
ඩේවිඩ් පීරිස් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සමාගමවන ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී, දිවයින පුරා සිය ශාඛා ජාලය පුළුල් කිරීමේ සැලසුමේ තවත් පියවරක් ලෙස කඩුවෙලදී සිය නවතම ශාඛාව පසුගියදා විවෘත කළේය.
අංක. 399/1, කොතලාවල පාර, කඩුවෙල යන ලිපිනයෙහි පිහිටි මෙම ශාඛාව ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී ශාඛා ජාලයට එක් වූ 62 වැනි ශාඛාවයි.
දිවයින පුරා වෙසෙන ජනතාවට මුල්‍ය විසඳුම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සඳහා ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී සතු දැක්ම මෙම නවතම ශාඛාව මගින් පිළිබිඹු කෙරේ. කඩුවෙල නගරය තුළ සිය නාමය සනිටුහන් කරමින් එම සමාගම විවිධ පාරිභෝගික කණ්ඩායම් වෙත ළඟා වෙමින් වර්ධනීය ගමන්මගේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන්කර තිබේ.
ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අෂාන් නිස්සංක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් ද සිල්වා, ප්‍රධාන අලෙවි නිලධාරී අජන්ත ප්‍රේමසිරි, ප්‍රධාන ප්‍රතිසාධන නිලධාරී ශිරාන් වීරසිංහ, ශාඛා කළමනාකරණ සාමන්‍යාධිකාරී සංඛ ජයම්පති යන මහත්වරු මෙන්ම කාර්යමණ්ඩල සාමාජිකයන් පාරිභෝගිකයන් සහ සුබපතන්නන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
කඩුවෙල ශාඛාව විවෘත කිරීමත් සමග දිවයින පුරා ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ශාඛා ජාලය 62 ක් දක්වා වර්ධනය වී ඇති අතර ඩේවිඩ් පීරිස් සමූහයේ පාරිභෝගික ස්ථාන 2,500 කින් ඒ සඳහා සහයෝගය හිමි වේ. වර්ධනයවන ශාඛා ජාලය හරහා මෙරට ජනතාවට මුල්‍ය සේවා වඩාත් සමීප කිරීමට ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට හැකි වී තිබේ.
කොතලාවල මාර්ගයේ පහසුවෙන් ළඟා විය හැකි පරිශ්‍රයක පිහිටා ඇති මෙම නව ශාඛාව රථ වාහන නවතා තැබීමට පුළුල් ඉඩකඩකින් මෙන්ම රථවාහන ලීසිං, කාරක ප්‍රාග්ධන ණය පහසුකම් (Asset Drafts), Solar Loans ඇතුළු පුළුල් පරාසයක සේවා පෙළකින් ද සමන්විත විය. නවීන සැකැස්මකින් සහ පාරිභෝගිකයාගේ කටයුතු පහසු කරවන පහසුකම්වලින් ද යුතුව ගොඩනගා ඇති කඩුවෙල ශාඛාව, සෑම පාරිභෝගිකයකුටම බාධාවකින් තොර මුල්‍ය අත්දැකීමක් හිමිකර දෙමින් කඩිනම්, පහසු සහ පුද්ගලික මට්ටමේ සේවාවක් පිරිනැමීමට ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී දක්වන කැපවීම පිළිබිඹු කරයි.
‘‘කඩුවෙලදී විවෘත කෙරුණු අපගේ 62 වැනි ශාඛාව ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට වැදගත් සංධිස්ථානයක්වන අතරම, එය පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසයට ද මනා සාක්ෂ්‍ි සපයනවා. කඩුවෙල යනු කාර්යබහුල සහ ශීඝ්‍රයෙන් වර්ධනයවන නගරයක් බැවින් ඒ අවට ජනතාව වෙනුවෙන් අපගේ විශේෂඥ දැනුම හා නම්‍යශීලී මුල්‍ය විසඳුම් පිරිනැමීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. ශාඛා ජාලය පුළුල් කිරීම හරහා ශ්‍රී ලාංකිකයන්ගේත්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේත්, ව්‍යාපාරවලත් සුබසිද්ධිය වෙනුවෙන් අප දක්වන කැපවීම තවදුරටත් තහවුරු වනවා,” යනුවෙන් කඩුවෙල ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවේදී ඇසට්ලයින් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී අෂාන් නිස්සංක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd