IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉදිරි වසර පහට ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්

ADB සහ EDB අතර එකඟතාවක්


 “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එකගතාවකට පැමිණ සිටී. ඒ එම ආයතනවල නිලධාරීන් අතර ඉකුත්දා පැවැති සාකච්ජාවකදීය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති මත පදනම් වූ ණය (PBL) වැඩසටහන යටතේ, ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය ඉහළ නැංවීම සඳහා පුළුල් ජාතික සැලැස්මක් සකස් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම හමුව පැවැත්විණි.
2018-2022 සඳහා පැවති ජාතික අපනයන උපාය මාර්ග සැලැස්ම විසින් ස්ථාපිත කරන ලද පදනම මත අපනයන සංවර්ධනය සඳහා වඩාත් ඉලක්කගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කිරීම මෙම සැලැස්මේ අරමුණ වේ.
තාක්ෂණික නවෝත්පාදන පිළිගැනීම, නියාමන රාමුව ශක්තිමත් කිරීම සහ තිරසාරභාවය අපනයන ක්‍රියාකාරකම් වෙත එක් කිරීමෙන්, පෙර සාර්ථකත්වය ව්‍යාප්ත කිරීම සහ වඩාත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
NEDP සැලැස්ම සකස් කිරීමේ උපාය මාර්ග, අපනයන විවිධාංගීකරණයේ කාලීන අවශ්‍යතාව, සහ පොදු දැක්මක් වටා සියලු‍ පාර්ශවකරුවන් පෙළගැස්වීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.
මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා මූලික කණ්ඩායමක් පිහිටුවීම, ක්‍රියාකාරී සැලැස්මක් ස්ථාපිත කිරීම සහ ඵලදායී අධීක්ෂණ යාන්ත්‍රණ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී හඳුනාගන්නා ලදී. 



අදහස් (0)

ඉදිරි වසර පහට ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site