- අමුද්‍රව්‍ය සහ පුහුණු ශ්‍රමිකයන් සපයා ගැනීම තවදුරටත් අභියෝගයක් වෙලා
- සැප්තැම්බර් මාසයේ ඉදිකිරීම් කටයුතු අඩු වේගයකින් ඉහළට
අමුද්‍රව්‍ය සහ පුහුණු ශ්‍රමිකයන් සපයා ගැනීමේ අභියෝග තවදුරටත් පැවතුණද, නව ව්‍යාපෘති ප්රදානය කිරීම හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිකිරීම් ක්ෂේත්රයේ අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතින බව මහ බැංකුව පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී එම අංශයේ සමීක්ෂණයක් හරහා ලබා ගත් දත්ත අනුව සකස් කළ ඉදිකිරීම් අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - සැප්තැම්බර් ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.
මෙම වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේදී මෙරට ඉදිකිරීම් අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 57.8 ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගිය අගෝස්තු මාසයේදී සටහන් වූ දර්ශකාංක 59.4 ට සාපේක්ෂව අඩු වේගයකින් ඉහළ යෑමක් ලෙස සටහන්ව ඇත.
එහිදී විශේෂයෙන්ම නව ව්‍යාපෘති අඛණ්ඩව ආරම්භ වීම, ඉදිකිරීම් අංශයේ වර්ධනයට දායක වී තිබෙන බව මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් බිටුමන් (තාර) හිඟය ඉදිකිරීම් ක්ෂේත්රයේ කටයුතු සඳහා ප්‍රධාන බාධකයක් ලෙස පැවතී ඇති අතර, ඒ හේතුවෙන් මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක කටයුතු ප්‍රමාද වී තිබේ.
මේ අතර රජය විසින් අරමුදල් සපයන ව්‍යාපෘතිවල දායකත්වය හේතුවෙන් නව ඇණවුම් දර්ශකය දර්ශකාංක 62.5 ක සිට 65.6ක් දක්වා වැඩි වේගයකින් ඉහළ ගොස් තිබේ. එසේම සේවක බඳවා ගැනීම් හේතුවෙන් සේවා නියුක්ති දර්ශකය 59.7ක සිට 58.1ක් දක්වා අඩු වේගයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය තවදුරටත් පවතින බව සමීක්ෂණයේ වාර්තා වී තිබේ.
මේ අතර දැනට ක්‍රියාත්මක වන සහ අලුතින් ප්රදානය කරන ලද ව්‍යාපෘති සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම් ඉහළ යෑමත් සමග තොග මිලදී ගැනීම් දර්ශකය 59.4 ක සිට 62.5ක් දක්වා වැඩි වේගයකින් වර්ධනය වී තිබේ. කෙසේ වෙතත් ඇණවුමක් සැපයීමට ගත වන කාලය පිළිබඳ දර්ශකය 59.4ක සිට 65.6ක් දක්වා වැඩි වේගයකින් ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd