(කටුනායක ටී.කේ.ජී.කපිල )
ඉන්දියානේ අභ්‍යන්තර ගුවන් සේවාවක් වන ‘ඉන්ඩිගෝ“ ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් ලෙසින් අද උදෑසන සිට ගමන්වාර ආරම්භ කළේය. ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා දවසකට තුන් වරක් මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වෙයි.
අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙම "ඉන්ඩිගෝ ගුවන් සේවය " ක්‍රියාත්මක වීමට නියමිතය . මෙම ගුවන් සේවයේ ප්‍රථම ගමන්වාරය අද (20) උදෑසන 8.00 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ක්‍රියාත්මක විය. යානයේ නියමුවා ලෙස කපිතාන් අෂීම් මිත්‍රා මහතා කටයුතු කළේය.
මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුනි . නව ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස හේමාස් සමාගම කටයුතු කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටු මෙවැනි ගුවන් සේවා ලංකාවට එන එක. මොකද ලංකාව හබ් එකක් කරන්නනම් මගීන් ගෙන්න ගන්න උවමනයි.
ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් සේවා ඉතාමත්ම දුර්වල හා භයානක තත්වයේ තියෙන්නේ. ප්‍රවේසම් වෙන්න.
ටිකට් එකක් කීයද?
අපේ මිහින් ලංකා නවත්තලා සල්ලි පිටරටට දෙන්න.. එ්ක තමයි හොඳ.
kuma මිහින් ලංකා, ලංකාවට ගේනවා වගේ තුන් ගුණයක් විතර පිටරට ඇරියා හොරකම් සහ නුසුදුසු පාලකයෝ පත් කරපු නිසා !
මගේ කියමනට අකමැති අයවලුන් ඉන්නවා කියල හිතාගන්න මට අමරුයි. මොකද මම කිව්වේ රටට හොදක් වෙන දෙයක්. මේවගේ අකමැති අයවලුත් අපේ රටේ ඉන්නවා
මගේ දැනුමේ හැටියට ඉන්දියාවේ පවතින ප්‍රධාන ගුවන් සමාගම් අතරින් ලාබ ලබන එකම ගුවන් සමාගම වන්නේ IndiGo ගුවන් සමාගම පමණි සහ එහි සේවාව ඉතාමත් ඉහල මට්ටමක පවතී (සාපේක්ෂව). ලිපියෙහි සදහන් පරිදී මෙය ඉන්දියානු අභ්‍යන්තර ගුවන් සේවාවක් නොවේ. එය ලියුම්කරුගේ බොරුවකි හෝ ඔහුගේ නොදැනුවත්කමද විය හැක. මේ වනවිටත් IndiGo ගුවන් සේවය මැද පෙරදිග ඇතුළු ජාත්‍යන්තර ගුවන් සේවා කීපයක් ක්‍රියාත්මක කරමින් පවතී.
මෙය ඉන්දියාව තුළ ගමනාන්ත 41 ක් හා වෙනත් රටවලට ගමනාන්ත 7 ක් ක්‍රියාත්මක කරන ගුවන් සමාගමකි.............
මුළු රටේම සම්පත් සහ සේවාවන් වෙන රටවල් වලට විකුණන එක දැන් පුරුද්දට ගිහිල්ලා
ඉන්දික සමග මම ද එකඟ වෙමි. මේ මගින් යම් පමණකට විදේශ විනිමයක්ද අපට නොලැබෙනවාම නොවේ. පැහැදිලිවම අපි මේ දුප්පත් මානසිකත්වයෙන් මිදී ඉදිරියට යායුතුමය. ආසියාවේ දෙවන විශාලතම අඩු පිරිවැය ගුවන් සේවය වන "ඉන්ඩිගෝ" ගුවන් සමාගම ඇමෙරිකාවේ වෙසෙන අනේවාසික ඉන්දීය ජාතිකයන් දෙදෙනකු වන රාහුල් භාතියා සහ රකේෂ් ග(න්) දෙදෙනා විසින් ආරම්භ කර ඇති මෙම ගුවන් සේවාව දිනපතා ගමන් වාර 679 ගමනාන්තයන් 40 ක් වෙත සිය පියාපත් දිග හරියි. මෙම ගුවන්යානාවල ඇත්තේ පිරිමැසුම් ( ඉකොනොමි ක්ලාස් ) පන්තිය පමණක් වන අතර එහි ගමන් කළ හැක්කේ මගීන් 180 ක් පමණි. මෙම ගුවන් සේවය 2006 මැද භාගයේදී ආරම්භ කර ඇත.