ රටේ කීයෙන් කී දෙනාටද?
ශ්‍රී ලංකාවේ ගොවින් විනාශ කිරීමට තස්ත්‍රවාදීන් වෙනත් විදියකින් ඇවිත් වගේ...............
මෙතැනදී මීට වැඩිය එහා හිතන්න වෙනවා. ලංකාවේ අල ගොවීන් කී දෙනෙක් ඉන්නවද? අවුරුද්දකට අල කොපමණ නිපදවනවද, ඉල්ලුම කොපමණද? අල ගොවියා ගැන බලනකොට අල ගිනි ගණන් කියනවා. ලාබෙට ගෙනාවම ගොවියා අනාථ කරනවා කියනවා. ගොවියා ගැන හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ වගේම පාරිභෝගිකයාගේ සාක්කුව ගැනත් හිතන්න ඕනේ. ලංකාවේ අල වල තත්වය උසස් නිසා ගාන වැඩි වුණාට කමක් නෑ. කරන්න තියන එකම දේ නිෂ්පාදනය වැඩි කරන එක තමයි.