සිහින නිවසක්, තමාගේම කියා ව්‍යාපාරයක් යනු සෑම කෙනකුගේම හිතේ ඇඳී තිබෙන ආවේණික සිතුවමකි. ගෘහ අභ්‍යන්තර අලංකරණය යනු අවකාශයක ගුණාත්මක බව වැඩි කිරීමයි. මෙහිදී අවකාශය වශයෙන් සලකනුයේ කාමරයේ බිත්ති හතරට සීමාවන හා සිවිලිම, පොළොව යන කොටස් හය වටාවන සම්පූර්ණ ප්‍රමාණයයි. එම අවකාශයේ අලංකාරය සඳහා හිමිකරුවා භාවිත කරන ගෘහභාණ්ඩ පමණක් නොව පොළොව සඳහා යොදා ගන්නා සිමෙන්ති, ටයිල්, ටයිටේනියම්, ලී වර්ග ද සිවිළිමේ නිමාව, විදුලි බල්බ, විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර, බිත්ති වර්ණක යනාදිය හේතුවනු ඇත. වර්තමානය වන විට ගෘහ අලංකරණය සඳහා විවිධ මාදිලියේ විදුලි බුබුළු මිලදී ගැනීමට පාරිභෝගිකයෝ දැඩි රුචිකත්වයක් දැක්වීමත් සමග ඒ වටා වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ.
අවුරුදු සමයේ බිස්නස්වල තත්වය කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමටත් ගිය ගමනේ දී නුගේගොඩ නාවින්න නගරයේ HD Homedepot වෙළෙඳ ආයතනයේ භාරකරුවන මින්හාජ් මරුසු මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
අවුරුදු කාල සීමාවේ වෙළෙඳසැල වහල තිබුණ නිසා බිස්නස් එකක් තිබුණේ නැහැ. සෑම වසරකම සීසන් එකත් එක්ක තියෙන බිස්නස් එක මේ පාරත් ඒ විදිහටම තිබුණා. ගිය වසරට සාපේක්ෂව මෙච්චර අගයකින් වැඩිවෙලා කියලා සංකේතාත්මක අගයක් කියන්න බැහැ. සුපුරුදු පරිදි බිස්නස් පවත්වා ගෙන යනවා.
Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
ගෘහ අලංකරණය සඳහා යොදා ගන්නා විවිධ මාදිලියේ විදුලි බුබුළු වර්ග පාරිභෝගිකයන්ට අප ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. අවුරුදු නවයක කාල සීමාවක සිට ව්‍යාපාරය පවත්වාගෙන යනවා. අප ආයතනයේ වෙළෙඳ සහයකයන් හත් දෙනෙක් සේවය කරනවා.
පසුගිය වසරවල ආනයනික භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමේ ප්‍රශ්නයක් තිබුණා. එහෙත් මේ වෙද්දී එම තත්වය යම්තාක් දුරට පාලනයවීමක් වෙලා තියෙනවා. භාණ්ඩවල මිලේ වෙනසක් වෙලා නැහැ. එහෙත් සීසන් එකත් එක්ක යම් සහන මිලක් යටතේ පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගන්න අවස්ථාව සලසලා තියෙන්නේ. එනිසා බිස්නස් එක යම් මට්ටමකට පවත්වාගෙන යෑමේ හැකියාව පවතිනවා. ඉදිරියේ දී භාණ්ඩ ආනයනයේ දී ලැබෙන සහන එක්ක භාණ්ඩවල මිල වෙනස් වෙන්න පුළුවන්. දැනට පවතින තත්වයට වඩා ඉදිරියේ දී හොඳ තත්වයක් උදාවෙයි කියලා හිතනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූප :
ජයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉදිරියේ දී බිස්නස්වලට හොඳ තත්වයක් උදාවේවි