(නිමල කොඩිතුවක්කු)
ඇමෙරිකානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට අවස්ථාව පුළුල්ව ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගය ඉදිරියටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ ඇමරිකානු ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජාත සේනාරත්න මහතා මෙසේද කීය.
”ඇමරිකා එක්සත් ජනපදයේ 243 වන ජාතික දිනය සැමරිම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගිවීමට මා ලැබූ අවස්ථාව ගෞරවයක් ලෙස සළකනවා. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු රජය ඇමරිකා එක්සත් ජනපදයේ රජයට සහ ජනතාවට සුබ පතනවා.
අපේ‍්‍රල්් 21 දින එල්ල වු ප‍්‍රහාර මාලාවේ දී ඇමරිකා එක්සත් ජනපදය ඒකමතිකව සහ කඩිනම්ව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට කටයුතු කළා. ප‍්‍රහාර මාලාව එල්ල වූ අවස්ථාවේ සිට අභියෝග නොතකා ලක් රජය ආගමික නිදහස, ජාතීන් අතර නිදහස සාමය ගොඩනැංවීම, ප‍්‍රතිසංස්කරණ ප‍්‍රජාතාන්ත‍්‍රිකව සිදු කරනවා.
1948 වසරේ සිට ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ආරම්භ වූණා. දෙරටම ජනවර්ග වලට ගරු කරමින් ප‍්‍රජාතන්ත්රවාදී ප‍්‍රතිපත්ති හා හරයන් අකුරට ඉටු කරනවා.
මෙම තත්ත්වය දෙරට අතර ජනතාව තුල සබදතා තර කිරිමට තවත් හේතුවක් වෙනවා. එම සබදතා ශක්තිමත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවදුරටත් මිත‍්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරනවා.
2015 වසරේ දී නව රජයට බලයට පත්වීමෙන් පසු ද්විපාර්ශ්වීය සබදතා ඉහළ අගයක් ගනු ලැබුවා. පසුගිය මැයි මාසයේ දී වෝෂින්ටන් නුවර පැවැති ඇමරිකා- ශ්‍රී ලංකා සහයෝගිතා සම්මන්ත්රණයේ දී ද්විපාර්වීය සබදතා තවත් වැඩිදියුණු වුණා.
දේශපාලන, ආර්ථික හා ආරක්ෂක විෂයන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගය පවතින අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුළුල් වපසරියකට ගෙනයාම සදහා ඇමරිකාවෙන් ලැබෙන ආධාර ද අගය කරනවා.
පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ආධාර මුදලක් ලබාදීම ගැනත් අපි අගය කරනවා. දෙරට අතර වෙළෙද සහ ආයෝජන අවස්ථා ඉහළ දැමිම තුලින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.
ඇමරිකානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා තිබෙනවා. එවැනි ආයෝජන අවසථා මගින් රැකියා අවස්ථා තවදුරටත් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. අපට හමුදා ආධාර ලබාදෙන ප‍්‍රධාන රටක් මෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයනය කරන ප‍්‍රධාන රටක් ලෙසත් ඇමරිකාව හදුනාගෙන තිබෙනවා” යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයීනා බිටෙප්ලිට්ස් මහත්මිය ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැමෙරිකානු සමාගම් වලට ලංකාවේ වෙළඳපල අබ ඇටයකි.
විකිලික්ස් ෆැක්ස් කියවන්නට තරම් ඉංග්‍රීසි දැනුමක් නුඹට තිබුණා නම් මේ කතාව කියන්නේ නැහැ. ශ්‍රී ලංකා රජයට විරුද්ධ ෆැක්ස් කිහිපයක්ම ඒවා අතර තිබුණා. නුඹ වැනි බයගුල්ලන් නිසා තමයි අපේ රට විනාශ වන්නේ. ප්‍රශ්නයක් නැහැ නැවතත් ශ්‍රී ලංකාවේ බලය ලබාගන්නේ නිලුත් නැති, කොලත් නැති, රතුත් නැති.. දැනට තියෙන මජර දේශපාලන පක්ෂ එකකටවත් නෑ කමක්වත් නැති, උගත්, බුද්ධිමත්, අවංක, රටට ආදරේ ඇති කෙනෙක්. නියම වෙලාවට, නියම ක්‍රමයට, නියම තැනේදී ඔහු ඉදිරිපත් වේවි...!!
දවසක් කීවා තජුදීන් මරපු අයගේ වීඩියෝ එක එයා බැලුවා. කට්ටියම ඉන්නවා කියලා. දැන් අව්රුද්දකටත් වැඩියි තාම කාවවත් ඒ වීඩියෝ වලින් හඳුනාගෙන නැහැල්ලු. බොරු මවන්න විශේඥයා. අපිනම් මේගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ නැහැ. ඔක්කොම එකයි.
මොනවා කිව්වත් ලංකාවේ අපනයන වලින් 35%-40% මිලට ගන්නේ ඇමෙරිකාව. ඔය කවුරු උඩ පැන්නත් ජීවත් වෙන්න ඕනේ සල්ලිටික එන්නේ මැද පෙරදිග ඉන්න ගෘහ සේවිකාවන්ගෙන් සහ බටහිර රටවලට අපනයනය කර ලැබෙන මුදලින්. චීනයෙන් වත් වෙන අහවලාවත් අපිට නිකම් මොකුත් දෙන්නේ නැහැ. ජාත්‍යාලය තියෙන්න ඕනේ. මොළෙත් ඕනේ. කටින් විතරක් ලොක්කෝ වෙලා බැහැ.
ඔව් සර්, අන්න පෝලිමේ එනවා, යෝජනේ කරන්න
පියල් මහත්තයෝ, කව්ද ඔය තියරිය කියලා දුන්නේ..? අවශ්‍යනම් මහා බැංකු වාර්තාව, අපනයන 2018 කියවන්න. එතකොට ඔබට වැටහේවි 18% කියන්නේ කුමක්ද කියා. කෙසේවෙතත් බැංකු වාර්තාව කියවන්නත් ඉස්කෝලේ ගිහිල්ලා අකුරු සාස්තරේ ඉගෙනගෙන තියෙන්න ඕනෑ.
මෙතන ගැටලුව තියෙන්නේ අපි ඇමෙරිකාවට කරන අපනයන ගැන නෙමේ අපි රටේ වෙළඳාමත්, ආරක්ෂාවත් පටලවාගෙන ඉන්නේ ඒ වගේම රටේ ආර්ථිකය නංවන්න හරි වැඩ පිළිවෙලක් නැහැ. ඇමෙරිකාව චීනෙත් එක්ක කොච්චර තරහ වුණත් චීනෙන් ඇමෙරිකාවට එන බඩු නැති කරන්න ඔවුන්ට බැහැ. ඒ වගේම චීනය විකල්ප වෙළදපළ හොයාගෙන ඉන්නවා. ඕස්ට්‍රේලියා 40 % වෙළඳාම කරන්නේ චීනෙත් එක්ක... හැබැයි ඔවුන් සියලු ආරක්ෂක ගිවිසුම් ගහලා තියෙන්නේ චීනෙට විරුද්ධව ඇමෙරිකාව එක්ක විශේෂයෙන් දකුණු චීන මුහුදේ නාවික කටයුතු සම්බන්ධව.... මේ රට කරන මෝඩ පාලකයින් වගේම මෝඩ ඡන්ද දායකයන් නිසා රට තවත් පහළට යනවා. ඇමෙරිකාවට ලංකාව ඕනේ දැන් ලංකාවට ඇමෙරිකාව ඕනෑවට වඩා. මොකද ඉන්දීය සාගරයේ නාවුක බලය ලංකාව කේන්ද්‍රකරගෙන ඇතිවීමේ ප්‍රවණතාවක් තියෙන්නේ. මෙයින් අපි නිසි ප්‍රයෝජන ගන්න ඕනේ. ඇමෙරිකාව සමග හෝ ඕනෙම රටක් සමග ගහන ගිවිසුම් ලංකාවට වැසි සහගත වෙන්න ඕනේ. ලංකාවේ ඉන්න දූෂිත දේශපාලකයෝ ලවා ඇමෙරිකාව ඔවුන්ට වාසිවෙන ගිවිසුම් අත්සන් කර ගන්නවා.
කිසියම් රටක ආර්ථික දේශපාලන උපායමාර්ග හා ප්‍රතිපත්ති තීරණය කරන්නේ ඒ රටේ පවත්නා ශක්තීන් දුර්වලතා හා පවත්නා තත්ත්ව ය සැලකිලට ගනිමින්. චීනය යනු වර්තමාන ආරථික හා දේශපාලන බලවතෙක්. ලංකාවට චීනය මෙන් වෙනත් රටවල් සමග ගිවිසුම් වලට එලබීමේ හැකියාවක් නැහැ. ලංකාව කියන්නේ ණය අගාදයක ගිලුණු රටක්. කටින් කියන්න පහසුය. කරන්න තමයි අමාරුව. කෙසේ වෙතත් නව ලෝක අර්ටික හා දේශපාන ප්‍රයෝගික දැනුමක් නොමැතිව විග්‍රහ එදිරිපත් කිරීම තේරුමක් නොමැති බවයි මගේ හැගීම.
ඒ ගොල්ලෝ කැමති වුණාද කොමිස් දෙන්න...? නැතිනම් බිස්නස් එකේ කොටසක් දෙන්න..
ලංකාවේ පහුණු ශ්‍රමිකයන් නැත , ප්‍රවාහන වියදම් ඉහළය , ඉදිකිරීම් සැලසුම් අනුමත කිරීම වැනි දේවල්ද ඉතා සංකීර්ණය , හොර මැරකම් වැඩිය ? ඉතින් ඇමරිකන් කාරයන් මෙච්චර දුරක් ඇවිත් මේ ආයෝජනය කරාවිද ? කල්පේ රටවල වන ,තායිලන්තේ , චිනේ , කම්බෝජියාවේ , ලාඕස් වල ආයෝජකයන්ට හොඳ අවස්ථා තිබෙනවා .