IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඇනලොග් රූපවාහිනී නාලිකා විකාශන බලපත්‍ර දීම අත්හිටුවයි

නිමල කොඩිතුවක්කු


භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා (Analog Terrestrial System) ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන භෞමික ප්‍රතිසම රූපවාහිනී තාක්ෂණික ක්‍රමවේදය යටතේ නාලිකා පවත්වාගෙන යාම සඳහා මේ වන විට ආයතන 16 ක් වෙත නිකුත් කර ඇති බලපත්‍ර උපයෝගි කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය නාලිකා 5 ක්ද ඇතුළුව රූපවාහිනී නාලිකා 24 ක් රට තුළ දැනට පවත්වාගෙන යනු ලබයි. 
මෙම විකාශන පද්ධතිය වෙනුවට නවීන තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් තනි ඩිජිටල් භෞමික විකාශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2025 වර්ෂයේ දී ආරම්භ කර ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය විසින් ගිවිසුමකට එළඹ ඇති අතර, ව්‍යාපෘතිය 2029 වර්ෂයේ දී අවසන් කිරීමට නියමිතව තිබේ. ව්‍යාපෘතිය අවසන් වී වසර 2කින් පසු පැරණි භෞමික ප්‍රතිසම රූපවාහිනී විකාශන පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීමට නියමිතය.

 



අදහස් (0)

ඇනලොග් රූපවාහිනී නාලිකා විකාශන බලපත්‍ර දීම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 184 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1132 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site