2024 වර්ෂය වන විට ඇස්බැස්ටස් භාවිතය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කරලීම නැවත සලකා බලන ලෙස රුසියාව ඉල්ලයි.
රුසියාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයන් වූ ඇස්බැස්ටස් වැඩිපුරම මිලදී ගන්නා රටවල් අතුරින් ප්‍රමුඛ රටක් වන ශ්‍රී ලංකාව සෞඛ්‍යයමය සහ සනීපාරක්ෂක හේතු මත ආනයනය සීමා කිරීමටත් 2024 වර්ෂය සිට තහනම් කිරීමටත් ගෙන ඇති යෝජනාව නැවත සලකා බලැන්නැයි ද එය දෙරටේ ආර්ථික සහයෝගීතා වැඩ පිළිවෙලටත් බෙහෙවින් ඉවහල් වන බවත් රුසියන් තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා පවසයි.
ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන වාර්ෂික සමුළුවේදී ඔහු මේ ඉල්ලීම කළේය.
කෙසේ වුවත් ඇස්බැස්ටස් භාවිතය ශ්‍රී ලාංකික ජනතාවට පිළිකා කාරක බවත් එය විද්‍යාත්මකව තහවුරු වී ඇති බවත් මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය වහාම කල යතු වැඩක්.ඔස්ට්‍රලියව ඇස්බැස්ටෝස් සම්පුර්ණයෙන්ම තහනම් කරලා දියුනු රටවල ඇස්බැස්ටෝස් වලින් හදපු ගෙවල් කඩන එක පවා විශාල පිරිසක් යොදවනවා ගගන ගමින්ට වගේ ඇඳුම් අන්දලා. (අ)
ලංකාවේ තියෙන බහුජාතික සමාගම් මේවා තහනම් කළේ අවුරුදු 15කට ඉස්සර. ලංකාවේ ප්‍රධානම සබන් සහ මාගරින් නිෂ්පාදන සමාගමක් ආහාර සඳහා ගන්නා ඇසුරුම් ගබඩාවල සිවිලමටවත් ගහන්න දුන්නේ නැහැ. නමුත් රාජ්‍ය අංශවල උවමනාවක් තිබුනේ නැහැ. දැන් තියෙන යෝජනාවත් යට යන්න පුළුවන් අනිත් රටවල් සතුටු කරන්න. (නි)
ඇස්බැස්ටෝස් අවශ්‍ය නැහැ නියම ප්‍රමිතියට උලු නිපදවනවා නම් සෞඛ්‍යයටත් හොඳයි ලස්නයි (අ) ,
තව ටික දවසක් යනකොට අපේ අය කොහේහරි තිබෙන රැස්වීමකට ගිහින් කියයි, එයාලා ඇස්බැස්ටෝස් වලට විරුද්ධයි, නමුත් කැබිනෙට් අැමති කෙනෙක් ඇස්බැස්ටෝස් වලට කැමතියි කියලා. අපේ දේශපාලකයන්ට කොන්දක් නැහැනේ. (නි)
මේ තීරණය ගන්න දැනටත් ප්‍රමාදයි (නි)
ලෝකයේ බොහෝ දියුණු රටවල ඇස්බැස්ටස් තහනම් කරන වකවානුවක, සෞඛ්‍ය හේතුන් මත ශ්‍රී ලංකාව ගත් මෙම තීරණය අගය කළයුතු වෙනවා. මේ තීරණය ගතයුතුව තිබුනේ මීට වසර ගණනාවකට පෙරයි. කාර්මික අතින් දියුණු රටවල් බලන්නේ සිය නිෂ්පාදන වලින් වන හානිය නොවෙන බව රුසියානුවන්ගේ මේ ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වෙනවා. (නි)
මිනිස්සු රැකගෙන ඉන්න එපායැ ආර්ථිකය රැකගන්න ඉස්සර (නි)
ඇස්බැස්ටස් භාවිතය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කරලීම සඳහා 2024 වෙනකම් ඉඳීම කල් වැඩියි. මෙය තහනම් කළයුතුව තිබුනේ බොහෝ ඉස්සර. (නි)
ලංකාවට එපා. යවන්න සිරියාවටයි, පිලිපීනයටයි (නි)