IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය රජයේ ආදායම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය කාර්ය සාධක බළකායේ දූත පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ අදාළ වෙනත් නියාමන ආයතනවල නිලධාරීන් සඳහා ධාරිතා ගොඩනැගීමේ සහ පුහුණු වැඩසටහන්වල දෙවැනි අදියර පැවැත්වීමට පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. 
මූල්‍ය බුද්ධි ඒකකයේ, මූල්‍ය කාර්ය සාධක බළකායේ, ඉන්දීය සංචිත බැංකුවේ, ඉන්දීය සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලයේ සහ රක්ෂණ නියාමන සහ සංවර්ධන අධිකාරියේ ප්‍රවීණයෝ මෙම දූත පිරිසට ඇතුළත් වූහ. 
වැඩසටහනේ අවධානය මූල්‍ය ක්ෂේත්‍රය අධීක්ෂණය, නියාමන සම්බන්ධීකරණය සහ මූල්‍ය පද්ධතියේ නැගීඑන අභියෝග යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම යනාදිය වෙත යොමු විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ, රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනවල නියෝජිතයෝ රැසක් මෙම පුහුණු සැසි සඳහා සහභාගී වූහ. 
මෙම සැසි අනුකූලතාව සහ ආයතනික ධාරිතාව ඉහළ නැංවීමට අදාළව ප්‍රායෝගික පැතිකඩ සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රවීණයන් සමග සමීපව කටයුතු කිරීමට සහභාගි වන්නන්ට අවස්ථාව ලබා දෙමින් නියාමන කටයුතු නිරීක්ෂණය, අධීක්ෂණය හා සම්බන්ධ කටයුතු, ක්ෂේත්‍රයන්ට සුවිශේෂී ප්‍රවේශයන්, සිද්ධි ඇසුරෙන් සාකච්ඡා සහ පෞද්ගලික අංශය සමඟ අත්දැකීම් බෙදා ගැනීම යනාදිය ආවරණය කළේය.
මෙම දූත පිරිස දැනට ක්‍රියාත්මක සහයෝගීතාව සමාලෝචනය කිරීම සහ නියැලීම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත හැකි පියවර හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නායකත්වය ද හමු වූහ. අතථ්‍ය වත්කම් සේවා සම්පාදකයන් (Virtual Asset Service Providers – VASPs) සඳහා නියාමන රාමුව සහ ඩිජිටල් ගෙවීම් සම්බන්ධයෙන් ඉන්දියාවේ අත්දැකීම් සම්බන්ධයෙන් ද සාකච්ඡා කළහ.
මෙම සංචාරයට පෙරාතුව දෙපාර්ශ්වය අතර අතථ්‍ය අයුරින් අන්තර්ක්‍රියා පැවති අතර මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී නියැළීම්වල පළමු අදියර පැවැත්විණ. මෙම ජවය අඛණ්ඩව පවත්වාගෙන යමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමල නියාමන සූදානම වැඩි දියුණු කිරීම සහ ගෝලීය ප්‍රමිති සමග සමපාත වන බව සහතික කිරීම සඳහා තවදුරටත් අමතර අතථ්‍ය සැසි පැවැත්වෙනු ඇති අතර දෙපාර්ශ්වය විසින්ම සංචාර ද සිදු කරනු ඇත.



අදහස් (0)

ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 507 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site