

භානුක අමරසිංහ
ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම ශ්‍රී ලංකාවේ කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී (කොළඹ නැව් තටාකාංගණ සමාගම) මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. 
මෙහිදී කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ සියයට 51ක කොටස් හිමිකාරීත්වයක් මිලදී ගැනීමට මැසගොන් සමාගම ඉදිරිපත්ව සිටින අතර, ඒ සඳහා ඉදිරිපත් කර ඇති වටිනාකම එ.ජ. ඩොලර් මිලියන 52.96ක් ලෙස සටහන්ව තිබේ. 
කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවා වූ ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ්  (Onomichi)  සමාගම 2024 නොවැම්බර් මාසයේදී එම ආයෝජනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කිරීමත් සමගින්ම කලම්බු ඩොක්යාර්ඩ් සමාගම නව ආයෝජකයකු සෙවීමේ නිරත විය. 
එහි ප්‍රතිඵලයක් ලෙස කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී, මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් සහ ඔනොමිචි ඩොක්යාර්ඩ් යන සමාගම්වල නියෝජිතයන් පසුගියදා මෙම අත්පත් කරගැනීම සඳහා වන එකඟතාවට අත්සන් තැබීම සිදු කර තිබේ. 
මෙම යෝජිත අත්පත් කරගැනීමේ එකඟතාව මාස හතරත් හයත් අතර කාලයේදී සම්පූර්ණ කිරීම අපේක්ෂාවයි. කෙසේ වෙතත් මෙම මිලදී ගැනීමේ එකඟතාව සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද සඳහන් වෙයි.
ඔනොමිචි සමාගමට අමතරව කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ අනෙකුත් ප්‍රධානතම කොටස්හිමිකරුවන් වන්නේ සේවක අර්ථසාධක අරමුදල (16.34%), ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා අරමුදල (10%), ශ්‍රී ලංකා වරාය අධිකාරිය (5%), සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල‍් (2.4%) යන ආයතනයි. 
1774 වසරේදී ආරම්භ කෙරුණු මෙම මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම, අද වනවිට ඉන්දියාවේ බොම්බේ කොටස් හුවමාරුවේ සහ ජාතික කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමකි. එහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 15.12ක් ලෙස සටහන් වෙයි. 
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දියාවේ මැසගොන් ඩො.මි. 53 කට කලම්බු ඩොක්යාර්ඩ් මිලට ගනී