‘ශ්රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම තම ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ නගර තුනකට ගුවන් වාර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව හයිද්‍රාබාද්, විශාකාපට්නම් සහ කොයිම්බතූර් යන නගරවලට ගුවන් ගමන් අරඹන අතර එම නගරත් සමඟ ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ඉන්දියාවේ නගර 14ක් සමඟ සෘජු ගුවන් සේවා පවත්වමින් ඉන්දියාවට වැඩියෙන්ම පැමිණෙන විදේශීය ගුවන් සේවාව බවට පත්වී තිබේ.
විශාකාපට්ටම් කරා ගමන් වාර ජූලි 8 වැනිදා සිටත් හයිද්‍රාබාද් කරා ගමන් ජූලි 12වැනිදා සිටත් කොයිම්බතූර් කරා ගමන් වාර ජූලි 16 වැනිදා සිටත් ආරම්භ කෙරෙනු ඇත.
චෙන්නායි, ත්‍රිචි, තිවේන්ද්‍රම්, මුම්බායි, නවදිල්ලිය, ගයා, මදුරායි, වරණාසි, කෝචි, බැංගලෝර් සහ කල්කාටව දක්වා සතියකට ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් ගමන් 108 ක් ක්‍රියාත්මක වෙයි.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොත්ත පිටින්ම මෙහෙ එයි වගේ. හෝටල් හදලා වැඩක් නැහැ. වැඩි වැඩියෙන් චපාති කඩ අරින්න වෙනවා.
අැයි සවල්, උදලු, එහෙමත් බෙදන්න වෙනවා රේල්පාරවල් අයිනේ ඉන්න මිනිස්සුන්ට. නැතිනම් ලොකු පාරිසරික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා.
මේ රටේ පාලකයින් හරිම මෝඩ වැඩ කරන්නේ. දැන් බලන්න... මේ රජය ආපුගමන්ම පැරිස් - කොළඹ ශ්‍රී ලන්කන් ගුවන් සේවය නවතා දැමුවා. ප්‍රංශය කියන්නේ ලෝකයේ වැඩිම සංචාරකයින් පැමිණෙන රට... එය වසරකට මිලියන 85 ක් පමණ වෙනවා. එවැනි රටක් හා ගුවන් ගමන් පැවැත්වීමෙන් අපේ රටට අත්වුණ වාසි අපමණයි. නමුත් අපේ අය සිදුකල දෙයින් අපිටවත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයටවත් ලැබුණු දෙයක් නැත. නමුත් නැවත වතාවක් පැරිස් - කොළඹ සේවය ඇරඹීමට ප්‍රංශය එකඟවෙයි කියා සිතිය නොහැක. ඒ තමයි ප්‍රංශ ජාතිකයාගේ සදා නොනැසෙන ආඩම්බරය. ඔබට මා වරක් එපානම් මට ඔබව සිය වරක් එපා' යයි කියන්නාක් මෙනි.
මේ ඉන්දියන් කාරයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. ඉන්දියන් ක්‍රිකට් ටීම් එකෙන්ම ඒක පේනවනේ...
මොන තරම් ගුවන් ගමන් දැම්මත් වැඩක් නැහැ. වැඩියෙන්ම ශ්‍රී ලාංකිකයෝ වන්දනාවේ යන නගරයට කෙලින්ම ගුවන් ගමන් පවත්වාගෙන යන්න යන්නේ ඉන්දියානු ගුවන් සේවයනේ. හොඳම කුට්ටිය එයාලා ගත්තට පස්සේ ඉතුරුවෙන හාල් කෑලි තමයි අපට දීලා තියෙන්නේ...
ප්‍රංශයට යන ගුවන් ගමන් නවත්තල ලංකාවේ ශ්‍රීලන්කන් පාලකයෝ අමු ගොන් හරක්
මේක යට ගිය ECTA ගිවිසුමට තවත් උඩගෙඩි දීමක් .....
මෙල්බර්න් නගරයට දිනපතා සේවය සමඟ මෙම සම්බන්ධතා වඩාත් හොඳ වෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දියානුවන්ට ශ්‍රීලන්කන් භාවිතා කිරීම පහසු වෙනවා. ඉන්දියන් ගුවන් සේවය ගැන එතරම් හොඳක් නොදකින ඔවුන්ට මෙය හොඳ ගමන්මාර්ගයක් වේවි.
ලලිත්.., මෝඩ වෙන්න එපා. ලංකාවේ ඉන්න බොහොමයක් පත්තරේ කියවනවා.
ජර්මනියට සහ ඉතාලියට වගේම ප්‍රංශයට ගුවන් ගමන් නතර කිරීමෙන් ලාංකිකයන්ට දැන් මාරුවෙවී ලංකාවට යන්න වෙලා තියෙන්නේ. ඒ නිසාම ලංකාව අැරුණු විට නොනවත්වා ගුවන් ගමන් තියෙන සියගණනක් වූ අනික් රටවල් වලට සංචාරකයන්ගේ ගමන් වැඩිවෙලා තියෙනවා. තායිලන්තයට, මැලේසියාවට කොහේ ගියත් ඉන්දියන් සාගරය. ගුවන් ගමන් කාලයේ වෙනසක් නැහැ.
එයාර්ලංකා වැඩි දුරගමන් යන්නේ නැති එක හොඳයි, කොයි වෙලේ කඩාවැටෙයිද දන්නේ නෑ. දැන් එයාර් ලංකා නඩත්තු ගැන අන්තර්ජාතික තත්ව කමිටුව පරීක්ෂාවෙන් ඉන්නේ...
ඩෙංගු මදිවට ඉන්දියාවේ තිබෙන මාරාන්තික රෝගත් ඉක්මනින්ම ලංකාවට ලෑන්ඩ්
තව රොඩු ටිකක් රටට එකතුවෙන වැඩක් වගේ.