IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ඉඩම් වෙන් කිරීමේ ප්‍රමාදය කාර්මික වර්ධනයට ප්‍රධාන බාධාවක්

නව ව්‍යාපෘතියක් සඳහා ඉඩමක් ලබා ගැනීමට වසර හතරක කාලයක් ගතවන බව අනාවරණය වීමත් සමග ඉඩම් වෙන් කිරීමේ ප්‍රමාදය කාර්මික වර්ධනයට ප්‍රධාන බාධාවක් බව පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුව හඳුනාගෙන ඇත.
ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව මෑතකදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහ එහි ආයතන පහේ කාර්ය සාධනය සමාලෝචනය කළ බවත් එහිදී කාර්මික සංවර්ධනය සඳහා තිබෙන ප්‍රධාන ගැටලු‍වක් ලෙස ඉඩම් වෙන් කිරීමේ ප්‍රමාදය හඳුනාගෙන ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා පැවැසුවේය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කාර්මික අංශය මුහුණ දෙන ගැටලු‍ කිහිපයක් අධීක්ෂණ කමිටුවේ අවධානයට යොමු කර ඇත. එහිදී ඇය පෙන්වාදී ඇත්තේ කර්මාන්ත සඳහා ඉඩම් වෙන්කිරීමේ ගෝලීය සාමාන්‍ය සියයට 3ක් වුවත් ලංකාවේ ප්‍රතිශතය සියයට 0.01 ක් බවය.
ඒ පිළිබඳව අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන් පවසා ඇත්තේ ලංකාව පුරා කර්මාන්ත සඳහා අක්කර 50,000 වෙන් කිරීමට සැලසුම් ආරම්භ කර තිබෙන බවයි.
මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් අනාගතයේදී ගතහැකි පියවර මොනවද යන්න පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමග සාකච්ඡා කර වාර්තාවක් ඉදිරිපත් කරන්න යැයි අධීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වර්තමාන කාර්ය සාධනයද එහිදී සමාලෝචනයට ලක් කරමින් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අපනයන ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වගකිව යුතු රටේ එකම ආයතනය මෙය බවත්, ඇඟලු‍ම්, තේ, රබර්, කුළුබඩු, තොරතුරු තාක්ෂණය, මැණික් සහ ස්වර්ණාභරණ ඇතුළු අංශ ආවරණය වන පරිදි පස් අවුරුදු සැලසුමක් ඒ සඳහා සකස් කර ඇති බවත්ය. අපනයන සංවර්ධන මණ්ඩලයේ බලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙරට විශාලතම අපනයන වෙළෙඳපොළ වන ඇමෙරිකාවේ බදු ප්‍රතිපත්තිය සාර්ථකව කළමනාකරණ කිරීමට තම මණ්ඩලයට හැකියාව ලැබී ඇති බවත් 2023 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් වූ මෙරට අපනයන ආදායම 2028 වසර වනවිට ඩොලර් බිලියන 28 ක් දක්වා ඉහළ දැමීමට ඉලක්ක කර ඇති බවත්ය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය සහ ගැටලු‍ කෙරෙහිද අධීක්ෂණ කමිටුවේදී අවධානය යොමුවී තිබූ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ පර්‌යේෂණ හා පුහුණු ආයතනය සමග ඒකාබද්ධ කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව බලධාරීන් එහිදී ප්‍රකාශ කළේය.
දේශගුණික තත්ව හේතුවෙන් පසුගිය කාලයේදී ස්වභාවික ලු‍ණු නිෂ්පාදනය පහත වැටුණත් ජාතික ලු‍ණු සමාගමේ නිෂ්පාදන කටයුතු ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව සිදුකෙරෙන බව නිලධාරීහු පැවැසූහ. ස්වාභාවික ක්‍රියාවලිය වෙනුවට නවීන තාක්‍ෂණය භාවිතයෙන් කෘත්‍රිමව ලු‍ණු නිපදවීම සඳහා පහසුකමක් අලිමංකඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යාංශ නිලධාරීන් අවධාරණය කළේය.
ජාතික ලු‍ණු සමාගමෙන් මෙම වසරේදී රුපියල් බිලියනයක ආදායමක් රජයට ලැබෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත් එය පසුගිය වසරේදී එම සමාගමේ ආදායමට සාපේක්ෂව සියයට 50 ක වර්ධනයක් වනු ඇතැයි අපේක්ෂා කර තිබෙන බවත් අමාත්‍යංශ නිලධාරීහු පැවැසූහ.
පොල්තෙල් නිෂ්පාදනය කරන වසර 192ක් පැරණි ආයතනයක් වන බී.සී.සී. ලංකා සමාගම උසස් තත්වයේ පොල්තෙල් නිෂ්පාදනය කළද, එම සමාගම තත්ව සහතික ලබාගෙන නොමැති බව අධීක්ෂණ කමිටුවේදී අනාවරණය වී ඇත. සමාගමේ වත්මන් සභාපති එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්වය හේතුවෙන් අපනයන අවස්ථා රැසක් අහිමි වී ඇති බවත්, ඒ හේතුවෙන් SLS, ISO සහ අනෙකුත් තත්ව සහතික ලබාගැනීමට කඩිනම් පියවර ගෙන ඇති බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් අධීක්ෂණ කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වී ඇති අතර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුද එයට සහභාගී වූහ. 



අදහස් (0)

ඉඩම් වෙන් කිරීමේ ප්‍රමාදය කාර්මික වර්ධනයට ප්‍රධාන බාධාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1559 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1362 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site