IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉදිරි සතියට තීරණාත්මක ගනුදෙනු දිනයක්

කොටස් වෙළඳාමේ අද දිනයේ ගනුදෙනු සිදුවන ස්වභාවය අගෝස්තු මාසයේ අවසන් සතියේ වෙළඳ පොළ හැසිරීම තීරණය කරනු ඇත. ඊයේ (අගෝ 21) ගනුදෙනුවල දී  ලාභ ඉපැයීමේ උත්සාහයකට සූදානම් වූ නමුත් එය පැය කිහිපයකට සීමා විය. විකිණීමේ ප්‍රවණතාවයක් අද දිනයේ නිරීක්ෂණය වුවහොත් ඉදිරි සතියේ දී තව දුරටත් මිල දී ගැනීම් වර්ධනය විය හැකිය. එයට සමාන්තරව සියලු කොටස් මිල දර්ශකය 21,000 සීමාව පසු කරනු ඇතැයි උපකල්පනය කළ හැකිවේ. ගෙවී ගිය දින හතරක කාලය තුළ අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කළ අතර එහි දී තෝරාගත් සමාගම්වල කොටස් සඳහා යහපත් ඉල්ලුමක් තිබුණි. 

2025 වසරේ ආරම්භක ගනුදෙනු දිනයේ සිට ඊයේ දක්වා වෙළඳ පොළ හැසිරීම සලකා බලන පසු සියළු කොටස් මිල දර්ශකය සියයට 23.6 ක වර්ධනයක් පළ කොට තිබේ. පසුගිය වසරේ වර්ධනය සියයට 49.7 ක් වූ අතර එම වර්ධනය තවත් ස්ථාවර හා ඉහළට නංවා ගැනීමට සමත්වීම කැපී පෙනෙන ලක්ෂණයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත්වීම හා ආර්ථිකය හැසිරවීම සඳහා දක්වන නම්‍යතාව කෙරෙහි විශ්වාසනීයත්වයක් පවතිනන බව පෙනේ. 

ඊයේ (අගෝ 21) ගනුදෙනුවල දී සියළු කොටස් මිල දර්ශකය ඒකක 20,715.49 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 0.69 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,108.49 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 3.49 ක ඉහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 10.52 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 45,156 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 378.30 ක් විය. සමාගම් 155 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි. විදේශීය ආයොජකයන් රු. මිලියන 432 ක කොටස් මිල  දීගන්නා අතර විකුණන ලද ප්‍රමාණය රු’. මිලියන 984 කි. රු. මිලියන 552 ක ශුද්ධ අවාසියක් රටට සිදු වී ඇත. 

කැන්ඩි හොටෙල් රු. මිලියන 762 ක්, හොටෙල් කෝපරේෂන් රු. මිලියන 525 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 505 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 485 ක්, සියෙරා කේබල් රු. මිලියන 345 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

නිරීක්ෂක



අදහස් (0)

ඉදිරි සතියට තීරණාත්මක ගනුදෙනු දිනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site