2017 වසර සඳහා වන විවිධත්ව සංක‍්‍රමණික වීසා ලොතරැයි වැඩසටහන හෙවත් එක්සත් ජනපද ග‍්‍රීන් කාඩ් ලොතරැයිය ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
මෙම විවිධත්ව සංක‍්‍රමණික වීසා ලොතරැයි වැඩසටහන සඳහා අයදුම් කරන්නන් සිටී නම් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමේ කටයුතු බ්‍රහස්පතින්දා (1) ඇරැඹූ අතර එය ලබන නොවැම්බර් 02 වැනිදා තෙක් විවෘතව පවතී.
මෙමඟින් අහඹු ලෙස තෝරා ගත් අයදුම්කරුවන්ට සංක‍්‍රමණික වීසාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට අවස්ථාව දෙන අතර සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට එත්සත් ජනපදයේ නීත්‍යනුකූල ස්ථිර නේවාසිකයින් විය හැකි බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම ලොතරැයි වැඩසටහන සඳහා අන්තර්ජාලයෙන් ලියාපදිංචි වීමට කිසිදු මුදලක් අය නොකෙරෙන බව ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම එක්සත් ජනපද රජය සමඟ සම්බන්ධතා ඇති බවට හෝ තෝරා ගැනීමේ දී වැඩි වාසියක් පොරොන්දු වන හෝ පුද්ගලයින් ,සමාගම්, හෝ වංචාකරුවන් ගෙන් ප‍්‍රවේශම් වන ලෙසද තානාපති කාර්යාලය පවසයි.
මීට අයදුම් කිරීමට සුදුසුම්කම් අවශ්‍යතා හා විස්තරාත්මක උපදෙස් පිළිබඳ වැඩි විස්තර සිංහලෙන් දෙමළෙන් හා ඉංග‍්‍රීසියෙන් ලබා ගැනීමට මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයේ srilanka.usembassy.gov/visas/diversity-visa-lottery-program.html යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර ලොතරැයිය සඳහා ඉල්ලූම් කිරීමට www.dvlottery.state.gov යන වෙබ් අඩවියට පිවිසෙන්නැයි ඇමෙරිකා තානාපති කාර්යාලය දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බහුතරය බටහිර විරෝධියොනේ.. ඒ නිසා මේකට ලංකාවේ කවුරුවත් අයදුම් කරන එකක් නෑ මම හිතන්නෙ..(බ)
මේක යොදාගෙන මිනිසුන්ගෙන් සල්ලි කඩාගන්න ජාවාරම් බිහිවෙන්නත් පුළුවන්. සියල්ලම ඇමෙරිකානු තානාපති කාර්යාල වෙබ් අඩවි හරහා දැනගත හැකියි. අනෙක උපදෙසක් දෙනවා නම් කිසිවිටක ඔබේගේ ලංකාවේ දේපල, ගේ දොර විකුණලා යන්න එපා. මොකද ගිය හැමෝම හිතන පරිදි ඔබ ලංකාවේ මේ වනවිට ගොඩනගා ඇති වත්කම් නැවත ගොඩනඟන්න කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ . මේක අත්දැකීමෙන් කියන්නේ. වයසට ගියාම ලංකාව තරම් හොඳ තැනක් තවත් නැහැ. හම්බ කරගෙන නැවත එන්න. (නි)
බොහොම හොඳයි (නි)
මේ සඳහා කිසිම කෙනෙකුට හෝ ආයතනයකට සතයක්වත් ගෙවන්න එපා කියලයි මම නම් කියන්නේ. ගෙවන්න වන එකම තැන ඔබව තෝරාගතහොත් සම්මුඛ පර්යේෂණ ගාස්තුවක් ඇමෙරිකා තානාපති කාර්යාලයට ඒ අදාළ දිනයේ පමණක් ගෙවන්න ඕනෑ. (නි)
අපිට කොයින්ද මේවට යන්න වාසනාවක්? (නි)
නියමයි. ජයවේවා! (නි)
මටත් හිතෙනවා මේකට සම්බන්ධ වෙන්න (නි)
නියමයි. මමත් කැමතියි අයදුම් කරන්න (නි)
මේ වැඩේ නම් හොඳ දෙයක් (නි)
මේ දේවල් මෙහෙම වෙනකොට "පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතුවාසනා වේවා..." කියන එක වෙනුවට හෙට අනිද්දට කියයි "මම ඉතින් යන්න යනවා...මට යන්න අවසරයි..." කියලා. (නි)
පිටිගල, ඔබත් එක්ක මමත් එකඟයි. (නි)
බොහොම හොඳ දෙයක් (නි)
ඒ වුණාට පිටිගල, ගොඩක් දවස්වල මම දැකල තියෙනවා මේ පිටුවෙන් පිටරටට ගැතිකම් කරනවා කියලා බැනපු අය මෙන්න බොලේ දැන් යන්නත් සුදානම් වෙලා.මොනවා වුණත් ඔයාගේ අදහස නම් නියමයි හොඳේ (නි)
රන්ජිත්, පිටිගල අයියත් මාර දේවල් තමයි ලියන්නේ. (ර)
පිටරට වැඩකරන අයගෙන් මම ඉල්ලන්නේ. ඔබගේ අත්දැකීම් ප්‍රාග්ධනය ආයෝජනය කර රැකියා උත්පාදන කර විදේශීය විනිමය ගෙනෙන ව්‍යාපාරයක් ලංකාවේ කළ හැකි නම් එය කරන්නට පසුබට වෙන්න එපා. රට ගොඩගන්නට නම් තරුණ පරපුරට ඔබේ සහය අවශ්‍යයයි. (නි)
රට සිහිනය සැබෑ කරගන්න පුළුවන් අවස්ථාවක්. (ර)
හොද අවස්ථාවක්. (ර)
දැන්ම ඉල්ලුම් කරන්න. ඔබේ හැකියාවට සුදුසු තැනක් ලබා ගන්න පුලුවන්. (ර)
දැන්ම ඉල්ලුම් කරන්න .ඔබේ හැකියාවට සුදුසු තැනක් ලබා ගන්න පුලුවන්. (බ)
මම නම් ඇමෙරිකාවට විරුද්ධයි තනිකර අධිරාජ්‍යවාදියෝ ඔන්න චීනෙන් ග්‍රීන් කාඩ් දුන්නනම් ලංකාවෙන් යන්න කට්ටිය පොරකයි (බ)
මම නම් ඇමෙරිකාවට විරුද්ධයි තනිකර අධිරාජ්‍යවාදියෝ ඔන්න චීනෙන් ග්‍රීන් කාඩ් දුන්නනම් ලංකාවෙන් යන්න කට්ටිය පොරකයි (බ)
නියමයි. අපිත් සහභාගි වෙනවා (නි)
බොහොම හොඳ ආරංචියක්. ලංකාදීපයට ස්තූතියි! (නි)
හොඳම ලොතරැයිය තියෙන්නේ ඉතාලියේ. පිටරැටියන් එපා කිය කියා හැම අවුරුද්දෙම හොරෙන් එන ඔක්කොටම රෙසිඩන්ට් කාඩ් එක දෙනවා. අවුරුදු දෙකෙන් ඔක්කොම කෝටිපතියෝ. ඇමරිකාවේ අවුරුදු ගණනක් වැඩකළත් ලංකාවට එන්නේ ණයවෙලා. (නි)
අපිට කොයින්ද මේවට වාසනාවක්? (නි)
ඇත්තෙන්ම අගය කළයුතු දෙයක් (නි)
මේකත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උගුලක් කියාවිද දන්නේ නැහැ අපේ සමහර දේශපාලකයන් සහ කිසිවක් නොතේරෙන පාඨකයන් (නි)
ගියාට කමක් නැහැ බලාගෙන කවුරු වෙඩි තියයිද දන්නේ නැහැ. (බ)
කිසි කෙනෙක් කාටවත් සල්ලි දෙන්න අවශ්‍ය නැහැ. පරණ ඡායාරූප නම් දාන්න එපා. ඡායාරූපය නියම ප්‍රමාණයට හදාගන්න. ඊටපස්සේ වෙබ් සයිට් එකට ගිහින් පෝරමය පුරවන්න. නියම විදිහට සිදුවුණොත් සාර්ථකයි කියලා ඔබට පණිවුඩයක් ලැබෙනවා. (නි)
වැරදියට තේරුම් ගන්න එපා. ඔබ ග්‍රීන් කාඩ් එක දිනුවත් ඔබට ලැබෙන්නේ වීසා එකක් විතරයි. අනෙකුත් සියලු වියදම් තමන් දරාගන්න ඕනෑ. රස්සාවක් හොයාගන්න ගෙයක් මිලට ගන්න ඒ සියල්ල තමන්නම කරන්න ඕනෑ. තමන්ට රස්සාවක් ලැබෙන්නේ නැති බව මතක තබාගන්න. ඇමරිකාවට ඇතුලුවීමට හා එහි වැඩකිරීමට අවසරපතක් පමණයි ලැබෙන්නේ (නි)
ඇමරිකාවේ කොම්පියුටර් කොටන සුළු රැකියා කරන අය කෝටිපතියෝ වෙන්නේ කොහොමද? (ම)
ඩයස් හැමෝම නෙමෙයි , මම දන්න විදිහට දෙන්නෙකුට වගේ තමයි හරිගියේ. (නි)
මම නම් නීතිය ක්‍රියාත්මක වෙන ඕනෙම රටක ජීවත් වෙන්න ලැබුනොත් යනවා. (බ)
මම නම් නීතිය ක්‍රියාත්මක වෙන ඕනෙම රටක ජීවත් වෙන්න ලැබුනොත් යනවා. (අ)
මෙම කටයුත්ත සාර්ථක වේවා! (නි)
https://www.dvlottery.state.gov/application.අස්ප්ෂ ඔය තියෙන්නේ ලින්ක් එක. State . Gov කියල තියෙන්නේ වෙබ් (අ)
මන් නම් වඩාත් මනාප රුසියාවට යන්න. (ර)
මගේ නම් මනාපය රුසියාවට යන්න ..(හේ)
මගේ නම් මනාපය රුසියාවට යන්න ..ඇමරිකානු තානාපති කාර්යාලයන් අහගන්න බැරි වේයි ද දැන් නෑ කොහොමද රුසියාවට යන්නේ කියලා..(හේ)
මම නම් නිකන් දුන්නත් ඇමරිකාවට යන්නේ නෑ, අර චීනෙන් දෙන යෙලොව් කාර්ඩ් විසා එක ලැබුනොත් එහෙ යනවා. (ර)
ග්රීන් කාඩ් එක ඈදිලත් මම ගියේ නැහැ ඩොලර් 4000 ක් ඉල්ලනවා එක වීසා එකකට මුළු පවුලටම කියක් දෙන්නද? (බ)
අනේ මිතුරනේ මේකට ඉල්ලුම් කරලා, නොලැබුණාම ඔන්න ඇමරිකාවට බනින්න පටන් ගන්න එපා. ගොඩක් එහෙම අය ඉන්නවා. තමන්ට නොලැබුන දේ නරකයි. ලැබුණානම් හොඳයි. (බ)
අනේ මිතුරනේ මේකට ඉල්ලුම් කරලා, නොලැබුණාම ඔන්න ඇමරිකාවට බනින්න පටන් ගන්න එපා. ගොඩක් එහෙම අය ඉන්නවා. තමන්ට නොලැබුන දේ නරකයි. ලැබුණානම් හොඳයි. (බ)
මේකට ඉල්ලුම් කරන්න හැබැයි ලොකු බලාපොරොත්තු නම් තියාගන්න එපා. (ර)
රොෂාන් කියන ලෙස ඩොලර් 4000 ක් ගෙවිය යුතුද? දන්නා අයගෙන් අදහස් බලාපොරොත්තු වෙමි. (ර)
මට නම් ලංකාව තරම් වටිනා රටක් ලෝකයේ කොහෙවත් නැහැ.ලංකාවට ගුවන් යානය බස්සනකොට පොල් ගස් ටික දකිනකොටම පුදුම සතුටක් ඇතිවෙන්නේ. (නි)
මම නම් ආස නෑ රට යන්න. (ර)
මට නම් ලංකාව තරම් වටිනා රටක් ලෝකයේ කොහෙවත් නැහැ. ලංකාවට ගුවන් යානය බස්සනකොට පොල් ගස් ටික දකිනකොටම පුදුම සතුටක් ඇති වෙන්නේ. (ර)
අපිටත් චාන්ස් එකක් ගන්න පුලුවන්ද? (නි)
මම නම් ඔන්න අද දැම්මා. සාර්ථකයි කියලා පිළිතුරත් ලැබුණා. (ර)
මම මේකට දැම්මා කෝල් එකකුත් ආවා සල්ලි ගෙවන්න කියලා රෙජිස්ටර් වෙන්න. (ර)
රුපියලේ අගයට වඩා තිබෙන අනික් රට මුදල් එකතුකරගෙන තමන්ගේ ජීවිතය හරිහැටි සකසා ගන්න පුළුවන් තමන් කලකට හරි රට ගියොත්. නමුත් ලංකාව අමතක කරන්න එපා අපේ රට හරිම අගෙයි, මේක හොඳ චාන්ස් එකක් සැමටම සුබ පතනවා. (ර)
ජයවේවා සියළු දෙනාටම! (නි)
මේක සෑම වසරකම 55.000 ක් පවුල් වලට ලොතරැයි ක්‍රමයට දෙන වීසා බලපත්‍රයක්.ඇමරිකාවේ වෙසෙන අය අදත් ඉන්නවා වසර 15-20 ක් ගතවෙලත් තාම මේ වීසා එක නොලැබුන අය. මෙහෙ ඉන්න කෙනෙකුට නම් මෙයට මුදලක් ගෙවිය යුතුයි. නමුත් ලොතරැයියකට කිසිවෙකු මුදල් ගෙවිය යුතු නොවේ. නමුත් රටටයාමේදී වීසා වලට ඩොලර් 100 ක් වගේ මුදලක්(රුපියල් 10.000) ගෙවිය යුතුයි. මේ ඉල්ලුම් පත්‍රයට නියමිත ඡායාරූපයක් ගත යුතු වේ. තමාටම පරිගණකයෙන් ඉල්ලුම් කළහැකිය. නමුත් මෙය ඉල්ලුම් කිරීමේදී අවසානයට නොම්මරයක් ලැබෙනවා.එය ප්‍රවේශම් කරගත යුතුයි. හේතුව වන්නේ දිනුම් ඇදුනු බව කිසිවකු ඊ මේල් එකකින් හෝ වෙනත් කිසිම මාර්ගයකින් දන්වන්නේ නැත. ඉල්ලුම්පත්‍රය දමන වෙලාවේ ලැබෙන නොම්මරයෙන් ඉන්ටෙර්නෙට් එකෙන් බලාගත යුතුය.වයස 18 ට වැඩි දරුවන්ට වෙනම සහ අම්මා තාත්තට වෙන වෙනම ඉල්ලුම් කිරීම වාසිය.රැකියාවක් සහ ඉන්න තැනක් තමා විසින් සොයාගත යුතුය.ගිය වසරේ ඉල්ලුම් කළ අය මේ කාලේ මෙහෙ පදිංචියට පැමිණේ.මේ කොළපාට කාඩ් එක රුපියල් කෝටියකටත් වැඩිය වටිනා එකක්.එම වාසනාව ලැබේවායි පතමි. (නි)
මේක ඇදුනා නම් ජීවිතයම මල් තමයි! (නි)
අනේ අපිටත් මේකට යන්න තිබුණා නම්.... (නි)
අපේ රටෙත් මෙහෙම එකක් කරමුද? (නි)
මේක බොහොම ජනප්‍රියයිනේ බලනකොට (නි)
ඇමරිකානු රජයේ වෙබ් අඩවියෙන් ඉල්ලුම් කරන්න (නි)
බලන්නකෝ මේකට තියෙන ප්‍රතිචාර! (නි)
සරලා දාලා තියෙන්නේ හොර එකකට වෙන්නත් පුලුවන් (නි)
ධම්මික මහතාගේ අදහස් ඉතා වටිනවා. මෙය සෑම වසරකම ඇමරිකාවෙන් සංක්‍රමණික විදේශිකයන්ට පිරිනමන හොද අවස්ථාවක්. ඇමරිකාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට පහසුවෙන්ම ඇති හොඳම මාර්ගය මේක.සුදුසුකම් ඇති කව්රුත් අයදුම් කරලා බලන්න. ශ්‍රී ලංකාව අමතක කරන්න නෙමෙයි. ලංකාවට ආඩම්බරයක් වෙන්න ඇමරිකාවට ගිහින් වැඩ කරන්න. ඔබට සුදුසුකම් තිබෙනවා නම් රැකියාවක් සොයාගන්න එක අමාරු නැහැ. අනික ඩො 4000/- ගෙවිය යුතු නැහැ. 2015 වැඩසටහනින් තේරුනා මගේ යාළුවෙක් ගිය මාසේ ඇමරිකාවට ගියා.රැකියවකුත් ලැබුනා.ඔහුට වීසා වලට ගෙවන්න වුණේ එක්කෙනෙකුට ඩො.150 ස් ගානක්. හැබැයි ගුවන් ට්කට් තමන් සාදාගත යුතුයි. සියල්ලන්ම අයදුම්කර බලන්න. (නි)
ඇමරිකාවේ යුරෝපා රටවල මෙන් නොමිලේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවයක් නැහැ නේද? විශාල මුදලක් ගෙවා සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ගත්තේ නැත්නම් මාරාන්තික ලෙඩෙක් වුවත් රෝහලකට බාර ගන්නේ නැහැ නේද? පාසල් වල තත්වයත් මෙසේමලු නේද? මෙවන් අධික පිරිවැය නිසා සාමාන්‍ය රැකියාවක් කරන කෙනාට ලංකාවට එන්න ටිකට් එකට ගාන හොයා ගන්නෙත් අමාරුවෙන්ලු නේද? (බ)
සපුමල් ඇතුළු ප්‍රවීන හා ජේෂ්ඨ අයගේ උපදෙස් අපිට ගොඩක් වටිනවා. මේ ප්‍රවෘත්තිය ගෙන ආ ලංකාදීපයට ගොඩක් පින්. (ස)
සුබ පැතුම්! (නි)
සරසවියට යනතුරු අධ්‍යාපනය නොමිලේ. අඩු ආදායම් පවුල් වලට රක්ෂණය. හදිසි රෝහල්ගතවීම් වලට සල්ලි ඕනෑ නැහැ.පසුව බිල එවනවා. හැකිවිටදී ගෙවිය හැකියි. (නි)
මුදල් යන්නේ නැ උත්සහ කරන්න වාසනාව තමයි (බ)
මේ පාර මමත් යනවා මේකට (නි)
සමහරු කිසිම දෙයක් නොදැන ඔහේ කියවනවා (නි)
සහභාගිවෙලාම බලමු නේද? (නි)
සුනිල් කොොහමද එහෙම කියන්නේ? (නි)
මට නම් කොහොමත් ඇමරිකාවට යන්න වාසනාව නැහැ. ලංකාවේ ඉදන් වහනයක් අරන් ගෙයක් හදන්නේ කොහොමද කියල , මම මේ කල්පනා කරන්නේ. (බ)
ප්‍රියන්ත මොකක් ගැනද කියන්නේ (බ)
ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ.. විශ්වවිද්‍යාලයට යෑමට ඕනෑම ග්‍රීන්කාඩ් හිමියෙකුට ලේසියෙන්ම 'ශිෂ්‍ය ණයක්' රජයෙන් ලබාග හැකියි.. රක්ෂණ ආවරනයක් මාසෙකට ඩොලර් 200 වැනි (ඇමරිකාවට සාපේක්ශව ) සුලු මුදලකට ගන්න පුලුවන්.. ඒකක් නැතත් නේවාසික ප්‍රථිකාර අවශ්‍ය ලෙඩක් හැදුනු කෙනෙක්ව රෝහල් වලින් එලියට දාන්නෙ නෑ.. ඵිටිගල කොහෙන්ද ඇමරිකාව ගැන ඔය කියනදේවල් හොයාගත්තේ? (බ)
සල්ලි තියෙන අයට නම් මේවා හොඳයි (නි)
නාමල්, මම කියූ දේවල් සත්‍ය ලෙස ඔබම සනාථ කර තිබේ. ඇමරිකාවේ නොමිලේ පාසල් වල තත්වය ඔබම අපිට කියන්න. ඒවාට ගියොත් ගෙදර එන්න වෙන්නේ ඇම්බියුලන්ස් එකේ. පාසලෙන් පස්සේ යහතින් හිටියොත් යන්න වෙන්නේ හිරේ. ඩොලර් දෙසීයට දෙන අවම ආවරණයෙන් සියල්ල කරගන්න බැහැ. පවුලේ හතර දෙනෙක් හිටියොත් කොහොම වෙයිද? අනේ අපිටත් දැනගන්න කියන්නකෝ නොමිලේ ප්‍රතිකාර කරන රෝහල කොහෙද තියෙන්නේ කියලා. (නි)
නාමල්, මම කියූ දේවල් සත්‍ය ලෙස ඔබම සනාථ කර තිබේ. ඇමරිකාවේ නොමිලේ පාසල් වල තත්ත්වේ ඔබම අපිට කියන්න. ඒවාට ගියොත් ගෙදර එන්න වෙන්නේ ඇම්බියුලන්ස් එකේ. පාසලෙන් පස්සේ යහතින් හිටියොත් යන්න වෙන්නේ හිරේ. ඩොලර් දෙසීයට දෙන අවම අවරණයෙන් සියල්ල කරගන්න බැහැ. පවුලේ හතර දෙනෙක් හිටියොත් කොහොම වෙයිද? අනේ අපිටත් දැනගන්න කියන්නකෝ නොමිලේ ප්‍රතිකාර කරන රෝහල කොහෙද තියෙන්නේ කියලා. (බ)
පිටිගල උන්නැහේට ඇමරිකාවට යන්න බැරිවෙච්ච නිසා ඇරියස් එකක් ඇති වගේ.. මම අවුරුදු 20 ඉන්නේ ඇමරිකාවේ, මගේ දරුවනුත් ගියේ ඇමරිකාවේ පබ්ලික් ස්කූල් (නොමිලේ උගන්වන රජයේ පාසැල් ) වලට.. හැබැයි මගේ දරුවන් හෝ ඔවුන්ගේ ඇමරිකානු යාලුවෝ කවුරුත් හිරේ ගියේ නම් නෑ, හැබැයි විෂ්වවිද්‍යාලෙ හා බහුජාතික සමාගම්වල රැකියාවලට නම් ගියා.. කමක් නෑ, කන්න බැරි මිදි තිත්තයි කියල හරි සැනසෙන්නකෝ..(බ)
නාමල්, එම අති දක්ෂ ලක් පුතුන්ට මම ආශීර්වාද කරනවා. (බ)
නාමල්, එම අති දක්ෂ ලක් පුතුන්ට මම ආශීර්වාද කරනවා. (අ)
ඇමරිකාවට බනින අය මේකට මොකද දන්නෙ නැහැ කියන්නේ (නි)
මමත් ඉල්ලුම් කරන්නයි හිතුවේ (නි)
මේක බොහොම ජනප්‍රිය වැඩසටහනක් (නි)
බණ්ඩාර මහතා,ඔබට ස්තුතියි.දරුවන්ගේ අධ්‍යාපනය ගැන නම් මොනවා කියන්නද? ලංකාවට මෙවැනි දේ කවදා එයිද කියලයි අපි මේ බලන්නේ.නොමිලේ ඉගෙනගන්න, භාෂාව නොදන්නා අයට වෙනම ගුරුවරු, ප්‍රවාහනය නොමිලේ, උදේට දවල්ට කෑම, ආදායමේ හැටියට පොඩි රක්ෂණයක් ගත්තහම ඕනෑ කෙනෙකුට බේත් ගන්න පහසුකමක් තියෙනවා.ලොකු බිල් අවම වුණත් තමාට පුළුවන් හැටියට පොඩි ගානක් ගෙවන්න වෙනවා. ඔය කොළ පාට කාඩ් එක නැතුව හොරට ඉන්න අයට නම් අබසරණ තමයි. අනික ලංකාවට යන්න සල්ලි හොයාගන්න බැරි නම් මොකටද අනේ පිටරට යන්නේ?මෙහෙමනේ ලංකාවේ සමහර අය ඉන්නේ කොච්චර ලැබුනත් මදි කියලා හිතන අය.ඇත්තටම නිකම් බේත් දෙන රෝහල් කීපයක් තියෙනවා.හැබැයි ඔය සමහර රට වලට දෙන නොමිලේ මුදල් මෙහෙ දෙන්නේ නැහැ. (නි)
යන්න හම්බුනොත් රැකියාවක් කරන ගමන්ම ඉගෙන ගන්නත් පුළුවන්. (ර)
අනේ මටත් යන්න ඇත්නම්. (ර)
මමත් ඉල්ලුම් කළා. (ර)
වාසනාව ඇත්නම් යා හැකිය. (ර)
අනේ මන්දා මේක. හොදයිලු, නැහැලු. (ර)
ඔය ටිකට් එක ඇදිලා අපේ අයියගේ පවුලේ සියල්ල ඇමරිකාවේ පදිංචියට ගියා. අයියා මෙහෙ සමාගමක උසස් රැකියාවක් කලේ. කාර් එකකුත් දීලා තිබුනා. එහෙ ගිහිල්ලා මාස නමයකට පස්සේ සුපර් මාකට් එකක කැෂියර් සහ බඩු පුරවන රස්සාවක් ලැබුනා. දැන් තවත් යාලුවෙක් එක්ක එකතු වෙලා ගෙවල් පේන්ට් කරනවා. හරිම අමාරුවෙන්ලු ජීවත් වෙන්නේ. ඉතාලි ගිය ගමේ යාළුවො නම් නිතර එනවා එත් අයියලා අවුරුදු හතරකින් අවේ නැහැ. (ර)
වෙන රටවල් වගේ නෙමෙයි ඇමෙරිකාව.තමන්ගේ රට වගේ ජීවත්වෙන්න පුළුවන්. (නි)
චාමර, ඇමරිකාවේ හොඳ රැකියාවක් කරන්න ඇමරිකාවේ පිළිගත් ආයතනයකින් ගත් සහතිකයක් තිබිය යුතුයි. අයියාට ඇමරිකාවේ "කොලේජ්" එකකින් මැනේජ්මන්ට් වගේ ක්ෂේත්‍රයකින් වසරක පමණ ඩිප්ලෝමාවක් කරන්න කියන්න. ඊටපස්සේ ලංකාවේ ලැබූ පළපුරුද්දත් එක්ක හොඳ රැකියාවක් ගන්න පුලුවන් (නි)
චාමර ඇමරිකාවේ හොද රැකයාවක් කරන්න ඇමරිකාවේ පිලිගත් ආයතනයකින් ගත් සහතිකයක් තිබිය යුතුයි. අයියාට ඇමරිකාවේ "කොලේජ්" එකකින් මැනේජ්මන්ට් වගේ ක්ශේස්ත්‍රයකින් වසරක පමන ඩිප්ලෝමාවක් කරන්න කියන්න. ඊටපස්සේ ලන්කාවේ ලැබූ පලපුරුද්දත් එක්ක හොද රැකියාවක් ගන්න පුලුවන්. (ර)
ඔබ හිතට ගත්තොත් කිසිම ආඩම්බරයක් නැති කෙනෙක්ට වුණත් තමන්ගේ රටේදී දියුණු වෙන්න පුළුවන්. ටිකක් දුක් විඳින්න වෙයි. ඒක කොහෙදිත් එහෙමයි (බ)
චාමර ඇමරිකාවේ හොද රැකියාවක් කරන්න ඇමරිකාවේ පිලිගත් ආයතනයකින් ගත් සහතිකයක් තිබිය යුතුයි... අයියාට ඇමරිකාවේ කොලේජ් එකකින් මැනේජ්මන්ට් වගේ ක්ෂේත්‍රයකින් වසරක පමණ ඩිප්ලෝමාවක් කරන්න කියන්න.. ඊටපස්සේ ලංකාවේ ලැබූ පලපුරුද්දත් එක්ක හොද රැකියාවක් ගන්න පුලුවන්...(බ)
චාමර ඇමරිකාවේ හොඳ රැකයාවක් කරන්න ඇමරිකාවේ පිලිගත් ආයතනයකින් ගත් සහතිකයක් තිබිය යුතුයි... අයියාට ඇමරිකාවේ කොලේජ් එකකින් මැනේජ්මන්ට් වගේ ක්ෂේත්‍රයකින් වසරක පමන ඩිප්ලෝමාවක් කරන්න කියන්න.. ඊට පස්සේ ලංකාවේ ලැබූ පලපුරුද්දත් එක්ක හොඳ රැකියාවක් ගන්න පුලුවන්. (ස)
චාමර ගේ සහෝදරයා කිසි දෙයක් කර ගන්න බැරි කෙනක් වෙන්න ඕනේ , මම අවුරුදු 18 මෙහා ඉන්නවා හොඳම රට තමා ජීවත් වෙන්න ඇමරිකාව. ලංකාවේ ඉන්න සේරම හොඳට ඉන්නවා මෙහෙ (බ)
ජයවේවා! (නි)
රොෂාන් , හොර එකකට අහුවෙලා ඩොලර් 4000/- ගන්නේ නැහැ. ලංකාවේ අය හරියට ලණු කනවා (නි)
හැම කෙනෙක් අතේම තුවක්කු. (ත)
හැම එකාගේ අතේම තුවක්කු කකුල පෑගුනත් බයේ බැහැ.හොඳම රටලු මැරුම්කන්නද දන්නේ නැහැ. දෙකට බෙදීගෙන නං දොඩවනවා. උණ විකාරෙට හපන් මේ විකාරේ. (බ)
මොකද මේ මේකටත් සමහරු දොස්කියලා තියෙන්නේ (නි)
අනේ මන්දා මට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)
ඉතාලි ගිය අපේ නෑයෝ නිවාඩුවට එන්නේ තෑගි නැව් පිටින් අරන්, ඇවිල්ලා රට වටේටම නෑදෑයෝ ට්‍රිප් අරන් යන්නේ බස් පිටින්, ඉන්න දෙන්නෙත් තරු හෝටල් වල, හදන ගෙවල් මාලිගා පරාදයි. සප්පායම් වෙන්න ගියත් ඉතින් ඉහළම බෝතල් තමයි. නමුත් අපේම ඇමරිකාවේ ඉන්න නෑයෝ එන්නෙත් කලාතුරකින් ඒ ආවත් වියදම් කරන්නේ රුපියලත් දෙකට බෙදල. දෙගොල්ලොම මට එන්න කියනවා නමුත් කොහේ යන්නද කියලා හිතා ගන්න අමාරුයි. (බ)
අනේ මමත් යන්න ඕන ..... කියක් ගියත් කමක් නෑ(රේ)
දිල්ෂාන් කියන විදියට ලොකු රැකියාවල් කරන ඇමෙරිකාවේ ඉන්න අයටවඩා ඉතාලියේ ඉන්න අයගේ ධනවත් බවේ රහස මොකක්ද?(රේ)
මට නම් ඇමරිකාවේ කොම්පියුටර් කොටන රස්සාවම තමයි අවශ්‍ය. ඉක්මනටම කෝටිපතියෝ වෙන්න පුළුවන්ලු.(රේ)
ඇමරිකාවේ කොම්පියුටර් කොටන රස්සාව කරලා කෝටිපතියෝ වී එහේ මාලිගා දෙක තුන අරගෙන ඉන්න අයම ඇමරිකා විරෝධීන් වී ඇත්තේ මක් නිසාද? මොනවා වුනත් ඇමරිකාව අපේ මිත්‍ර රටක් නෙවෙයිනේ. ඒ නිසා මම නම් චීනෙන්, රුසියාවෙන්, ලිබියාවෙන් හැර වෙනත් රටවලින් ග්‍රීන් කාඩ් ගන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කිවූ රටවල ග්‍රීන් කාඩ් තිබේද යන්නත් ඒවායේදී කොම්පියුටර් කොටන රස්සාව කරලා කෝටිපතියෝ වෙන්න පුලුවන්ද යන්නත් කවුරුහරි රටේ ලෝකේ විස්තර දන්නා කෙනෙක් අපිට කියා දෙනවාද? (බ)
ඇමරිකාවේ කොම්පියුටර් කොටන රස්සාව කරලා කෝටිපතියෝ වී එහේ මාලිගා දෙක තුන අරගෙන ඉන්න අයම ඇමරිකා විරෝධීන් වී ඇත්තේ මක් නිසාද? මොනවා වුණත් ඇමරිකාව අපේ මිත්‍ර රටක් නෙවෙයිනේ. ඒ නිසා මම නම් චීනෙන්, රුසියාවෙන්, ලිබියාවෙන් හැර වෙනත් රටවලින් ග්‍රීන් කාඩ් ගන්න බලාපොරොත්තුවක් නැහැ.(ම)
ඇමරිකාවේ කොම්පියුටර් කොටන රස්සාව කරලා කෝටිපතියෝ වී එහේ මාලිගා දෙක තුන අරගෙන ඉන්න අයම ඇමරිකා විරෝධීන් වී ඇත්තේ මක් නිසාද? මොනවා උනත් ඇමරිකාව අපේ මිත්‍ර රටක් නෙවෙයිනේ. ඒ නිසා මම නම් චීනෙන්, රුසියාවෙන්, ලිබියාවෙන් හැර වෙනත් රටවලින් ග්‍රීන් කාඩ් ගන්න බලාපොරොත්තුවක් නැහැ. මේ කිවූ රටවල ග්‍රීන් කාඩ් තිබේද යන්නත් ඒවායේදී කොම්පියුටර් කොටන රස්සාව කරලා කෝටිපතියෝ වෙන්න පුලුවන්ද යන්නත් කවුරුහරි රටේ ලෝකේ විස්තර දන්නා කෙනෙක් අපිට කියා දෙනවාද? (රේ)
ඊළඟ ලොතරැයි වාරය මොන අවුරුද්දේද? (නි)