සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ‘ඉන්කෝ‘ කර්මාන්ත ප්‍රදර්ශනය හා වෙළඳපොළ ජූනි 26, 27 හා 28 දිනවලදී පෙරවරු 10 සිට පස්වරු 9.30 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනය 26 වැනිදා කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතා අතින්ද, 27 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් සහ 28 වැනිදා මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අතින්ද විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd