IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමෙරිකානු තීරු බද්ද තවමත් ගැටලුවක් - මුහුදු ආහාර අපනයනකරුවෝ කියති

ඇමෙරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කරන මෙරට නිෂ්පාදන සඳහා පනවා තිබූ සියයට 44ක තීරු බද්ද සියයට 30ක් දක්වා අඩු කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස හුවා දැක්වීම නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය පවසයි. 

විශේෂයෙන්ම මෙම තීරු බදු අඩු කිරීම හරහා එක්සත් ජනපද වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා ඇති අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වීම යම් තරමකින් ඉවත් වන බව පෙන්වා දෙන එම සංගමය, කලාපීය තරගකරුවන් වෙත පනවා ඇති තීරු බදු අනුපාත අනුව සැලකීමේදී දරුණු අවාසිසහගත තත්වයකට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව අවධාරණය කර සිටියි.

අද වනවිට ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිදු කරන අපනයන අතරින් සියයට 25ක් පමණ මුහුදු ආහාර අපනයන වෙයි. 

“සියයට 30ක තීරු බද්දක් යටතේ වුවත්, සියයට 20ක් හෝ ඊට අඩු තීරු බදු අනුපාත සහිත වියට්නාමය සහ පිලිපීනයට සාපේක්ෂව අපගේ අපනයනය වෙත කැපී පෙනෙන ඉහළ බදු ඇතුළත් වෙනවා. මෙම විෂමතාව මුහුදු ආහාර, තේ, පොල් නිෂ්පාදන සහ සැකසූ ආහාර වෙත දැඩි ලෙස බලපානවා. මෙම කර්මාන්ත ශ්‍රී ලාංකිකයන්ගේ දහස් ගණනකගේ රැකියා සහ ජීවනෝපාය වෙත සහයෝගය දක්වනවා.“ යනුවෙන් එම සංගමය සඳහන් කරයි.

ඒ අනුව මෙම තත්වයත් සමගින්ම සිය සංගමයේ සාමාජිකයන් මේ වනවිට විවිධාංගීකරණය වූ අපනයන වෙළෙඳපොළ පිළිබඳව සොයමින් සිටින බවත් එම සංගමය පවසයි. එහිදී මැදපෙරදිග, යුරෝපය ප්‍රධාන වෙයි. කෙසේ වෙතත් වඩාත් ඵලදායී වෙළෙඳපොළ පංගුවක් ඇති කරගැනීමට නම් වඩාත් ස්ථිරසාර ආයෝජනයක්, කාලයක් සහ ප්‍රතිපත්තින්හි සහයෝගිතාවක් පැවතිය යුතු බව එම සංගමය පෙන්වා දෙයි.

“අපගේ තරගකාරීත්වය වෙත දැනටමත් අමුද්‍රව්‍ය ආනයනය සඳහා වන වියදමේ සිට දේශීය බදු යනාදියත් බලපෑම් එල්ල කර තිබෙනවා. අපගේ ගැනුම්කරුවන් වෙත ඉදිරිපත් කරන මිල වෙත එය ඍජුවම බලපානවා. ඒ වගේම මේ සියයට 30ක තීරු බද්ද හඳුන්වදීමත් සමගින්ම අපගේ සැපයුම් දාමය වෙත එය බලපෑම් එල්ල කරනවා. ඒ හරහා ධීවරයන් වෙත ගෙවන මුදල වෙත ඍජුවම බලපෑම් එල්ල වෙනවා වගේම ඒවා ඔවුන්ගේ ජීවනවෘත්තීන් වෙත තර්ජනයක් එල්ල කරනවා.“ යනුවෙන් එම සංගමය සඳහන් කරයි.

ඒ අනුව නව වෙළෙඳපොළ සෙවීමේදී රජයේ සහාය අවශ්‍ය බව පෙන්වා දෙන එම සංගමය, අගෝස්තු 01 වැනිදාට පෙර මෙරට තීරු බදු අනුපාතය කලාපීය තරගකරුවන්ට සාපේක්ෂව තවදුරටත් අඩු කරගැනීමට කටයුතු කරන ලෙසද එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. 



අදහස් (0)

ඇමෙරිකානු තීරු බද්ද තවමත් ගැටලුවක් - මුහුදු ආහාර අපනයනකරුවෝ කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site