IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඉන්ඩිගෝ ගුවන් සේවය කොළඹ ගමන් අරඹයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )

ඉන්දියානේ අභ්‍යන්තර ගුවන් සේවාවක් වන ‘ඉන්ඩිගෝ“ ගුවන් සේවය  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් ලෙසින් අද උදෑසන සිට ගමන්වාර ආරම්භ කළේය. ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා දවසකට තුන් වරක් මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වෙයි.

අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙම "ඉන්ඩිගෝ ගුවන් සේවය " ක්‍රියාත්මක වීමට නියමිතය . මෙම ගුවන් සේවයේ ප්‍රථම ගමන්වාරය අද (20)  උදෑසන 8.00  ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ක්‍රියාත්මක විය. යානයේ නියමුවා ලෙස කපිතාන් අෂීම් මිත්‍රා මහතා කටයුතු කළේය.

මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුනි . නව ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස හේමාස් සමාගම කටයුතු කරයි .



අදහස් (13)

ඉන්ඩිගෝ ගුවන් සේවය කොළඹ ගමන් අරඹයි

indika Saturday, 20 January 2018 06:00 AM

හරිම සතුටු මෙවැනි ගුවන් සේවා ලංකාවට එන එක. මොකද ලංකාව හබ් එකක් කරන්නනම් මගීන් ගෙන්න ගන්න උවමනයි.

:       71       104

Perakum Saturday, 20 January 2018 09:28 AM

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් සේවා ඉතාමත්ම දුර්වල හා භයානක තත්වයේ තියෙන්නේ. ප්‍රවේසම් වෙන්න.

:       9       214

Don Saturday, 20 January 2018 10:23 AM

ටිකට් එකක් කීයද?

:       0       7

kuma Sunday, 21 January 2018 09:36 AM

අපේ මිහින් ලංකා නවත්තලා සල්ලි පිටරටට දෙන්න.. එ්ක තමයි හොඳ.

:       64       231

waruna Tuesday, 23 January 2018 06:50 AM

කුමාර, ශ්‍රී ලන්කන් එයාර් ලයින් එක හරියට දුවාගන්න බැරුව කොහොමද මිහින් ලංකා නඩත්තු කරන්නේ

:       101       7

vajira Monday, 22 January 2018 03:30 AM

kuma මිහින් ලංකා, ලංකාවට ගේනවා වගේ තුන් ගුණයක් විතර පිටරට ඇරියා හොරකම් සහ නුසුදුසු පාලකයෝ පත් කරපු නිසා !

:       50       78

indika Monday, 22 January 2018 07:12 AM

මගේ කියමනට අකමැති අයවලුන් ඉන්නවා කියල හිතාගන්න මට අමරුයි. මොකද මම කිව්වේ රටට හොදක් වෙන දෙයක්. මේවගේ අකමැති අයවලුත් අපේ රටේ ඉන්නවා

:       27       36

bandara Monday, 22 January 2018 08:42 AM

මගේ දැනුමේ හැටියට ඉන්දියාවේ පවතින ප්‍රධාන ගුවන් සමාගම් අතරින් ලාබ ලබන එකම ගුවන් සමාගම වන්නේ IndiGo ගුවන් සමාගම පමණි සහ එහි සේවාව ඉතාමත් ඉහල මට්ටමක පවතී (සාපේක්ෂව). ලිපියෙහි සදහන් පරිදී මෙය ඉන්දියානු අභ්‍යන්තර ගුවන් සේවාවක් නොවේ. එය ලියුම්කරුගේ බොරුවකි හෝ ඔහුගේ නොදැනුවත්කමද විය හැක. මේ වනවිටත් IndiGo ගුවන් සේවය මැද පෙරදිග ඇතුළු ජාත්‍යන්තර ගුවන් සේවා කීපයක් ක්‍රියාත්මක කරමින් පවතී.

:       0       7

PerakumTuesday, 23 January 2018 04:54 AM

කරුණු පැහැදිලි කිරීම ගැන බණ්ඩාරට ස්තූතියි.

:       0       3

ravi Monday, 22 January 2018 10:56 AM

මෙය ඉන්දියාව තුළ ගමනාන්ත 41 ක් හා වෙනත් රටවලට ගමනාන්ත 7 ක් ක්‍රියාත්මක කරන ගුවන් සමාගමකි.............

:       0       0

Neelaka Monday, 22 January 2018 12:36 PM

මුළු රටේම සම්පත් සහ සේවාවන් වෙන රටවල් වලට විකුණන එක දැන් පුරුද්දට ගිහිල්ලා

:       1       141

indikaTuesday, 23 January 2018 06:13 AM

ඉන්දිගෝ ලංකාවට ආවා කියල සම්පත් විකුණනවා කියන්නේ කොහොමද. මෝඩ කතා කියන්න එපා. හොද දෙයක් හොදා කියල කියන්නේ නැතිව. මොන ලෝකෙද ඉන්නේ ඔබතුමා.

:       0       56

thilina Tuesday, 23 January 2018 05:40 PM

ඉන්දික සමග මම ද එකඟ වෙමි. මේ මගින් යම් පමණකට විදේශ විනිමයක්ද අපට නොලැබෙනවාම නොවේ. පැහැදිලිවම අපි මේ දුප්පත් මානසිකත්වයෙන් මිදී ඉදිරියට යායුතුමය. ආසියාවේ දෙවන විශාලතම අඩු පිරිවැය ගුවන් සේවය වන "ඉන්ඩිගෝ" ගුවන් සමාගම ඇමෙරිකාවේ වෙසෙන අනේවාසික ඉන්දීය ජාතිකයන් දෙදෙනකු වන රාහුල් භාතියා සහ රකේෂ් ග(න්) දෙදෙනා විසින් ආරම්භ කර ඇති මෙම ගුවන් සේවාව දිනපතා ගමන් වාර 679 ගමනාන්තයන් 40 ක් වෙත සිය පියාපත් දිග හරියි. මෙම ගුවන්යානාවල ඇත්තේ පිරිමැසුම් ( ඉකොනොමි ක්ලාස් ) පන්තිය පමණක් වන අතර එහි ගමන් කළ හැක්කේ මගීන් 180 ක් පමණි. මෙම ගුවන් සේවය 2006 මැද භාගයේදී ආරම්භ කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17686 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site