IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇසට්ලයින් ෆිනෑන්ස් ජා-ඇල ශාඛාව විවෘත කරයි

ඩේවිඩ් පීරිස් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමවන ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගම, ජා-ඇල නව ශාඛාව විවෘත කරමින්, ශ්‍රී ලාංකේය පුරවැසියන්ට පාරිභෝගික-කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා තමන් දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කර ඇත.
ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අෂාන් නිස්සංක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් ද සිල්වා, ප්‍රධාන අලෙවි නිලධාරී අජන්ත ප්‍රේමසිරි, ප්‍රධාන ප්‍රතිසාධන නිලධාරී ශිරාන් වීරසිංහ, ශාඛා කළමනාකරණ සාමන්‍යාධිකාරී සංඛ ජයම්පති යන මහත්වරුන් මෙන්ම ඇසට්ලයින් ෆිනෑන්ස් නියෝජනය කරමින් අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයෝ, පාරිභෝගිකයෝ සහ සුබපතන්නෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 
දිවයිනේ ප්‍රධාන නගර ආවරණය කරමින් ශාඛා ජාලය පුළුල් කිරීමේ මෙහෙයුමේ එක් අදියරක් ලෙස ජා-ඇල ශාඛාව විවෘත කෙරුණි. ඒ සමගින් ඇසට්ලයින් ෆිනෑන්ස් ශාඛා ජාලය 60 ක් දක්වා වර්ධනය වූ අතර සේවා ස්ථාන 2,500 කට අධික සංඛ්‍යාවක් ද සමගින් මෙරට ජනතාවට වඩාත් පහසුවෙන්ම ළඟා විය හැකි මූල්‍ය ආයතනයක් බවට පත්ව සිටී. 
ජා-ඇල නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම ශාඛාව හරහා, රථ වාහන ලීසිං, රථ වාහන ණය, ඇසට් ඩ්‍රාෆ්ට්, ස්ථාවර තැන්පතු, සූර්ය පැනල මුල්‍ය සේවා සහ විශේෂිත මූල්‍ය විසඳුම් ඇතුළු ඇසට්ලයින් ෆිනෑන්ස් පිරිනමන සියලු‍ සේවා හිමිකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ. නවීන සැකැස්මකින් සහ පාරිභෝගික පහසුව කේන්ද්‍රකර ගත් පහසුකම්වලින් යුතු එම ශාඛාව, සෑම පාරිභෝගිකයකුටම ඉතා අග්‍රගන්‍ය මූල්‍ය අත්දැකීමක් පිරිනැමීම සඳහා ඇසට්ලයින් ෆිනෑන්ස්හි වේගවත් බව, පහසුව සහ පාරිභෝගික අවශ්‍යතාවට අනුව සේවා සැපයීම පදනම්කර ගනිමින් ක්‍රියාත්මක වේ. 
“60 වැනි ශාඛාව විවෘත කිරීම ගැන අප නිහතමානීව ආඩම්බර වනවා. එමෙන්ම මෙය, මෙරට ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ළෙන්ගතු බව පිළිබිඹු කරන සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි. ජා-ඇල වැනි ශීඝ්‍රයෙන් දියුණුවන නගරයකට අප සතු විශේෂඥ දැනුම, නම්‍යශීලිත්වය සහ වෘත්තීයභාවය ගෙන ඒමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. මෙමගින් මෙම ප්‍රදේශයේ ජනතාව, පවුල් සහ ව්‍යාපාර සවිබල ගන්වමින්, ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා සහාය වීමට අපට හැකියාව ලැබෙනවා,”‍ යනුවෙන් ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අෂාන් නිස්සංක මහතා සඳහන් කළේය. 



අදහස් (0)

ඇසට්ලයින් ෆිනෑන්ස් ජා-ඇල ශාඛාව විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site