IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇලු‍මිනියම් නිෂ්පාදන ප්‍රමිති ඉහළ නංවමින් Lumin සහතිකකරණ සම්මාන පිරිනැමේ

උසස් තත්වයේ ඇලු‍මිනියම් නිෂ්පාදන පිළිබඳ මෙරට ප්‍රමුඛ සන්නාමයක් වන Alumex PLC  විසින් Lumin සහතිකකරණ සම්මාන උළෙල‘ පසුගියදා පවත්වන ලදී. මෙම  අවස්ථාවේදී Lumin සහතිකලාභි වැද්දුම්කරුවන් ( (Fabricators)  37 දෙනකු ඇගැයීමට ලක් වූ අතර ඒ ඔස්සේ Lumin විශේෂඥයන්ගේ ජාලය 114ක් දක්වා පුළුල් විය. මෙම උත්සවයෙන් විධිමත් පිළිගැනීමක් ඔස්සේ කුසලතා පෝෂණය කිරීමේ සහ කර්මාන්ත ප්‍රමිති ඉදිරියට රැගෙන යාමේ වැදගත්කම  අවධාරණය කෙරිණි.   

Alumex PLC විසින් ආරම්භ කරන ලද මෙම Lumin සහතිකකරණ වැඩසටහන ඉදිකිරීම් සහ කාර්මික අංශවල විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාර වර්ධනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු කරන ප්‍රධාන වැඩපිළිවෙළකී. අඛණ්ඩව තෙවැනි වරටත් පවත්වන ලද මෙම සැමරුම් උත්සවයේදී සමාගමේ නිෂ්පාදක ජාලයේ විශේෂඥතාව‍  ඉහළින් අගයන ලදී.

වැඩිදියුණු කළ ව්‍යාපාරික අවස්ථා, පුහුණු කිරීම සම්බන්ධයෙන් සුවිශේෂි සම්පත් සහ අවස්ථා, ටෙන්ඩර් කිරීමේදී තරඟකාරී වාසි මෙන්ම තරඟකාරී වෙළෙඳපොළේ තම ආයතනයේ අනන්‍යතාව වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව ඇතුළු ප්‍රතිලාභ රැසක් Lumin සහතිකලාභී නිෂ්පාදකයන් වෙත හිමිවන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම උත්සවය අතරවාරයේදී ඉදිරිපත් කෙරිණි. මෙම ඉහළ කුසලතා සහිත වෘත්තිකයන් විසින් Luminහි සුවිශේෂී ඇලු‍මිනියම්  නිෂ්පාදන කටයුතුවලදී  විශේෂ ශිල්පීය හැකියාවක් පෙන්නුම් කර තිබෙන අතර එමගින් නවීන ගෘහ නිර්මාණ කලාවේ විශිෂ්ටත්වය සඳහා Alumex PLC හි කැපවීම ප්‍රදර්ශනය කෙරේ.

පුහුණුව සහ සංවර්ධනය කෙරෙහි Alumex PLC විසින් වැඩි අවධානයක් දක්වන අතර එය Lumin සහතිකකරණ වැඩසටහනේ සාර්ථකත්වය කෙරෙහි තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබේ. මෙරට දක්ෂ වැද්දුම්කරුවන්ගේ පුරප්පාඩුව සම්පූර්ණ කර ගැනීමේ අරමුණින් මීට වසර 25 කට පෙර Alumex PLC විසින් සිය පුහුණු ඇකඩමිය ආරම්භ කළ අතර  උසස්  මට්ටමේ ඇලු‍මිනියම් නිෂ්පාදන ලබා දීමේ විශේෂඥතාවෙන් වැද්දුම්කරුවන් සවිබල ගැන්වීම කෙරෙහි මෙම ඇකඩමිය ඉවහල් වී ඇත. Alumex PLC විසින් සිය සමාගමේ අඛණ්ඩතාව, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය පිළිබඳ වටිනාකම්වලට අනුකූල වූ විශ්වාසනීය හවුල්කරුවන්ගේ ජාලයක් නිර්මාණය කර ගැනීමේ අභිලාශයෙන් සිදුකරන ලද ප්‍රයත්නයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් මෙම අවස්ථාව ඔස්සේ සනිටුහන් වේ. 

Lumin සහතිකලාභී වැද්දුම්කරුවන්ගේ ජාලය පුළුල් කිරීමAlumex PLC හි දිගුකාලීන උපාය මාර්ග සැලසුමේ තීරණාත්මක අංගයකී. මෙම  Lumin  සහතිකලාභී වැද්දුම්කරුවන් විවිධ කලාප නියෝජනය කරමින් දිවයින පුරා විසිරී සිටින අතර ඒ ඔස්සේ ජාතික වෙළෙඳපොළේ Lumin හි පැවැත්ම සහ බලපෑම තවදුරටත් තහවුරු වේ.

ඉහළ බලශක්ති කාර්යක්ෂමතාව, දිගු කල්පැවැත්ම සහ අවම නඩත්තුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කර ඇති Lumin නිෂ්පාදන පෙළ ගෘහාශ්‍රිත, වාණිජමය සහ කාර්මික ගොඩනැගිලි සඳහා දිගුකාලීන විසඳුම් ලබාදෙයි.



අදහස් (0)

ඇලු‍මිනියම් නිෂ්පාදන ප්‍රමිති ඉහළ නංවමින් Lumin සහතිකකරණ සම්මාන පිරිනැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site