කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
ඊශ්‍රායලයේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා සදහා මෙරටින් යන ශ්‍රමිකයන්ට සිය ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණුව ලබාදීමේ පෞද්ගලික මධ්‍යස්ථානයක් ඌරගස්මංහන්දිය යටගලදී විවෘත කෙරිණ.
ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ ජාත්‍යන්තර කාර්යාංශය නමින් මේ මධ්‍යස්ථානය නම් කොට තිබෙන අතර එහි විධායක අධ්‍යක්ෂක ලෙස සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා කටයුතු කරයි.
එම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවූ ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තිදෙනා පොල් තෙල් පහන දල්වා එම මධ්‍යස්ථානය විවෘත කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. ඉදිකිරීම් නිපුණතා සහ පුහුණු කිරීමේ ජාත්‍යන්තර කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂ සමන් ප්‍රියන්ත මහතා ද මෙහි සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd