
මාතර පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික දන්ත රෝහලක් වන ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් (IDC) Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දන්ත රෝහල ලෙස සම්මාන ලැබුවේය. ආයතනයේ නිර්මාතෘ සහ සභාපති වෛද්‍ය සන්ද්‍යානි අමරසිංහ මහත්මිය වෙත හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් සම්මානය පිරිනමන ලදී.
2013දී ඇරැඹුණු IDC රෝහල දිවයින පුරා රෝගීන්ට දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයන විශිෂ්ට දන්ත රෝහලක් ලෙස කීර්තියක් දිනා ඇත. ශ්‍රී ලාංකික රෝගීන්ට අමතරව අමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල රෝගීහුද ගුණාත්මක දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට එහි පැමිණෙති.
මෙම ජයග්‍රහණය මට වාගේම මගේ කාර්ය මණ්ඩලයටත් විශාල ආඩම්බරයක්. අප හැම දෙනාගේම උත්සාහය කැපවීම හා රෝගීන් අප කෙරෙහි තැබූ විශ්වාසය නිසා අපට මේ සම්මානය ලැබුණා.” අමරසිංහ මහත්මිය පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ටර්නැෂනල් ඩෙන්ටල් කෙයාර් Pinnacle සම්මාන දිනයි