IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දියා ජපාන සංසදයේ හතරවැනි සැසිය අතර මිලින්ද මොරගොඩ එරට ප්‍රධානීන් හමුවෙයි


ඉන්දියා -ජපන් සංසදයේ හතරවැනි සැසි වාරය නවදිල්ලියේ දී පැවැත්වෙන අතර පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා එහි ආරාධිතයකු වශයෙන් සහභාගී වී සිටී. ඉන්දීය විදේශ අමාත්‍යංශය හා අනන්තා පදනම මෙම සංසදය සංවිධානය කරයි. 

මෙම සැසිය අතරවාරය් දී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්,මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම්, ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිශ්රි ඇතුළු ඉන්දීය ඉහළ පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයෝ මුණ ගැසිණ.

සුළි කුණාටු  විපත්වලට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ හා පුනර්ජීවනයක් ඇති කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දියාවට නායකත්වය ගත හැකි බව මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දී තිබේ. උපායශීලී හවුල්කරුවකු ලෙස ජපානයට සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ හැකි  බව ද මිලින්ද මොරගොඩ මහතා සඳහන් කර ඇත.

ඉන්දියාව හා ජපානය ගොඩනැගෙන සහයෝගීතාවෙන් ආර්ථික ආරක්ෂාව, වෙළෙඳාම, න්‍යෂ්ඨික බලය, ඩිජිටල්කරණය, ඛනිජ සම්පත් සහ ආයෝජන ක්ෂේත්‍රවල සැලකිය යුතු අවස්ථා අලුතින් අත්පත් කරගත හැකි බව ද මිලින්ද මොරගොඩ මහතා මෙම සංසදයේ සිය දේශනය අතරතුර තවදුරටත් සඳහන් කර තිබේ. දෙරට අතර ඉහළ පෙළේ නායකත්වයට රටවල් අතර ද්වී පාර්ශවික හා බහු පාර්ශවික සබඳතා උපායශීලීව ඉදිරියට ගෙන යා හැකි ආකාරය සම්බන්ධයෙන් නවතම පැතිකඩ ඉන්දීය -ජපාන සංසදය මගින් ඉදිරියේ පවතින බව ද දක්වා තිබේ.



අදහස් (0)

ඉන්දියා ජපාන සංසදයේ හතරවැනි සැසිය අතර මිලින්ද මොරගොඩ එරට ප්‍රධානීන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 410 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site