IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉංජිනේරු මන්ජු හත්තොටුව ජැට් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී (JAT. N0000) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ඉංජිනේරු භාරත මන්ජු ශ්‍රී කුමාර හත්තොටුව මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

ඒ අනුව 2025 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන හත්තොටුව මහතා සතුව වසර 30 කට අධික කාලයක් පුරා ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම් පවතින බව සමාගම පවසයි. ඒ මහතා මහා බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ වරලත් වෘත්තීය ඉංජිනේරුවරයෙක්ද වෙයි.

එසේම හත්තොටුව මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරිවරයාද විය. එසේම ඒ මහතා මිලේනියම් IT සමාගමෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.

 



අදහස් (0)

ඉංජිනේරු මන්ජු හත්තොටුව ජැට් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site