IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනයක්

විමුක්ති එස් රුද්‍රිගු


ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හැඳින්වෙන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී සියයට 52.9 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. පසුගිය දෙසැම්බර් මාසයේදී සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය සියයට 51.4 ක් ලෙස වාර්තා විය.
සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ සමීක්ෂණයට සහභාගී වූ බොහෝ දෙනෙක් ප්‍රකාශ කර ඇත්තේ විශේෂයන්ම ස්ථාවර මිල මට්ටම සහ හිතකර කාලගුණය වැනි යහපත් ව්‍යාපාරික තත්ව හේතුවෙන් දැනට පවතින ඉදිකිරීම් ව්‍යාපෘති කඩිනමින් අවසන් වෙමින් පවතින බවය. ඒ හේතුවෙන් මෙම ප්‍රගතිය දිගටම පවත්වා ගෙන යාමට නව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවශ්‍ය බවද සමීක්ෂණයට සහභාගීවූවන් අවධාරණය කර ඇත.
නව ඇණවුම් දර්ශකයද පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී සියයට 52.9 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. පසුගිය දෙසැම්බර් මාසයේදී නව ඇණවුම් දර්ශකය සියයට 50 මට්ටමේ පැවැතිණි.
තවද ඉදිරිකිරීම් කටයුතුවල වර්ධනය පිළිබිඹු කරමින් මෙම වසරේ ජනවාරි මාසයේදී තොග මිලදී ගැනුම්ද පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 54.4 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. පසුගිය දෙසැම්බර් මාසයේදී තොග මිලදී ගැනුම් දර්ශකය සියයට 52.9 ක් ලෙස සටහන් විය.

 



අදහස් (0)

ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site