ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 152 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඊයේ දිනයේ (22) දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන ගැනුම් මිල රු. 148.35 ක්වූ අතර එහි විකුණුම් මිල දැක්වුණේ රු. 152.12 ක් පරිද්දෙනි.
මේ අතර අද (23) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 148.602 ක් ලෙසින් දැක්වුණු අතර විකුණුම් මිල රු. 152.37 ක් ලෙසින් සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සාක්කුවේ සල්ලි පුරවනවා (නි)
නියමයි අනුර. එයාගේ මොලේ තමයි මොලේ. (බ)
මෙතෙක් ලංකා ඉතිහාසයේ ඉතාම බුද්ධිමත් කාර්යශූර, පාර්ලිමේන්තුවේදී කිසිම අවස්ථාවක විහිළු කතා නොකියන, අහන ප්‍රශ්නයටම කෙළින්ම පිළිතුරු සපයන, කොටස් වෙළඳ පොළේ කටයුතු වලට හා මහ බැංකුවේ කටයුතු වලට කිසිම ආකාරයෙන් මැදිහත් නොවන කෙනෙක් සිටිනවිටදී හා මුදල් කටයුතු වලට වගකියන තවත් බුද්ධිමතෙක් සිටිනවිට බය වෙන්න ඕනෑ නැහැ අපි. ඩොලරය රුපියල් දෙසීයක් වුණත් ඔක්කොම කරකවලා ගනී. (නි)
සිම්බාබ්වේ ඩොලරයට වුණ දේ අපිට මතක් වෙනවා. පාන් ගෙඩියක් ගන්න සල්ලි වීල් බැරෝවකින් ගෙනියන්න වෙන කාලය ඉතා ළඟ වගේ පේනවා. (නි)
කොහොමද වැඩේ? අනේ අනිච්චං! (නි)
ජය වේවා! (නි)
කොහොමද අපේ මුදල් ඇමතිතුමාගේ මූල්‍ය කලමණාකරණය. ජය වේවා! (නි)
දැක්ක නේද යහපාලනය. ඉතා ඉක්මනින්ම ඩබල් සෙන්චරිය ගහනවා. කමෝන්. ජයවේවා! (නි)
ඉතින් මේකේ අතුරු ප්‍රතිඵල අපිට ඉක්මණින් ලබාදෙන්නකෝ (නි)
අපිට සතුටුයිනේ දැන්! (නි)
වැඩිවුණත් අඩුවුණත් අපි සැමදාම දුකේ! (නි)
අහන්නත් ආසාහිතෙන දෙයක්. පැතූ වෙනස කෙතරම් සුන්දරද. ඔහොම යමු! (නි)
ඕක අද විතරක් නොවෙයිනේ ඉතින් සිදුවුණේ (නි)
ජනහිත, තව ටික දවසකින් හුදී ජනයාගේ පහසුව පිණිස 50000 සහ ලක්ෂයේ නොට්ටුත් මුද්‍රණය කරාවි (නි)
ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 152 සීමාව ඉක්මවාගොස් තිබේ කිවුවම අපේ සමහර දේශපාලුවෝ ගමට ගිහිල්ලා කියනවා තේ, පොල්, රබර් වගේ අපි දැන් ඇමරිකානු ඩොලරුත් විකුණලා ලොකු අාදායමක් ගන්නවා කියලා (නි)
අපේ රුපියල් ගෙනියන්න විල්බැරෝවක් ඕනෑවෙන දවස වැඩිකල් නොයාම එන්න පුළුවන් මේ යන විදිහට. (නි)
දැන් ඉතින් ඉදිරිය කෙසේවෙයිද? (නි)
අහන්න. කොතරම් සුන්දරද ආනන්දජනකද. දැන් කියයි රුපියල් වලින් ලංකාවට විශාල අාදායමක් ලැබෙනවා කියලා. වියදම්, ණය ගෙවීම් ගැන නෝ කතා. (නි)
සැමදාම මිල බැලුවොත් ඉතිහාසයේ පළමු වරට විකුණුම් මිල තමයි දකින්නට හැක්කේ. ඇයි හැමදාම මිල වැඩිවෙනවානේ. (නි)