මේ වසරේ ඉදිරි කාලයේ දී විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
ප්‍රතිපත්තිමය පොළී අනුපාත නොවෙනස්ව තබා ගන්නා බව දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එලෙස කීවේය.
“මේ වසරේ ඉදිරි කාලයේදී විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙත් අයවැය හා ආණ්ඩුවේ ඉදිරි තීරණ මත එය තීරණය වේවි. දැනට ආර්ථිකය යහපත් තත්ත්වයක ගමන් කරනවා. මේ වසරේ ආර්ථික වර්ධනය වේගය සියයට 5ත් 5.5ත් අතර අගයක පවතිවී. බොහෝ දුරට එය සියයට 5.5ක අගයක් ගනිවි. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකද වෙන්නේ.(හේ)
ලංකාවේ මිනිස්සුන්ගේ අධ්‍යාපනික මට්ටම හොදට තේරෙනවා මේ අදහස් බලපුව (අ)
ඔය බළලා මල්ලෙන් එළියට පැන්නේ. ඔය හදන්නේ ණය නැතුව අපෙන් බදු එකතු කරන්නනේ. (නි)
ණයත් නොගෙන බඩුත් වැඩිනොකර කළොත් තමා දක්ෂකම තියෙන්නේ. (නි)
ගාමිණී ;;මාස හතරකට පමණක් ණය ගැනීම නතර කරහම ඔබට ඔය තරම්ම සන්තෝශද (රේ)
විදේශ ණය නැතිවෙන්නේ අගමැතිතුමා ළඟකදී වැඩ කරන්න සල්ලි ඕන කියලා අපෙන් ඉල්ලුව නිසා. දැන් වැට් සහ අනික් ක්‍රම වලින් අපෙන් ගන්නවනේ.(රේ)
ණය නොවී කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ? ඇයි ඉතින් වැඩිහරියක් වියදම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටනේ (නි)
මේකේ අදහස් දාපු ගොඩක් අයට කිසිම දැනුමක් නැහැ කියලා තේරෙනවා. මහබැංකු වාර්තා බලන්න පහුගිය මාස කීපයට බැඳුම්කර කීයක් අළෙවිකරලද කියලා. විදේශ වලින් ණය නැතත් දේශීය මුලාශ්‍ර වලින් කොච්චර ණය අරගෙනද (නි)
ඒක හොදයි.(හේ)
ඒ ගැන ගොඩක් සතුටුයි.(හේ)
ඒ කියන්නේ ණය ගන්නම ඕනේ කියන එකද රට ගිනියන්න.(හේ)
එතනින් පස්සේ ආයේ ණය අවශ්‍ය වෙයි.(හේ)
මේ වසරේ ඉදිරි කාලයේදී විදේශ ණය ගැනීම අයවැය හා ආණ්ඩුවේ ඉදිරි තීරණ මත තීරණය වේවි කිව්වා නම් කතන්දරේ මීට වඩා පැහැදිලියි නේද අධිපති තුමා. (බ)
ණය වෙන්නේ නැති තරමට හොදයි.(හේ)
ගොඩක් සතුටුයි. (හේ)
ණය නම් අපිට කොහොමත් එපා.(හේ)
කොහොමත් මේ අය ණය ගනී අපි ගෙවනවා.(හේ)
ඒ කියන්නේ හැම මාසයකම ණය අවශ්‍යයි කියලද කියන්නේ (නි)
එහෙනම් ඉදිරියටත් අපි පටි තදකරගෙනම ඉමු නේද? (නි)
ඇත්තටම ණය ඕනේ වෙන්නේ රටට කන්න නෙවෙයිනේ ගසා කන්නනේ (බ)
විදේශ ණය ඕනේ නැහැ බැංකු අණකර විතරක් විකුනපුහාම ඇති ඒ මස තුනට. ඒවා විදේශ නය නෙමෙයිනේ. (අ)
අනේ කොච්චර හොඳයි ද? .මාස කීපයකට හරි ණයක් නැතිව ඉන්න තියනවනම්. අයවැයට තව මාස දෙකයිනේ. එතකොට බලමු ණය ඕනද කියල.(ම)
අනේ කොච්චර හොදද.මාස කීපයකට හරි ණයක් නැතිව ඉන්ඩ තියනවනම්. අයවැයට තව මාස දෙකයිනේ. එතකොට බලමු ණය ඕනද කියල. (බ)