(නාලක සංජීව දහනායක)
මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආයෝජන අවස්ථාවන් සිදුකිරීමට අවසර ගැනීමේදී සිදුවන ප‍්‍රමාදයන් අවම කිරීම සඳහා කඩිනමින් නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන,සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇත.
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා තාවකාලිකව අන්තර්ජාලය ඔස්සේම අනුමැතිය ලබාදීමටත් පියවර ගෙන තිබේ.
කිසියම් ආයෝජකයකුට මෙරට ආයෝජනය කිරීමේදී තවත් රාජ්‍ය ආයතන රාශියක අනුමැති ලබාගැනීමට සිදුවේ. ඒ ඒ ආයෝජනයේ ස්වභාවය අනුව එලෙස අනුමැතිය ලබාගත යුතු ආයතන සංඛ්‍යාව 28 යැයි හඳුනාගෙන ඇත.
රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, භූ විද්‍යාත්මක සමීක්‍ෂණ සහ පතල් කාර්යංශය, ආගම හා විගමන දෙපාර්තමේන්තුව, නගර සභා පළාත් පාලන ආයතන, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය” ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධන සංස්ථාව, වනජීවි දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායන ඖෂධ පාලන දෙපාර්තමේන්තුව එලෙස හඳුනාගෙන ඇති ආයතන වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඉඩම නිරවුල් කරලා දෙන්න ඉල්ලපු බර ගාන වගේ ගානක් ඉල්ලයිද දන්නේ නැහැ උපදෙස් දෙන්න. මණ්ඩලේට උපදෙස් දෙන්න තරම් මෙයා බුද්ධිමතෙක්ද? මෙයාගේ සුදුසුකම ටිකක් අපි දැනගන්න කැමතියි.
උපදෙස් දෙන්න කියාපු කෙනා...
මෙයාගේ උපදෙස් ගත්තොත් සුසන්ත කපෝති... BOI එක හාන්සියි..
පොදුජනතාව කෙසේවෙතත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සැවොම දන්නවා පත්කරලා තියෙන ආයෝජන මණ්ඩල සභාපතිතුමා ගැන... නොදන්නා අයගේ දැනගැනීම පිණිස මේ පවසන්නේ, කාලෝචිත නිසි ආයෝජනයන්ගෙන් දියුණුවෙන් දියුණුවට පත්වෙච්ච සමාගම් සමූහයක හිටපු සභාපතිවරයකුට උපදෙස් දෙනවායි කියන්නේ කවුද? එහෙයින් ඔහුගේ ආයෝජන නිසිලෙස විමර්ශනය කර යෙදවීමේ හැකියාව ගැන හා අධ්‍යාපන කුසලතාවයන් ගැන වැඩි අටුවා, ටීකා, අනවශ්‍යයයි. පටු දේශපාලු ඇඟිලි ගැසීම් නැති වුවහොත් මෙරටට අත්‍යාවශ්‍ය දිගුකාලීන ආයෝජකයින්ගෙන් අඩුවක් නැතිවේවි කියන විශ්වාසයත් ඇති කරගත හැකිවේවි...!!! අපි කෙරුවා පරම්පරා ගාණකට හම්බ කරගත්තා යැයි කියන්න විතරක් දේශපාලුවෝ ටික හිටියාම ඇති...
මම හිටපු කැබිනට් ඇමති කෙනෙක් දැන් මම මෙයාගේ යටතේ රාජ්‍ය ඇමති... මේ ඇමතිගේ සුදුසුකම් ගැන මුළු රටම දන්නවා ඒ නිසා මම කටවහගෙන ඉන්නවා.
ජනතාව විසින් රට වෙනුවෙන් කලයුතු විශාල යුතුකමක් තියෙනවා. එනම් මහ ඡන්දයේදී සුදුසුකම් සහිතව වෘත්තීය පලපුරුද්දක් සහිත පුද්ගලයින් ඔබේ ඡන්ද කොට්ඨාශයෙන් පාර්ලිමේන්තු යැවීමයි.
ගෝඨාභය මහත්තයෝ අපි ඔබ තුමාට ඡන්දෙ දුන්නේ මේ වගේ අයට ඇමති කම දෙන්නද.